Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් රග්බි පිටියේ විශිෂ්ඨතම කී‍්‍රඩකයා බවට පුහුණුකරුගේ ගෞරවාදරයට පාත‍්‍රවූ මිනිසකු විසින් මෙහෙයවනු ලැබූ නවසීලන්තයේ ඕල්බ්ලැක්ස්ලා ලන්ඩනයේ ට්වීකන්හැම් කී‍්‍රඩාංගණයේ දකුණු අපි‍්‍රකානුවන් පරාජය කරමින් ලෝක කුසලන තරගාවලියේ අවසන් මහ තරගයට ඊයේ (24 වැනිදා) සුදුසුකම් ලබාගත්හ.
වරින් වර ඇද හැලූණු වර්ෂාවත්, වෙහෙස මහන්සියත් තඹේකට මායිම් නොකළ දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්සලාත් හමුවේ ලකුණු 20-18 ක තියුණු ජයක් අත්කරත් ඕල්බ්ලැක්ස්ලා පිට පිට දෙවැනි වරටත් අවසන් මහා තරගයට පිවිසියේ අන්තර්ජාතික රග්බි පිටියේ කවදත් හොඳම කණ්ඩායම ලෙස අභිෂේක ලබමිනි.
ට්විකන්හැම් කී‍්‍රඩාංගණයට පැමිණ සිටි 80,000 කට අධික කී‍්‍රඩාලෝලීන්ට ආරම්භයේ සිටම නියපොතු සපන්නට තරම් කුතුහලය දැනවූ මේ තරගය එහෙම පිටින්ම මල්ලවපොර තරගයක් බවට පත් වූ අතර දෙපිලම කී‍්‍රඩා කළේ හිත්පිත් නැති පසමිතුරන් ලෙසිනි.
සිය අවසන් තරග 53 න් මෙතෙක් තරග 3 ක් පමණක් පරාජයට පත්ව සිටින රිචී මැකෝගේ නායකත්වයෙන් යුතු මේ විශිෂ්ඨ කණ්ඩායම ඊයේ ස්වභාව ධර්මයේ අකාරුණිකත්වය මැද ස්පි‍්‍රංග්බොක්ස්ලාගෙන් ජයග‍්‍රහණය උදුරාගත්තා යැයි කිවහොත් වඩාත් නිවැරැදිය.
ඕනෑම කණ්ඩායමක ශ්‍රේෂ්ඨත්වය වන්නේ කෙතරම් පීඩනයකට හසුවූවත් අන්තිමේදී තරගය දිනන ආකාරය දැන සිටීමය. ඊයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී නවසීලන්ත පිල ස්පි‍්‍රංබොක්ස්ලා පරාජය කළේ නම් එතරම් සුන්දර ආකාරයට නොවේ.
තරගයක ජයග‍්‍රහණය නිතරම සුන්දර විය යුතු නැතැයි කියන ඕල්බ්ලැක්ස් පුහුණුකරු ස්ටීව් හැන්සේන් පසුව සිනහමුසු මුහුණින් යුතුව සිටියද ඔහු තරගය පුරාම සිටියේ සිනාසෙන්නට නොදන්නා අයකු ලෙස රවාගත් බැල්මකින් යුතුවය.
‘ස්පි‍්‍රංග්බොක්ස්ලා’ හමුවේ තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 12-7 කින් පසුබා සිටි ඕල්බ්ලැක්ස්ලා ජෙරොම් කයිනෝ කහ කාඞ් පතෙන් අවවාද ලැබීම නිසා දෙවැනි භාගයේ මුල් මිනිත්තු නවයම කී‍්‍රඩා කළේ ද කී‍්‍රඩකයන් 14 දෙනකුගෙනි. එහෙත් තමන් ලොව නොම්මර එකේ කණ්ඩායම බව යළි යළිත් තහවුරු කරමින් පරාජයේ වේදනාව දැනෙන්නට පෙර ජයග‍්‍රහණයේ උණුසුම සොයා යාමට නවසීලන්තය සමත්වූයේ තරගය එහෙම පිටින්ම උඩුයටිකුරු කරමිනි.
