Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕල් බ්ලැක්ස්ලාට පහසු ජයක්

ඕල් බ්ලැක්ස්ලාට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලකුණු 43-10 කින් ජෝර්ජියාව පරාජය කළ ලෝක ශූර ‘ ඕල් බ්ලැක්ස්ලා’ මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අටට තේරී පත්වූ මුල්ම කණ්ඩායම බවට පත්විය.

කාඩිෆ්හී මිලේනියම් කී‍්‍රඩාංගණයේ ‘සී‘ කාණ්ඩය යටතේ පැවැති මේ තරගයේ පළමු මිනිත්තුවේ දීම ඉතා පහසු උත්සාහක දිනුමක් ලබාගනිමින් තරගයට අවතීර්ණවීම නිසා  ඕල් බ්ලැක්ස්ලා ඉදිරියේ රග්බි ලෝකයේ ලිලිපුට්ටන් බඳු ජොර්ජියාව උත්සාහක දිනුම් රැල්ලකට ගසාගෙන යනු ඇතැයි කවුරුත් සිතූහ.

එහෙත් තරගයේ අවසන් මොහොත දක්වාම මේ ගලිවර්ලාට උත්සාහක දිනුම් 7 කින් ඔබ්බට යාමට නම් ලිලිපුට්ටන් ඉඩ තැබුවේ නැත.

පළමු භාගයේ උත්සාහක දිනුම් 4 ක් තැබීමට නවසීලන්තය සමත්වූවත් දෙවැනි භාගයේ දී එය උත්සාහක දිනුම් 3 කට සීමාවීම නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හැන්සේන්ගේද සිත් ගත් කාරණාවක් නොවූයේය. එපමණක් නොව තරගයේ පළමු මිනිත්තු කිහිපයේ දී ලකුණු තත්ත්වය සම කරගැනීමට ජොර්ජ්යාව සමත්වීමත් හැන්සෙන්ගේ නොසතුටට හේතුවක් විය.
 
කෙසේ වෙතත් දෙවැනි භාගයේදී ඕල් බ්ලැක්ස්ලා ඇඳ බැඳ තබාගැනීමට ජොර්ජියානු කී‍්‍රඩකයන් සමත්වීම ඊයේ කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 70,000 කට ආසන්න කී‍්‍රඩාලෝලීන්ගේ නම් සතුටට කාරණයක් විය.

තරගයේ මුල් භාගයේදී කවදත් අවබෝධ කරගත නොහැකි  ඕල්බ්ලැක්ස්ලාගේ තරග රටාවෙන් අන්ද මන්ද වී ගියත් දෙවැනි භාගයේ දී කිසිදු බියකින් තොරව සිය සටන්කාමීත්වය විදහා දැක්වූ ජෝර්ජියානු කී‍්‍රඩකයෝ නවසීලන්ත නායක රිචී මැකෝ හොඳ වර්ගයේ කකුල් මාට්ටුවකින් වේදනාවට පත්කොට පිටියෙන් ඉවත් කළහ. ඔහුගේ පාදයේ තැන් දෙකටම අයිස් බැඳීමට කාර්ය මණ්ඩලයට සිදුවී තිබිණි.

ජොර්ජියාවට එරෙහිව සිය ලකුණු සටහන ආරම්භ කිරිමට  ඕල් බ්ලැක්ස්ලාට වැයවූයේ තත්පර 73 ක් පමණි. දිව යන්නට නොව ඇවිද යන්නටද හැකි ආකාරයේ කී‍්‍රඩකයන් අතර තිබූ විශාල පරතරයක් අතරින් කිසිදු අපහසුවකින් තොරව පන්දුව රැුගෙන ගිය නහෝලෝ රටුනිඩූබා මුල්ම උත්සාහක දිනුම වාර්තා කළ අතර සුපිරි කී‍්‍රඩක ඩැන් කාටර් එය ගෝලයක් බවට පත් කරමින් නවසීලන්ත පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගියේය.

නමුත් ඊට මිනිත්තු 3 කට පසුව  ඕල් බ්ලැක්ස්ලාට එකට එක කරමින් විශිෂ්ට උත්සාහක දිනුමක් තැබීමට ජොර්ජ්ියාවේ ෆුල්බෑක් කී‍්‍රඩක බේකා සික්ලෝරී සමත්වූයේ කී‍්‍රඩාලෝලීන්ගේ ඔල්වරසන් හඩ මැද්දේය.

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ ජොර්ජියාව වේලාසනින්ම තැබූ උත්සාහක දිනුම වූ එය ලේෂා මලගුරඞ්සේ විසින් සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 7-7 කින් සමවූයේ  ඕල්බ්ලැක්ස්ලා විමතියට පත් කරවමිනි.

එහෙත් තමන්ගේ තරම දන්නා  ඕල් බ්ලැක්ස්ල බිය වූයේ නම් නැත. එයින් මිනිත්තු දෙකකට පසුව වින්ග් කී‍්‍රඩක ජුලියන් සවීවා ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ගේ බාධා කිරීම් මැද තැබූ අනගි උත්සාහක දිනුමෙන් නවසීලන්තය ලකුණු 12-7 කින් පෙරමුණ ගත්තේය.

