Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩිවොක් ඕගි අවසන් මොහොතේ ලබාගත් ගෝලය හේතුවෙන් රුසියාවට එරෙහිව ගෝල 1-0ක ජයක් ලැබූ බෙල්ජියම 2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් කණ්ඩායම් 16 ට එක්වීමට සමත්විය. අතිරේක ක්රීඩකයකු ලෙස දෙවැනි භාගයේ දී පිටියට පැමිණි 19 හැවිරිදි ඕගි තරගයේ තීරණාත්මක හා එකම ගෝලය වාර්තා කළේ තරගය නිමාවීමට මිනිත්තු දෙකක් පමණක් ඉතිරිව තිබියදීය.
තරගයේ 88 වැනි මිනිත්තුවේ දී ඕගිගේ ගෝලය පැමිණියේ සගයකු වන කෙවින් මිරාලස්ගේ පහරකින් පන්දුව දැල් කණුවේ වැදී ආපසු පැමිණි විටදීය. ඉතා පහතින් ගැසූ වූ ඒ පහරින් ඇදී ගිය පන්දුව ගෝල කණුවේ වැදී ආපසු එද්දී ඕගි ගැසූ පහරින් බෙල්ජියමේ ජයග්රහණය පැමිණියේය.
එච්. කාණ්ඩය යටතේ රියෝ ද ජැනයිරෝ නුවර මැරකානා ක්රීඩාංගණයේ පැවැති මේ තරගය දෙපිලටම අතිශය තීරණාත්මක තරගයක් බවට පත්වී තිබිණි.
මෙවර තරගමාලාව ආරම්භවීමත් සමග බෙල්ජියමට වැඩිදුරක් යා හැකි බවට අනාවැකි පළවී තිබුණත් තරගය ආරම්භයේ සිටම ආක්රමණශීලී ක්රීඩා රටාවක් පෙන්නුම් කළ රුසියානු ක්රීඩකයෝ බෙල්ජියමේ ජයග්රහණය අන්තිම මොහොත දක්වා ප්රමාද කළහ.
රුසියානු ක්රීඩකයෝ තරගය පුරා කැපී පෙනෙන දස්කම රැසක් පෙන්නුම් කළ අතර 12 වැනි මිනිත්තුවේ වික්ටර් ෆයිසුලින් දල 44 වැනි මිනිත්තුවේ ග්ලුෂකොව් දල 81 වැනි මිනිත්තුවේ එස්චෙන්කෝ ද රුසියාව වෙනුවෙන් ගෝල ලබාගැනීම ආසන්නයටම පැමිණියද එම උත්සාහයන් සියල්ලම අසාර්ථක විය.
බෙල්ජියමේ දඬුවම් පහරට ලක්වන කලාපය තුල දී ටෝබි ඇල්ඩෙවීරල්ඩ් රුසියානු ක්රීඩක මැක්සිම් කනුන්නිකොව්ට අපරික්ෂාකාරීව බාධාකිරීම නිසා ඉල්ලා සිටි දඬුවම් පහර විනිසුරු ප්රතික්ෂේප කළේය. එය සිදුවූයේ තරගයේ 27වැනි මිනිත්තුවේ දීය.
ගෝලයක් රැස් කිරීමේ අවස්ථාවක් බෙල්ජියමට මඟ හැරුණේ එක් වරක් පමණි. ඒ තරගයේ 35 වැනි මිනිත්තුවේ දීය. ඉන්පසුව ඕගි ගෝලය රැස් කළ මොහොත දක්වාම පන්දුව වැඩිපුර තිබුණේ රුසියානු ක්රීඩකයන්ගේ අතරය.
බෙල්ජියම තරග වැදුණු අවසන් ලෝක කුසලාන තරග 5 දීම ඔවුන් ගෝල වාර්තා කළේ තරගයේ අවසන් මිනිත්තු 20 ඇතුළත දී වීම විශේෂත්වයකිග ඊටත් වඩා කැපී පෙනෙන කරුණ වන්නේ මෙවර තරගමාලාවේ බෙල්ජියම ලබාගත් ගෝල් තුනම අතිරේක ක්රීඩකයන්ගෙන් පැමිණීමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.