එය සිදුවූයේ තරගයේ 51 වැනි මිනිත්තුවේදීය. ඒ වෙද්දිත් ලකුණු 12-10 කින් පෙරමුණේ සිටියේ දකුණු අපි‍්‍රකානුවන්ය. මේ ජවසම්පන්න ප‍්‍රතිවාදීන් දෙපළ එක පොදියට වැටී වරින් වර පිටියේ මැද හරියේදිත්, දෙපිලේම සීමා ඉරට ආසන්නයේදිත් පොරබදන්නට වූහ.
ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ සීමා ඉරට ආසන්නයේ් එසේ එක පොදියට පන්දුවට පොරබදද්දී නවසීලන්තයේ සෙන්ටර් කී‍්‍රඩක මා නොනූ ඉතා සාර්ථක ලෙස පන්දුව ඩැහැගෙන පිරිනැමුවේ අතිරේක කී‍්‍රඩක බියුඩන් බැරට් වෙතය. ඔහු ඒ වෙද්දී පිටියට ඇවිත් වැඩි වේලාවක් ගතවී තිබුණේද නැත. එබැවින් සිය උපරිම ජවය ගෙන ප‍්‍රතිවාදීන්ගේ බාධක මැද සිමා ඉර වෙත කඩා පැනීමට ඔහු සමත්විය. මේ අතරතුර නීතිවිරෝධි අයුරින් ඔහුට බාධා කිරීම නිසා බ‍්‍රයන් හබානාට කහ කාඞ් පත පෙන්වා අවවාද කිරීමට විනිසුරුවරයා පසුබට නොවීය.
කෙසේවෙතත් තීරණාත්මක උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කළ ඩැන් කාටර් ඕල් බ්ලැක්ස්ලා ලකුණු 17-12 කින් ඉදිරියට ගෙන ගියේය. ඉන් අනතුරුව කිසිම මොහොතක ස්පි‍්‍රංග්බොක්ස්ලාට තරගයේ නැවත පෙරමුණ ගැනීමට ඕල්බ්ලැක්ස්ලා ඉඩ තැබුවේ නැත.
ලොව විශිෂ්ඨතම කණ්ඩායම් දෙකක් අතර පැවැති මේ දරුණු සංග‍්‍රාමය ආරම්භ වීමෙන් දෙවැනි මිනිත්තුවේදී දෙපිලේ කී‍්‍රඩකයන් එකපොදියට පන්දුවට පොරකද්දී නවසීලන්ත කී‍්‍රඩකයන්ගේ නීතිවිරෝධි හැසිරීමක් පෙන්වීම නිසා ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කරගත් ෆ්ලයි හාෆ් කී‍්‍රඩක හෙන්රි පොලාර්ඞ් දකුණු අපි‍්‍රකානුවන් පෙරමුණට ගෙන ගියේය.
එහෙත් ඊට මිනිත්තු දෙකකට පසුව නවසීලන්ත පිල ලකුණු ලබාගැනීම ආරම්භ කළේ විශිෂ්ට උත්සාහක දිනුමකිනි. කීරන් රීඞ් විසින් පැසිපන්දුවක් යවන ආකාරයට කළ පන්දු පිරිනැමීමක් සුරක්ෂිතව ඩැහැගත් ජෙරොම් කයිනෝ දකුණු අප‍්‍රිකානු සීමා ඉරේ දකුණු මුල්ලට පැන්නේ කඩියකු ලෙසිනි.
