Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අළු බඳුන ගැටුමට පුහුණුව ස්පාඤ්ඤයේදී

අළු බඳුන ගැටුමට පුහුණුව ස්පාඤ්ඤයේදී

Dilrukshi - 2015 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්ත ක‍්‍රිකට් හිස්වැස්මට මෙතෙක් හිමිකම් නොකී ඩර්බිෂයර් ප‍්‍රාන්ත පිලේ වමත් වේගපන්දු යවන කී‍්‍රඩක මාක් ෆූටිට් එළැඹෙන අළුබඳුන ටෙස්ට් තරගමාලාව වෙනුවෙන් ස්පාඤ්ඤයේ පැවැත්වෙන සිවුදින පුහුණු කඳවුරට එකතු කරගැනීමට එංගලන්ත කි‍්‍රිකට් බලධාරීන් තීරණය කොට තිබේ.

මෙවර දෙවැනි කොටසේ ප‍්‍රාන්ත තරගවාරයේ දී කඩුලූ 32 ක් බිඳ දැමූ මේ 29 හැවිරිදි පන්දු යවන්නාට ලබන 27 වැනිදා ඇරැුඹෙන පුහුණු කඳවුරේ දොරටු විවර කරදුන් එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් යෝක්ෂයර් ප‍්‍රාන්ත පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක අදිල් රෂීඞ්ට දොරටු වසා දැමූහ.  පීටර් මුවර්ස් වෙනුවට එංගලන්ත පිලේ නව පුහුණුකරු ලෙස පසුගිය මැයි මාසයේ දී පත්වූ ටෙ‍්‍රවර් බේලිස් මහතා ස්පාඤ්ඤයේදී පැවැත්වෙන මෙම පුහුණු කඳවුරේ දී වැඩ බාර ගැනීමට නියමිතය.

”ටෙ‍්‍රවර් බේලිස් ලබන බ‍්‍රහස්පතින්දා (25) එංගලන්තයට එනවා. අලිස්ටෙයාර් කුක්, බේලිස් හා මම අපි තුන්දෙනාටම දැනිලයි තියෙන්නේ අළුබඳුන තරගමාලාවට කළින් ක‍්‍රීඩකයනුත් එකතු කරගෙන පොඞ්ඩක් කතා කිරීමේ වැදගත්කම ගැන. ඒකයි අපි ස්පාඤ්ඤයේ මේ පුහුණු කඳවුර සංවිධානය කළේ”

”කාඩිෆ් පිටියේ පැවැත්වෙන අළුබඳුන පළමු ටෙස්ට් තරගයට කළින් අපේ කී‍්‍රඩකයන් ශාරිරික පුහුණුවක් සමග පන්දු රැුකීමේ පුහුණුවක් ලබාදීමත් තරගය සැලසුම් කිරීමේ රැස්වීම්ද මෙහි දි පැවැත්වේවි”

”පුහුණු කඳවුරෙන් දවස් කිහිපයක් ඇතුළත අපි පළමු ටෙස්ට් තරගයට කණ්ඩායම නම් කරනවා” යයි එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ, හිටපු නායක ඇන්ඩෘ ස්ට්‍රෝස් මහතා පැවසීය.

නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලියේ දී 3-2 ක විශිෂ්ට ජයක් ලැබූ එංගලන්ත පිල ලබන අ`ගහරුවාදා (23)  ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ්හිදී දෙපිල අතර පැවැත්වෙන එකම විස්සයි20 තරගයට සහභාගි වීමට නියමිතය.
අළුබඳුන තරගමාලාවේ පූහුණු කඳවුරට යන එංගලන්ත සංචිතය

අලිස්ටෙයාර් කුක් (නායක), මුයීන් අලි, ජේම්ස් ඇන්ඩර්සන්, ගැරී බැලන්ස්, ඉයන් බෙල්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජොස් බට්ලර්, ස්ටීවන් ෆින්, මාක් ෆුටීට්, ඇඩම් ලයිත්, ලයම් ප්ලන්කට්, ජේා් රූට්, බෙන් ස්ටෝක්ස්, මාක් වුඞ්.

 


අදහස් (0)

අළු බඳුන ගැටුමට පුහුණුව ස්පාඤ්ඤයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.