Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අගමැති කුසලාන ලලිත් ඇතුළත්මුදලි විදුහලට

අගමැති කුසලාන ලලිත් ඇතුළත්මුදලි විදුහලට

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියට සමගාමීව පැවැති ‘අගමැති කුසලාන’ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල සමත් විය. කොළඹ මහානාම විදුහලට අනු ශූරතාව හිමිවිය.

කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (13) පස්වරුවේ පැවැති අවසන් මහ තරගයේදී ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 17-14 කින් කොළඹ මහානාම විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ජයග‍්‍රාහි ලලිත් ඇතුළත්මුදලි විදුහල ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර මහානාම විදුහලට ගෝල 2 කින් ලකුණු එකතු විය.

ලලිත් ඇතුළත්මුදලි විදුහලට එච්. ඒ. මධුසංඛ සහ එල්. කේ. නිශ්ශංක උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. එච්. ඒ. මධුසංඛ ගෝල ප‍්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කිරීමට ද සමත් විය.

මහානාම විදුහලට ඞී. ටී. දිසානායක සහ අයේෂ් විදුරංග උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර ඞී. ටී. දිසානායක ගෝල ප‍්‍රවර්ථන ද සාර්ථක කළේය.

මහානාම විදුහල් පිල තගරයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-3 ක් ලෙස පෙරමුණේ පසු විය. ලලිත් ඇතුළත්මුදලි විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ජයග‍්‍රහණය උදුරා ගැනීමට සමත් වූහ.

 

 

ලලිත් ඇතුළත්මුදලි - මහානාම අගමැති කුසලාන රග්බි තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ලහිරු හර්ෂණ  


අදහස් (0)

අගමැති කුසලාන ලලිත් ඇතුළත්මුදලි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.