Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම උණුසුම් මූලික වටය ආරම්භ කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සොයා එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ වේල්සය මෙවර තරගමාලාවේ ‘ඒ ‘ කාණ්ඩයෙන් තරග වැදීමට එක්වී සිටිති. එම කාණ්ඩයටම එක්වී සිටින ෆිජී කණ්ඩායමද කිසි සේත්ම අඩුවෙන් තක්සේරු කළ හැකි කණ්ඩායමක්ද නොවේ. අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව වේල්සය (5 වැනි ස්ථානය) සහ ෆිජී පිල (9 වැනි ස්ථානය) අතර ඇත්තේ ප‍්‍රසාද ලකුණු 7.59 ක් පමණි.
අන්තර්ජාතික රග්බි විචාරකයන් ‘ඒ’ කාණ්ඩය හඳුන්වන්නේ අතුරේ යන්නන්ගේ කාණ්ඩය ලෙසිනි.සාමාන්‍යයෙන් රග්බි ලෝක කුසලාන තරගමාලාවේ මූලික වටයේ දී ඕනෑම කාණ්ඩයකට ප‍්‍රබල කණ්ඩායම් දෙකක් එක්වන බැවින් අවසන් කණ්ඩායම් අටට පැමිණෙන්නේ කවුරුන්දැයි අනාවැකි පළ කිරිම පහසු කරුණකි. එහෙත් මෙවර එවැනි අනාවැකි පළ කිරීමට නොහැකි තරමට තත්ත්වය බැරෑරුම් වී තිබේ.
වසර 2012 දී මේ කාණ්ඩ ගතකිරීම සිදුවූයේ එවකට ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. එබැවින් ‘ඒ’ කාණ්ඩයට කණ්ඩායම් ඇතුළත් කිරීමේ දී සංවිධායකයන්ට දැඩි විවේචනවලට ලක් වීමට සිදුවූවත් එය නියමිත ආකාරයෙන් සිදුවූ එකකි. එම කාණ්ඩයට එක්වී සිටින එකම දුර්වල කණ්ඩායම වී ඇත්තේ උරුගුවේ පිල පමණි.
මේ තෝරාගැනීම ගැන ගැටළුවක් මතුවන්නේ නම් ඒ වේල්ස් කණ්ඩායම ගැන පමණි. කාණ්ඩ ගතකිරීම සිදුවන විට වේල්සය තරග 7 ක්ම පරාජයට පත්ව ශ්‍රේණිගත කිරීම්වල සිටියේ 9 වැනි තැනය. ඉහළින් පසුවූ කණ්ඩායම් අටම ප‍්‍රබල කණ්ඩායම් වූහ.
ඒ වසරේදීම නොවැම්බරයේ ඕස්ටේ‍්‍රලියාව විසින් වේල්සය පරාජයට පත්කරනු ලැබුවේ හුදෙක් වානිජමය පරමාර්ථ මුදුන්පත් කරගැනීමේ කාරණය උදෙසාය. ඔවුන් ඒ තරගය කී‍්‍රඩා නොකළා නම් ඔවුන්ට ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන රැකගැනීමට ඉඩ තිබිණි. එහෙත් බොහෝ රග්බි සංගම්වල වානිජමය පරමාර්ථ සැමට ඉහළින් හිස ඔසවා ඇති බැවින්ද, රග්බි කී‍්‍රඩාව වෘත්තීමය තත්ත්වයකට පත්වී ඇති බැවින්ද මෙවැනි යුගයක එවැන්නක් නොවැළැක්විය හැකි තත්ත්වයකි.
වේල්සයට දැන් මුහුණපාන්නට සිදුවී ඇත්තේ ඊට වඩා බරපතල කාරණාවකටය. ලකුණු 23-19ක ජයක් අත්වූ ඉතාලිය සමග පැවැති පුහුණු තරගයේදී ඔවුන්ගේ නොම්මර එකේ ගෝල් රැස් කරන්නා වූ ලීෆ් හාෆ්පෙනී දරුණු ලෙස දණහිසේ ආබාධයකටත්, ඒ තරගයේදීම මුල් භාගයේ දී දස්කම් අතර සිටින ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක රයිස් වෙබ් පාදයේ ආබාධයකටත් ලක්වීමෙන් මුලූ තරගමාලාවෙන්ම ඉවත්වීම නිසා වේල්ස් පිල දැන් අලි අමාරුවක වැටී සිටියි.
අවසන් අටට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරාගැනීමේ දී ප‍්‍රසාද ලකුණු පිළිබඳ වැඩි අවධානයක් මූලික වටයේදී යොමුවන බැවින් හාෆ්පෙනිගේ අඩුපාඩුව වේල්සයට දැඩි ලෙස බලපානු ඇත. කෙසේවුවත් ඔවුන්ගේ ප‍්‍රහාරාත්මක කී‍්‍රඩකයන් වන සෙන්ටර් කී‍්‍රඩක ජැමී රොබට්ස් සහ වින්ග් කී‍්‍රඩක ජෝර්ජ් නෝර්ත් තවමත් කණ්ඩායමේ ඉතිරිව සිටීම යම් තරමක සහනයක් වනු ඇත. එහෙත් වේල්සය සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැති අවසන් ටෙස්ට් තරග දහයේදීම වේල්ස් පිල පරාජයට පත්විය.
