Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 19 වැනි අදියරේ ශූරයා හැගන්

19 වැනි අදියරේ ශූරයා හැගන්

ශනුක අරවින්ද - 2017 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ 19 වැනි අදියර ජය ගැනීමට නෝර්වේහි එඞ්වල්ඞ් හැගන් සමත් විය. කිලෝ මීටර් 222.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ එම්බූරන් නරගයෙන් ආරම්භ සැලොන් ඩි ප්‍රොවෙන්ස් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා හැගන්ට ගත වූ කාලය පැය 5 යි විනාඩි 06 යි තත්ත්පර 09 කි.

හැගන්ට වඩා තත්ත්පර 5 ක් පසුපසින් පැමිණ තරගය අවසන් කළ ජර්මනියේ නිකියාස් අර්න්ඞ්ට් 19 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, හැගන්ට වඩා තත්ත්පර 17 ක් පසුපසින් පැමිණි බෙල්ජියමේ ජෙන්ස් කෙවුකෙලෙයිරි තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. ඉතාලියයේ ඩැනියෙල් බෙනාටි සහ බෙල්ජියමේ තෝමස් ද ග්‍රෙන්ඞ්ට් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

තරගයේ 19 වැනි අදියර ජයගැනීමට හැගන් සමත් වුවද, මුල් අදියර 18 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල ඔහුට හිමිව ඇත්තේ සමස්ත තරගයේ 77 වැනි ස්ථානයයි.

අදියර 19 ක් අවසන් වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට සිටින මහ බි්‍රතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත්ව සිටින අතර ඒ සඳහා ඔහුට ගතවී ඇති මුලු කාලය පැය 83.26:55 කි. ෆෝම්ට වඩා තත්ත්පර 23 ක් පසුපසින් සිටින ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ෆෝම්ට වඩා තත්ත්පර 29 ක් පසුපසින් සිටින කොලොම්බියාවේ රිගොබර්ටෝ ඌරන් එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.

පාපැදි සවාරියේ 20 වැනි අදියර අද (22 වැනිදා) මර්සෙයිලී නරගයෙන් ආරම්භ මර්සෙයිලී නගරයෙන්ම අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 22.5 කි.

සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 83.26:55
2 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 83.27:18
3 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 83.27:24
4 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 83.28:31
5 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 83.28:50
6 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 83.29:51
7 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 83.31:41
8 ලුවිස් මේයින්ට්ජෙස් (දකුණු අප්‍රිකාව) - පැය 83.33:47
9 වැරෙන් බර්ගුයිල් (ප්‍රංශය) - පැය 83.35:17
10 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඤ්ඤය) - පැය 83.35:29

 

 

-036

 


අදහස් (0)

19 වැනි අදියරේ ශූරයා හැගන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.