Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අතිරේක කාලයේදී ජර්මනිය ජයගනී

අතිරේක කාලයේදී ජර්මනිය ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අප්‍රිකානු පාපන්දු ක්‍රීඩාවේ මිශ්‍රණයට සාර්ථකව මුහුණදුන් ජර්මනිය ගෝල 2-1 කින් ඇල්ජීරියාව පරදවා අර්ධ අවසන් පූර්ව වටයේ තැනක් වෙන්කර ගත්තේය. එහෙත් බේරා රියෝ  ක්‍රීඩාගණයේ පැවැති මේ තරගයේ නියමිත කාලය අවසන් වනතුරුම ජර්මනියට ජයපැන් බීමට ඇල්ජීරියාව ඉඩ දුන්නේ නැත.

විශේෂයෙන් තරගයේ පළමු භාගයේ දී ඇල්ජීරියාව වෙතින් ජර්මනියට එල්ල වූයේ සුලුපටු අභියෝගයක් නොවේ. ජර්මනියේ දැල් රකින්නා පසු කිරීමට වරක් ඇල්ජීරියාවේ නොම්මර එකේ ක්‍රීඩක ඉස්ලාම් ස්ලිමානි ගත් උත්සාහය අපතේ ගියේ යාන්තමිනි. ඒ අතරතුර උතුරු අප්‍රිකාවේ දුෂ්කර පාපන්දු ක්‍රීඩාවේ තරම වටහා ගැනීමට ජර්මනියේ දැළ රකින්නාට කිහිප අවස්ථාවක්ම ලැබිණ.

ජර්මනියේ ජයග්‍රහණය තහවුරු වූයේ නියමිත කාලයට පසුව ලබාදුන් අතිරේක කාලසීමාවේදීය.

තෝමස් මුලර්ගේ පන්දු පිරි නැමීමක් සාර්ථක කරගනිමින් ජර්මනියට පළමු ගෝලය ලබා දුන්නේ ඇන්ඩ්‍රි ෂූර්ල්ය. අනතුරුව  මෙසුට් ඔසිල් ලබාගත් ගෝලය 2-0 කින් ජර්මනිය ඉහළ දැමුවේය. ඇල්ජීරියාව වෙනුවෙන් අවසන් මොහොතේ අබ්දුල් ඩ්ජාබෝ ගෝලයක් ගැසුවත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැත.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ජර්මනිය තරග වදින්නේ ප්‍රංශය සමගය.  එම තරගය පැවැත්වෙන්නේ රියෝ ද ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේදීය.

පිළිමළුන් පිටු දැකීමේ වටයේ නවතම තත්ත්වය

 


අදහස් (0)

අතිරේක කාලයේදී ජර්මනිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.