මේ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම හා ප‍්‍රබලතම කී‍්‍රඩක ඩැන් කාටර් ගැසු කළ පහරින් පන්දුව ගෝල් කණුවට එපිටින් පියඹා ගියත් ඔහුට නැවත අවස්ථාව ලබාදිමට තරග තීරකවරයා තීරණය කළේ කාටර් පන්දුවට පහර දීමට පෙර බ‍්‍රයන් හබානා මැද්දට පැනීම නිසාය. දෙවැනි අවස්ථාවේදී නම් කාටර් පන්දුව සාර්ථකව ගෝල් කණුව මැද්දෙන් යවමින් ජාම බේරාගත්තේය.
කෙසේවෙතත් මුල් භාගයේ දී කාටර්ගේ ඉලක්කය වැරැුදී ගිය අවස්ථා කිහිපයක්ම විය. මුල් භාගයේ දී ඔවුන්ට ලැබුණු අනගි දඩුවම් පහර දෙකක්ම සාර්ථක කරගැනිමට කාටර් සමත්වූයේ නැත. එසේ වූවානම් පළමු භාගයේ පෙරමුණ ගැනීමේ අවස්ථාව ඕල්බ්ලැක්ස්ලාට ලැබීමේ ඉඩකඩක් ද තිබිණි.
එහෙත් දෙවැනි භාගයේ දී සිය එල්ලයට හොඳින් පිවිසීමට කාටර් සමත්වූ අතර 45 වැනි මිනිත්තුවේ දී ඔහු ගැසූ ඩ්‍රොප් ගෝලය මේ විශිෂ්ඨ කී‍්‍රඩකයාගේ පරිණතභාවය කදිමට විදහා පෙන්වූ එකක් විය. ඉන් පසුව ඉතා මැනවින් එය පවත්වාගෙන ගිය කාටර් තරගය පුරා ඕල්බ්ලැක්ස්ලා ලැබූ ලකුණු 20 න් හරිඅඩකටම හිමිකාරයා බවටද පත් විය.
වත්මන් ලෝක ශූරයන් වන ඕල්බ්ලැක්ස්ලා හමුවේ තරගයේ පළමුභාගයේ පෙරමුණ ගැනීම නිසා උත්තේජනයට පත්ව සිටි ස්පි‍්‍රංග්බොක්ස්ලාට දෙවැනි භාගයේ දී මහ වැසි මැදවුවත් දහඩිය දමන්නට පටන් ගත්තේ උත්සාහක දිනුමක අවශ්‍යතාව තදින්ම දැනීම නිසාය.
එහෙත් තරගය නිමාවනතුරුම ඒ සිහිනය සැබෑ කර ගැනීමට ඕල්බ්ලැක්ස්ලා ඉඩ දුන්නේ නැත. අවසානයේ ඔවුන්ට සිදුවූයේ දඩුවම් පහර හයකින් සෑහීමකට පත්වීමටය. ඉන් පහක්ම සාර්ථක කරගන්නා ලද්දේ හෙන්රි පොලාර්ඞ් විසිනි.
”ජයග‍්‍රහණයේ සුභාරංචිය දේශනා කළේ මැකෝ..” එසේ කියන්නේ කොන්රඞ් ස්මිත්ය.
”පළමු භාගයේ දී ලකුණු 5 කින් දකුණු අපි‍්‍රකාවට වඩා පසුපසින් සිටීම ගැන කොල්ලෝ ටික සෑහෙන කණගාටුවෙන් හිටියේ. ඒ වෙලාවේ හැමෝවම එකට පොදිගස්සවලා නායක මැකෝ මෙහෙම කිව්වා”
”හොඳ කණ්ඩායමක් කියන්නේ නිතරම මේ වගේ අවස්ථාවක් ජයග‍්‍රහණයකට හරවා ගන්න දන්න අයට විතරයි. අපි ඒක කරමු..ඇත්තටම තරගයේ දෙවැනි භාගයේ දී අපි කළේ ඒ ටිකයි” යයි කොන්රඞ් ස්මිත් කීවේය.
- 077
නවසීලන්තය සහ දකුණු අපි‍්‍රකාව අතර රග්බි අවසන් පූර්ව තරගයේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ඒ.එෆ් .පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.