Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මූලික වටයේ දී එංගලන්තයට සහ වේල්සයට එරෙහිව ඉතා තියුණු තරග දෙකකින්ම ජයගත් ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා අර්ධ අවසන් පූර්ව වටයට එක්වූවත් ඔවුන්ගේ වඩාත්ම දුෂ්කර තරගය ඉරිදා ස්කොට්ලන්තය සමග ට්විකන්හැම් හී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය බවය වොලබීස්ලාගේ පුහුණුකරු මයිකල් චීකාගේ විශ්වාසයයි.
රාතී‍්‍ර ශි‍්‍ර ලංකා වේලාවෙන් අද රාතී‍්‍ර 8.30 ට පැවැත්වෙන මේ තරගයට ඉතා පරිස්සමින් යුතුව පටි තදකොට බැඳ ගන්නැයි ඔහු දැනටමත් සිය ගෝලබාලයන්ට උපදෙස් දී තිබේ.
මෙවර තරගමාලාවේ කුසලානය දිනාගනු ඇතැයි සැළකෙන කණ්ඩායම ලෙස කවුරුත් ඕස්ටේ‍්‍රලියාව හැඳින්වූවත් චීකා නම් එය එහෙම පිටින්ම ප‍්‍රතික්ෂේප කරයි.
”අපි වෙබ් එලිස් කුසලාන දිනාගනිවි කියලා නම් හිතන්නේ නෑ” යයි චීකා සිකුරාදා පැවැති පුවත්පත් සාකච්ඡුාවකදී වාර්තාකරුවන්ට කීවේය.
”මාස කිහිපයකට පෙරදී නම් කවුරුවත් එහෙම කිව්වේ නෑ”
”තරගමාලාවේ මුල් හරියේ දී පෙනෙන්නට තිබුණු ස්වභාවයත්, ප‍්‍රතිඵලත් නිසා පසුව එහෙම කියන්න ඇති. කොහොමවුණත් මට නම් හිතෙන්නේ හෙට තරගය තමයි අපේ දුෂ්කරම තරගය වෙන්නේ. අපේ කොල්ලන්ටත් එහෙම තමයි හිතෙන්නේ” යයි මයිකල් චීකා සිකුරාදා කීවේය.
කෙසේවුවත් සිය කණ්ඩායම නම් කිරීමට චීකා අන්තිම මොහොත දක්වා කල් මැරුවේ කෙණ්ඩයේ ආබාධයකට ගොදුරුවී සිටි ෆ්ලැන්කර් ඬේවිඞ් පොකොක්ගේ සහ වළලූකරේ ආබාධයකට ලක්වී සිටි ෆුල් බෑක් කී‍්‍රඩක ඉස්රායිල් ෆොලවුගේ සහභාගීත්වය තහවුරු කරගැනීමට වුවමනා නිසාය.
”තරගය තීරණාත්මකයි”
”ශාරිරිකව හා මානසිකව එක විදිහට වෙහෙස විය යුතු තරගයක්. අපි බාගෙවිට පීඩනයට පත්වෙන අවස්ථාවන් ද ඇතිවිය හැකියි. එවැනි තැන්වලින් අපිව ගොඩ දමන්න පුලූවන් තරමේ දක්ෂයන් තමයි හෙට තරගයට දැමිය යුත්තේ” යයි චීකා කියයි.
මේ අතර වොලබීස්ලාට එරෙහිව ස්කොට්ලන්ත කණ්ඩායම සවිබල ගන්වමින් ඉදිිරිපෙළ කී‍්‍රඩකයන් ලෙස ෆේ‍්‍රසර් බ‍්‍රවුන් සහ ටිම් ස්වින්සන් කණ්ඩායමට කැඳවා තිබේ.
ඔවුන්ට මේ වෙනස්කම කිරීමට සිදුවූයේ හුකර් කී‍්‍රඩක රෝස් ෆෝඞ් සහ ලොක් කී‍්‍රඩක ජොනී ගේ‍්‍ර මූලික වටයේ අවසන් තරගයේ දී සැමෝවා පිලේ ජැක් ලැම්ට ඉතා දරුණු කකුල් මාට්ටුවක් දැමූ හෙයින් සති තුනක තරග තහනමකට ලක්වීමෙනි. කෙසේ වෙතත් ඔවුන් දැන් ඒ තහනමේ කාලසීමාව අඩුකරගැනීමට අපෑලක් ඉදිරිපත් කොට තිබේ.
ෆ්ලැන්කර් රයන් විල්සන් වෙනුවට බ්ලෙයාර් කෝවන් ද, පිට ප‍්‍රදේශයේ ආබාධයක් නිසා කී‍්‍රඩා නොකරන මැට් ස්කොට් වෙනුවට පීටර් හෝර්න් ද කණ්ඩායමට එක්වී සිටිති.
” ඕනෑම තරගාවලියක අවසන් අටට එක්වීම නිතරම සතුට ගෙනදෙන කරුණක්. කොල්ලෝ ටික හෙට වනතුරු පුල පුලා බලාගෙනයි ඉන්නේ” ස්කොට්ලන්තයේ පුහුණුකරු වර්න් කොටර් එසේ කියයි.
”අපි හෙට තරගයට එක්වෙන්නේ ශක්තිමත් ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කරලා අවසන් කණ්ඩායම් හතරට යාහැකි බවට දැඩි විශ්වාසයෙන් යුතුවයි”
” ඕස්ටේ‍්‍රලියාව කියන්නේ නිතරම ඉදිරියටම යන කණ්්ඩායමක්. ඒ නිසා අපේ ආරක්ෂක වළල්ල ගැන තමයි වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ. ඒ වගේම පන්දුව පුලූවන් හැම මොහොතේදීම අපේ අතට ගැනීමයි සැලසුම විය යුත්තේ” යයිද කොටර් කියයි.
දෙපිල අතර අවසන් වතාවට 2013 දී මරේෆීල්ඞ් හි පැවැති තරගයෙන් ජයගත්තේ වොලබිස්ලාය.
නමුත් 2012 දී වොලබීස්ලා ඔවුන්ගේ භූමියේදීම පරාජය කිරීමට ස්කොට්ලන්තය සමත්විය. 2009 දී එඩින්බරෝ හී දිත් වොලබීස්ලා ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වී තිබිණි. ඒ අනුව අවසන් වතාවට දෙපිල මුණගැසුණු අවස්ථා තුනෙන් දෙකක්ම ජයගෙන ඇත්තේ ස්කොට්ලන්තයයි.
එහෙත් ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු කියන්නේ ඒවා අදාළ නැති බවය.
”කළින් ගහපු මැච් අමතක කරන්න වෙනවා”
”අපිට හිතන්න තියෙන්නේ කණ්ඩායම් දෙකක් මිනිත්තු 80 ක් පුරා කරන තරගය ගැන විතරයි. ඒක තමයි වැදගත්..” ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු චීකා එසේ කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.