Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග ආරම්භ කරමින් බ්‍රසීලය හා චිලී කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-1 කින් සමවීම නිසා දඬුවම් පහර මත ජයග්‍රාහකයා තෝරා ගැණුන බැවින් බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට ගියේය.
මෙම තරගය ලකුණු සමවීමෙන් අවසන් වීමත් සමගම බ්‍රසීලයේ බෙලෝ හොරිසොන්ටේ ක්‍රීඩංගණයට ඊයේ (28 වැනිදා) රැස්වූ දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ හදගැස්ම මොහොතකට නතර විය.
ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ ජයග්‍රහණය හා පරාජය අතර අඩුම පරතරය සටහන් වූ අතිශය දුර්ලභ තරගයක් ලෙස ඉතිහාසයට එක්වූ මේ තරගයේ දී අවසන් මොහොත දක්වාම සටන්කාමී චිලී ක්‍රීඩකයන් තරගය අත් නොහැරීම කැපී පෙනුණි. එහෙත් බ්‍රසීල ක්‍රීඩකයෝ දඬුවම් පහර 3-2කි න් තරගය ජයගනිමින් සිය අභිමානය රැක ගත්හ.
දඬුවම් පහර 4ක් අවසන් වනවිටත් දෙපිලම 2-2 ක් ලෙස සම තත්ත්වයේ පසුවූ අතර නේමර් ගැසූ බ්‍රසිලයේ අවසන් දඬුවම් පහර වැළැක්වීමට චිලී දැල් රකින්නා වන ගොන්සාලෝ ජාරා අසමත්වීමත් සමග තරගයේ ජයග්‍රහණය තීරණය විය.
තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර දෙපිලම ගෝල වාර්තා කළේ පළමු භාගයේදීය. 18 වැනි මිනිත්තුවේ දී ඩේවිඩ් ලුවිස් බ්‍රසීලය වෙනුවෙන් ලබාගත් ගෝලයත් සමග 1-0 කින් පෙරමුණ ගැනීමට බ්‍රසීලය සමත්වූවද 32 වැනි මිනිත්තුවේ දී චිලී කණ්ඩායමේ සැන්චෙස් ගෝලයක් ලබාගත් හෙයින් තරගය 1-1ක් ලෙස සම විය.
දෙවැනි භාගයේ ගෝලයක් ලබා ගැනීමට දෙපිලම අසමත්වූ බැවින් තරගය නිමා වන විට ලකුණු තත්ත්වය එලෙසින්ම විය.
දඬුවම් පහර ගැසීමේදී පිනිලා හා සැන්චෙස්ගේ පහර වැළැක්වීමට බ්‍රසීල දැළ රකින්නා වන ජුලියෝ සීසර් සමත්විය. බ්‍රසීලය වෙනුවෙන් විලියම් හා හල්ක් ගැසූ දඬුවම් පහර දෙකක් සාර්ථකව වැළැක්වීමට චිලී දැල් රකින්නා වන ජාරා සමත්වූව ද නේමර් ගැසූ අවසන් දඬුවම් පහර හමුවේ බ්‍රසීලය ජයගත්තේ පිට පිට 6 වැනි වරටත් ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට යාමේ අවස්ථාව අත්කර ගනිමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.