11 වැනි මිනිත්තුවේ දී ලැබු දඩුවම් පහරක් සාර්ථක කරගත් මලගුරඞ්සේ ලකුණු පරතරය 12-10 කින් අඩු කරගත්තත් 16 වැනි මිනිත්තුවේ දී යළි කි‍්‍රයාත්මක වූ සවීවා සිය දෙවැනි උත්සාහක දිනුමත් තබමින් නවසීලන්ත පිල ලකුණු 17-10 කින් ඉදිරියට ගෙන ගියේය.

අනතුරුව 21 වැනි මිනිත්තුවේදී ඩැන් කෝල්ස්ගේ අනගි උත්සාහක දිනුමත් සමග  ඕල් බ්ලැක්ස්ලාගේ ලකුණු සංඛ්‍යාව 22-10 කින් බලා සිටිද්දීම ඉහළ නැංගේය.

එහෙත් මේ උත්සාහක දිනුම් ති‍්‍රත්වයම ගෝල බවට පත්කිරීමේ අවස්ථාව ඩැන් කාටර්ගෙන් ගිලිහී යාම නම්කිසිවකු බලාපොරොත්තු වූවක් නොවීය. කාටර්ට ඇත්තේ එතරම්ම විශාල කීර්ති නාමයකි.

කෙසේවෙතත් ඉන් පසුව පළමු භාගයේ විරාමය වනතුරු ඊළග මිනිත්තු 20 ක කාලයේ  ඕල් බ්ලැක්ස්ලාට කිසිදු උත්සාහක දිනුමක් තැබීමට ජෝර්ජියානුවන් ඉඩ තැබුවේ නැත. ඒ වුණත් පළමු මිනිත්තු 21 ක ඇතුලත උත්සාහක දිනුම් හතරක්ම තැබීමෙන් වේලාසනින්ම ප‍්‍රසාද ලකුණට හිමිකම් කීමට ලෝක ශූරයෝ සමත් වූහ.
 
ලෝක රග්බි පිටියේ කෝඩුකාරයන් වන ජෝර්ජියාව හමුවේ වැඩි සැහැල්ලූවෙන් තරග කිරීමට යාමෙන් නැති පීඩනයක් ඇති කරගත්  ඕල් බ්ලැක්ස්ලාගේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් වන ඩැන් කාටර් සහ සොනී බිල් විලියම්ස් වෙතින් අවස්ථා කිහිපයකදීම දුර්වල පන්දු පිරිනැමීම් සහ පන්දු රැක ගැනීමේ දුර්වලතා දක්නට ලැබිණි. මේ සියල්ල මැද තමන්ට ඇතිවීමට හෝ නැතිවීමට තරම් දෙයක් නොමැති බැවින් උපරිම අයුරින් කී‍්‍රඩා කළ ජොර්ජියානුවන් හති වැටෙනතුරු නැවත උත්සාහක දිනුම් වාර්තා කිරිමට නවසීලන්තයට උනන්දු වූයේත් නැත.

පෙනුන හැටියට නම් නවසීලන්තය තමන්ගේ තුරුම්පු මෙන්ම ශක්තියත් ඉතිරි කරගනිමින් කී‍්‍රඩා කළ සෙයකි.  

දෙවැනි භාගයේ 51 වැනි මිනිත්තුවේ දී සිය පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට  ඕල් බ්ලැක්ස්ලා සමත්වූහ. එය තැබුවේ කීරන් රීඞ්ය. ඉන් අනතුරුව 73 වැනි මිනිත්තුවේ සිය උත්සාහක දිනුම් ති‍්‍රත්වය සම්පූර්ණ කළ සවීවා විසින් ඉහළට ඔසවා තබන ලද  ඕල්බ්ලැක්ස්ලාගේ ලකුණු සංඛ්‍යාව තරගය නිමාවීමට මිනිත්තු 4 ක් ඉතිරිව තිබියදි අතිරේක කී‍්‍රඩක මලකායි ෆෙකිටෝවා ගෙනදුන් අනගි උත්සාහක දිනුමෙන් තවත් ඉහළ ගියේය.

ළමු භාගයේ අසාර්ථක වූවත් දෙවැනි භාගයේ සිය සගයන් තැබූ  උත්සාහක දිනුම් ති‍්‍රත්වයම ගෝල බවට පත් කිරිමට ඩැන් කාටර් සමත්විය.

කෙසේ වෙතත් කෝඩුකාර ජෝර්ජියානුවන් හමුවේ සිතූ තරම් දෙයක් කරන්නට නොහැකිවූ  ඕල් බ්ලැක්ස්ලාට දැන් සිදුවී ඇත්තේ තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටයට පෙර යළි ගෙදර වැඩ කෙරෙහි වැඩිපුර සිත යොමුකරන්නටය.

ලකුණු 10 සීමාවෙන් එපිටට පැන ගැනීමට බැරිවූ ජොර්ජියානුවන් තමාට හිතේ හැටියට කී‍්‍රඩා කරන්නට ඉඩ නොදී උත්සාහක දිනුම් සංඛ්‍යාව සීමා කිරීමෙන්  ඕල්බ්ලැක්ස්ලාට පොඩි පහේ ලජ්ජාවක් නොදැනුණාම නොවේ.

 


අදහස් (0)

ඕල් බ්ලැක්ස්ලාට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.