Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අයර්ලන්තයට උත්සාහක දිනුම් මල්ලක්

අයර්ලන්තයට උත්සාහක දිනුම් මල්ලක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කැනඩා පිලේ නායක ජැමී කුඞ්මෝරේ ලද කහ කාඞ් පත් සංග‍්‍රහයත් සමග ලකුණු ලබාගැනීම ආරම්භ කළ අයර්ලන්තය ඊයේ ලන්ඩනයේ කාඩිෆ් නුවර මිලේනියම් කී‍්‍රඩාංගණයේ දී උත්සාහක දිනුම් 7 ක්ම වාර්තා කරමින් ‘ඞී‘ කාණ්ඩයේ සිය පළමු තරගයෙන් ලකුණු 50-7 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත්විය.

කී‍්‍රඩාලෝලීන් 68,000 ක ඔල්වරසන් මැද උත්සාහක දිනුම් වර්ෂාවක් කී‍්‍රඩාංගණයට පතිත කළ  අයර්ලන්ත කී‍්‍රඩකයෝ පැමිණ සිටි කී‍්‍රඩාලෝලීන්ගේ උද්යෝගය මොහොතකටවත් කඩා බිඳ නොදැමීමට වග බලාගත්හ.

තරගයේ 13 වැනි මිනිත්තුවේ දී ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ජොනී සෙක්ස්ටන් ලබාගත් සාර්ථක දඩුවම් පහරකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අයර්ලන්තය තරගයේ 67 වැනි මිනිත්තුව දක්වා ප‍්‍රතිවාදීන්ට ලකුණු රැස් කිරීමට නොදී අවහිර කරගෙන සිටියහ. අයර්ලන්තය ඒ කාලය පුරා ලකුණු 36 ක්ම රැස් කළේ කිසිදු අභියෝගයකින් තොරවය.

එක් අතකින් මෙම තරගය අයර්ලන්තයට ලෝක කුසලාන තරගමාලාවේ ඉතිරිි තරගවලට කදිම ප‍්‍රවේශයක් වූවා සේම අනිත් අතට සිය කී‍්‍රඩකයන්ගේ දස්කම් උරගා බැලීමට කිසිදු බාධාවකින් තොරව ලැබුණු අවස්ථාවක් ද විය. අයර්ලන්තය වාර්තා කළ උත්සාහක දිනුම් 7 ටම කී‍්‍රඩකයන් සත්දෙනකු හිමිකම් කී අතර ඒවා බොහොමයක් ගෝල බවට පත්කරමින් තරගය පුරා අසීමිත ආශ්වාදයක් විඳගනු ලැබුවේ ජොනී සෙක්ස්ටන් විසිිනි.

ඒ අතින් ඊයේ තරගය ඔහුට බොහෝ සෙයින් අවිවේකී එකක් විය. ඊට අමතරව උත්සාහක දිනුමකට සහ දඩුවම් පහරකට ද ඔහු හිමිකම් කීවේය.

අයර්ලන්තයේ උත්සාහක දිනුම් කන්දරාව වාර්තාවූයේ තරගයේ 17 වැනි මිනිත්තුවේද ෂෝන්  ඕ‘බ‍්‍රයන් උත්සාහක දිනුමත් සමගිනි. අනතුරුව ලේන් හෙන්ඩර්සන් (24 වැනි මිනිත්තුවේදී), සෙක්ස්ටන් (27 වැනි මිනිත්තුවේදී), ඬේව් කර්නි (34 වැනි මිනිත්තුවේදී), ෂෝන් ක්‍රොනින් (65 වැනි මිනිත්තුවේදී), රොබ් කර්නි (72 වැනි මිනිත්තුවේදී) සහ ජරේඞ් පයිනි (75 වැනි මිනිත්තුවේදී) අයර්ලන්තයේ උත්සාහක දිනුම් මල්ල පුරවා දැමූහ.

 

- 077


අදහස් (0)

අයර්ලන්තයට උත්සාහක දිනුම් මල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.