‘ඒ’ කාණ්යේ තරග 10 න් තරග 4 ක්ම පැවැත්වෙන්නේ ට්වීකන්හැම්හිදීය. ඒවායින් දෙකකදීම වේල්ස් පිල ඕස්ටේ‍්‍රලියාව සමගත් එංගලන්තය සමගත් තරග වදී.
”ඔබලා (මාධ්‍යය) පුලූවන් තරම් මේ කරුණ ගැනත්, අපි ගැනත් ලියනවානම් අපිටත් පුළුවනි යමක් කරන්න...දැන් සිදුවෙමින් පවතින්නේ එයයි. ඒක තමයි වේල්සයට තරගාවලියේ රැඳී සිටීමට ලැබෙන හොඳම උත්තේජනය.” මේ ගැන විරෝධය දක්වමින් වේල්සයේ පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් කියා සිටියේය.
එංගලන්තය පැත්තෙන් ගත්විට ඔවුන්ට සිය දස්කම් විදහා දැක්වීමට සිකුරාදා (ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා අලූයම 12.30) ෆිජී කණ්ඩායම සමග ඇරැඹෙන තරගයත් සමග අවස්ථා තුනක් ලැබී තිබේ. වසර 2012 දී ස්ටුවර්ට් ලැන්කැස්ටර් කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාරගැනීමෙන් පසුව එවැනි දස්කම් ඔවුන් වෙතින් විද්‍යාමාන වූයේ ඉතා අල්ප වශයෙනි. එංගලන්ත කී‍්‍රඩකයන්ගේ පෙළගැස්ම සම්බන්ධව සැක සාංකා රැසක් මතුවී තිබේ.
වැඩි අවධානයක් යොමුවී තිබූ කණ්ඩායම පසුබෑමට ලක්වන අවස්ථාවන් හී යළි තරගය අවතීර්ණවීමට වැඩි දායකත්වයක් ලබා දෙන හුකර් කී‍්‍රඩක ඩිලාන් හාට්ලි විනය සම්බන්ධ කරුණක් හේතුවෙන් තරගයෙන් ඉවත් කොට තිබේ. පසුපෙළ විංග් කී‍්‍රඩකයන් වන ඇන්තනී වොට්සන් සහ ජොනී මේ සමගින් නැවත තරගයට අවතීර්ණවීමට තරම් ශක්තියක් ඔවුන්ට තිබේදැයි යන්නත් ගැටළුවකි.
නමුත් තරගාවලියට සත්කාරකත්වය දැක්වී හේතුවෙන් එංගලන්තයට ලැබෙන සිය කී‍්‍රඩාලෝලීන්ගේ සහය අතිරේක වාසියක් මෙන්ම වැදගත් සාධකයක් බවටද පත්වනු ඇත.
”අපේ රටේ කී‍්‍රඩාංගණවල පැවැත්වෙන නිසා අපි හොඳ තත්ත්වයකයි ඉන්නේ. මුලූ එංගලන්තයම අපේ සහයට සිටිනවා” යයි ලැන්කැස්ටර් කීවේය.
දෙවතාවක්ම රග්බි ලෝක කුසලානයටත්’, මේ වසරේ රග්බි ශූරතාවලියටත් හිමිකම් කියන ඕස්ටේ‍්‍රලියාව අතිවිශිෂ්ට පසුපෙළකින් සමන්විතය. නමුත් ඔවුන්ගේ ස්ක‍්‍රම් වළල්ලේ නම් සැළකිය යුතු ගැටළුවක් තිබේ. ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු මයිකල් චීකාගේ නම් බලාපොරොත්තුව වොලබීස්ලාගේ (ඕස්ටේ‍්‍රලියානු පිල) කීර්තියට ඉන් හානියක් නොවනු ඇති බවය.
”ඒ තත්ත්වය වෙනස් කිරිමට අපට කළ හැකි එකම දේ වන්නේ ඒ කලාපය තුල දස්කම් පෑමට වැඩි අවධානයක් යොමුකිරීමයි” චීකා කීවේය.
”මං හිතන්නේ අපි දැන් දියුණුවෙමින් සිටිනවා. ඇති තරමට දියුණු වෙන්න පුලූවන් නම් අපිට හොඳ ප‍්‍රතිඵල ලැබේවි”
වසර 2007 රග්බි ලෝක කුසලාන තරගමාලාවෙන් වේල්සය ඉවතට ඇද දැමූ මෙවර පැසිෆික් ජාතීන්ගේ රග්බි ශූරතාවට හිමිකම් කියන ෆිජී කණ්ඩායම ඉලක්කම් අතර සිරවීමට වඩා අන් යමක් කිරිමේ අදිටනින් පසුවෙයි.
පසුගිය වසරේ ජූනි මාසයේ සිට අපේ කණ්ඩායම දස්කම් අතරයි සිටින්නේ. අපි එය මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාව දක්වා ඇදගෙන ආවා. එය ෆිජී පුහුණුකරු ජෝන් මැකේ සිය ප‍්‍රතිවාදීන්ට කළ අනතුරු ඇගවීමකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.