Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තවත් දින 104 කින් ආරම්භ වන ඔලිම්පික් උළෙල සඳහා වන සාම්ප‍්‍රදායික ඔලිම්පික් ගිනි සිළුව, ගී‍්‍රසියේ ඔලිම්පියා නුවර පිහිටි පුරාණ ඔලිම්පික් දෙවොලේදී දල්වනු ලැබිණ. ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට දින 100 ක් පමණ ආසන්නයේ තිබියදී මෙම ගිනිසිළුව දල්වනු ලබන්නේ වසර 2600 කට වැඩි ඉතිහාසයක් ඇති ‘හේරා’ දෙවඟනගේ දෙවොලේදීය.
ඔලිම්පික් කී‍්‍රඩාවේ තිඹිරිගෙය වන ඔලිම්පියාහි පිහිටි ‘හේරා’ දෙවොලේදී සාම්ප‍්‍රදායිකව අපලෝ දෙවියන් නැමදීමෙන් පසුව අවතල (බඳුනක් මෙන් ඇතුළට නැමුණු) දර්පන භාවිතයෙන් විශාල කල්දේරමකට ඒකරාශී කරනු ලබන සූර්යතාපයෙන් මෙම ගිනිසිළුව දල්වනු ලැබේ. 2016 ඔලිම්පික් උළෙල වෙනුවෙන් ගිනිසිළුව දැල්වීමේදී පූජකවරියගේ භූමිකාව නිරූපනය කරන ලද්දේ ගී‍්‍රසියේ අතිශය ජනපි‍්‍රය නිළියක වන කැත්රිනා ලීචු විසිනි.
මෙම සාම්ප‍්‍රදායික ගිනිසිළු දැල්වීම 1936 බර්ලින් ඔලිම්පික් උළෙලේදී ආරම්භ කෙරිණ.
කැත්රිනා ලීචු විසින් දල්වන ලද ගිනිසිළුව, ධාවනයේ පළමු වැන්නා වූ ගී‍්‍රසියේ මෙන්ම ලෝක ජිම්නාස්ටික් ශූරයකු වන ලෙෆ්ටෙරිස් පෙරෝයුනිස්ට බාර කෙරිණ.
දින හතක් පුරා ගී‍්‍රසියේ නගර අතරේ ගෙන යනු ලබන ඔලිම්පික් ගිනිසිළුව ඔලිම්පික් උළෙලේ නිර්මාතෘ පියරේ ඩි කුබර්ටීන් සාමිවරයාගේ ස්මාරකය අසළටද ගෙන යන ලදි. අනතුරුව ලබන බදාදා එය බ‍්‍රසීල ඔලිම්පික් උළෙලේ සංවිධායකවරුන්ට බාරකරනු ලබන්නේ වසර 120 කට ඉහතදී මුල්ම නූතන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පැවැති ඇතෑන්ස්හිදීය.
ලබන සතියේදී ස්විට්සර්ලන්තයට ගෙන යනු ලබන ගිනිසිළුව ඔලිම්පික් මූලස්ථානය වෙතත් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙතත් ගෙන යාමෙන් අනතුරුව බ‍්‍රසීලයට ගෙන යාම සඳහා ගුවන් ගතවනු ඇත.
බ‍්‍රසීලයේදී, දින 95 ක් පුරා ධාවකයන් 12,000 කගේ අතිනතට මාරුවෙමින් යන ඔලිමපික් ගිනිසිළුව, ගුවන් ගමන් කිහිපයකටම පසුව අගෝස්තු මස 5 වැනිදා මැරකානා කී‍්‍රඩාංගණයට ළඟා වන්නේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේ ප‍්‍රධාන ඔලිම්පික් පහන දැල්වීම සඳහාය.
ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පැවැත්වෙන බ‍්‍රසීලය මෙ වන විට දේළපාලන අලකලංචි රැසකට මෙන්ම ‘සීකා’ වෛරසයේ තර්ජනයටද මුහුණ දී සිටින නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා සහ රියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
විවිධ ආකාරයේ අර්බුද හේතුවෙන් ලෝකයම හෙල්ලූම් කමින් තිබුණද දකුණු ඇමරිකානු මහාද්වීපයේදී පැවැත්වෙන පළමු වැනි ඔලිම්පික් උළෙල සඳහා බ‍්‍රසීලියානුවන් සූදානම් වන ආකාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමටුවේ සභාපති තෝමස් බෙක් මහතා සිය ප‍්‍රසාදය පළ කරයි.
”ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් බ‍්‍රසීලියානු ජනතාව දක්වන සහයෝගයත් උද්යෝගයත් තවත් දින කිහිපයකින් අපට බලාගන්න පුළුවන්”
”මේ බ‍්‍රසීලයේ අවස්ථාවයි. මේ බ‍්‍රසීලයේ කී‍්‍රඩා උළෙලයි” යයි තෝමස් බෙක් මහතා පැවසීය.
”මේ වෙලාවේ බ‍්‍රසීලය අපහසුතා රාශියකට මුහුණ දෙන බව ඇත්ත තමයි. ඒත් මේ ගිනිසිළුවෙන් කියැවෙන සදාකාලික පණිවුඩය වෙන්නේ අපි සියලූ දෙනාම එකම අරමුණකට ඒකරාශී විය යුතු බවයි” යයිද තෝමස් බෙක් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම ගිනිිසිළුව දැල්වීමේ උත්සවයට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටි බ‍්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසොෆ් මහත්මිය තමන්ට එල්ල වී ඇති දෝෂාභියෝගයට මුහුණ දීම සඳහා ගී‍්‍රසිය බලා පැමිණීම අතහැර දැමුවාය. ඩිල්මා රූසොෆ් මහත්මිය වෙනුවෙන් එම අවස්ථාවට සහභාගි වූයේ 2016 ඔලිම්පික් තරග සංවිධාන කමිටුවේ සභාපති කාලෝස් නූස්මන් මහතාය.
”අපේම ආදරණීය බ‍්‍රසීලයට, වඩාත් දීප්තිමත් වූ අනාගතයක් අත්කරදීමේ උත්සාහය වෙනුවෙන් අප සියලූ දෙනාම ඒ්කරාශී කිරීමේ පණිවුඩය ගිනිසිළුව මගින් ගෙන එනවා” යයි 2016 ඔලිම්පික් තරග සංවිධාන කමිටුවේ සභාපති කාලෝස් නූස්මන් මහතා පැවසීය.
ප‍්‍රංශ පුවත් සේවය ඇසුරිනි
ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.