Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රියෝ ඔලිම්පික් උළෙලට හරියටම දින 77 ක් තිබියදී, (මැයි 20 වැනිදා) ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා වනa ප්‍රවේශපත් නිකුත් කිරීමට කී‍්‍රඩා උළෙලේ සංවිධායකයෝ පියවර ගත්හ. ඉතාමත් අලංකාර වර්ණ සංයෝජනයකින් යුත් මෙම ප්‍රවේශපත් 20 වැනිදා බ්‍රසීලයේ වේලාවෙන් පස්වරු 1.00 සිට අළෙවි කෙරේ.
බ්‍රසීලියානුවන් නොවන කී‍්‍රඩා ලෝලීන්ට මෙම ප්‍රවේශපත් ලබාගත හැක්කේ තමන්ගේ රටේ ඒ සඳහා බලය ලත් නියෝජිතයන්ගෙන් පමණි. අනුමත නියෝජිතයන්ගේ ලයිස්තුව https://www.rio2016.com/en/tickets යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ප්‍රවේශපත් ඇණවුම් කිරීමෙන් පසුව කී‍්‍රඩා ලෝලීන් නිල තරග කාලසටහන වෙත ගොස් තමන් අභිමත තරග පැවැත්වෙන දිනය සහ වේලාවන් පිළිබඳ තහවුරු කරගත යුතුය. එලෙසම අදාළ තරග පැවැත්වෙන ස්ථානය කරා කල්වේලා ඇතිව යන ආකාරය මෙන්ම ඒ වෙනුවෙන් ගතවන කාලය පිළිබඳවද සැලකිලිමත් විය යුත-ු බව රියෝ 2016 ඔලිම්පික් තරග සංවිධායකයෝ කියති.
මෙම ප්‍රවේශපත් ලබාගැනීමෙන් පසුව එය නැවත විකිණීමට අවශ්‍ය වේ නම් නැවත විකිණීම ඔලිම්පික් ප්‍රවේශපත් විකිණීමේ වෙබ් අඩවිය හරහා පමණක් කළ හැකි බවත් සංවිධායකයෝ කියති. නැවත විකණනු ලබන ප්‍රවේශපත් සඳහා කිසිදු සේවා ගාස්තුවක් අයකිරීමකින් තොරව සම්පූර්ණ මුදලම මුල් ප්‍රවේශපත් හිමියා වෙත ගෙවනු ලබන බවත් සංවිධායකයෝ කියති.
ප්‍රවේශපත් වල නියමිත මිලෙන් අර්ධයක් ගෙවා මිලදී ගත හැක්කේ බ්‍රසීල ජාතිකයන්ට පමණි. බ්‍රසීලයේ වයස 60 ඉක්මවූ බ්‍රසීල ජාතිකයන්ට සහ රෝද පුටු පරිහරණය කරන්නන්ටත්, පාසල් සිසුන්ට, ප්‍රසිද්ධ පාසල් ගුරුවරුන්ට සහ රෝද පුටු භාවිතා නොකරන නමුත් වෙනත් ආකාරයේ ශාරීරික දුබලතා වලින් යුත් අයට පමණක් නියමිත මිලෙන් අඩක් ගෙවා ප්‍රවේශ පත් මිලදී ගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.