Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2015/2016) හෙට (20) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී සහ හැව්ලොක්ස් පිටියේදී තරග දෙකක් පැවැත්වේ.
මෙවර තරගාවලියට නාවික හමුදා, ගුවන් හමුදා, හැව්ලොක්ස්, පොලිසිය, සී. ආර්. ඇන්ඞ් එෆ්. සී., යුද හමුදා, මහනුවර සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. යන කණ්ඩායම් සහභාගි වන බවට රග්බි සංගමය ඉදිරිපත් කර ඇති තරග කාල සටහනට ඇතුළත්ව තිබේ.
පසුගිය වසරේ තරගාවලියේ ද දෙවැනි වටයේදී තරගාවලියෙන් ඉවත් වූ සී. එච්. පිල මෙවර ද තරගාවලියෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ඊයේ (19 වැනිදා) පස්වරුව වන විට වාර්තා විය.
රග්බි සංගමයේ තරගාවලි සම්බන්ධයෙන් කටයුතු කරන රොහාන් ගුණරත්න මහතාගෙන් මේ පිළිබදව කළ විමසුමකදී පැවසුවේ සී. එච්. පිල තරගාවලියෙන් ඉවත්වීමක් පිළිබඳව නිල වශයෙන් දැනම්වත් කර නොමැති බවයි.
‘‘එවැනි දැනුම්වත් කිරීමක් මේ දක්වා කර නෑ. තරගාවලියට සහභාගි වීම සඳහා සී. එච්. පිල සංගමයෙන් පන්දු ද ඊයේ ලබා ගත්තා’’ යැයි ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
පළමු සතියේ තරග කාල සටහන
නොවැ. 20 - නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර වැලිසර නාවික හමුදා පිටියේදී (ප.ව. 4.00)
නොවැ. 20 - හැව්ලොක්ස් පිල සහ පොලිස් පිල අතර හැව්ලොක්ස් පිටියේදී (ප.ව. 6.30)
නොවැ. 21 - සී. ආර්. පිල සහ යුද හමුදා පිල අතර සී. ආර්. පිටියේදී (ප.ව. 4.00)
නොවැ. 22 - මහනුවර පිල සහ සී. එච්. පිල අතර නිත්තවෙල පිටියේදී (ප.ව. 4.00)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.