Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඉන්දියානුවෝ තරගයේ පාලනය අතට ගනිති

ඉන්දියානුවෝ තරගයේ පාලනය අතට ගනිති

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉෂාන්ත් ෂර්මා (51/6) සහ මොහොමඞ් සාමි (70/4) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හි බේසින් රිසව් කී‍්‍රඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දියානුවෝ තරගයේ පාලනය සියතට ගත්හ. සත්කාරක නවසීලන්ත පිල ලකුණු 191 කට සීමා කළ ඉන්දීය කී‍්‍රඩකයෝ පළමු දිනය නිමා වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 100 ක් රැස්කරගෙන සිටියහ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී පළමු තරගය නවසීලන්ත පිල ජයගත් හෙයින් මෙම තරගාවලියේදී පරාජයෙන් ගැලවීමට නම් ඉන්දීය පිල දෙවැනි තරගය ජයගත යුතුය.

ඉන්දියානුවන් අමාරුවේ දැමීමේ අටියෙන්දෝ තණකොළ සහිතව, ඉපිළීමෙන් යුත්, තණතීරුවක් සකස් කළ නමුත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පිට පිටම හත්වැනි වතාවටත් කාසියේ වාසිය දිනාගනිමින් පන්දුවට පහර දීම සඳහා නවසීලන්ත පිලට ආරාධනා කළේය.

එහි ප‍්‍රතිඵල ඉක්මනින්ම නෙළා ගත් ඉන්දීය පන්දු යවන්නෝ නවසීලන්තය අමාරුවේ දැමූහ. හත්වැනි  ඕවරයේදී පන්දු යැවීමට කැඳවූ ඉෂාන්ත් ෂර්මා පන්දු 14 කදී කඩුලූ 3 ක් දවාගනිමන් ඉන්දීය පිල තරගයට කැඳවාගෙන ආවේය.

එතැන් සිට පසුපාදයට වැටුණු නවසීලන්ත කණ්ඩායමට මුල් ඉනිමේදී හිස එසවිය නොහැකි විය.

නවසීලන්තය - පළමු ඉනිම 192
පීටර් ෆුල්ටන් 13, හමීෂ් රදර්ෆඞ් 12, කේන් විලියම්න් 47, කෝරි ඇන්ඩසන් 24, ජේම්ස් නීෂාම් 33, ටිම් සවුතී 32, ඉෂාන්ත් ෂර්මා 51/6, මොහොමඞ් සාමි 70/4

ඉන්දියාව - පළමු ඉනිම කඩුුලූ 2 ට 100 යි
ෂිකාර් ධාවන් නොදැවී 71, චෙට්ස්වාර් පුජාරා 19, ටෙ‍්‍රන්ට් බවුල්ට් 18/1, ටිම් සවුතී 20/1


අදහස් (0)

ඉන්දියානුවෝ තරගයේ පාලනය අතට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.