Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවරදී ඊයේ (19 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 73 ක ජයක් අත්කර ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත්විය.
ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 330 ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානු පිල, ඕවර 44.3 ක් අවසානයේ ලකුණු 256 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
ආරම්භක පිතිකරු හෂීම් අම්ලා, ඊයේ දිනයේ සිය 17 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ලබාගැනීමට සමත් වුවද, දකුණු අපි‍්‍රකානු පිල ජයග‍්‍රහණය කරා රැුගෙන යැමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
පන්දු 34 කට මුහුණ දුන් ඒ. බී. ඩිවිලියර්ස් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් වේගවත් අර්ධ ශතකයක් (52) වාර්තා කිරීමට සමත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන කී‍්‍රඩක මිචෙල් ස්ටාර්ක්, ලකුණු 32 කට කඩුලූ 4 ක් බිඳහෙළුෑ අතර ජොෂ් හෙසල්වුඞ් ලකුණු 51 කට කඩුලූ 3 ක් දවාළමින් ඕස්ටේ‍්‍රලියානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ස්ටාර්ක්ට මනා සහයක් දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිල නියමිත ඕවර 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 329 ක් ලබාගත්තේය.
එහිදී ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච්, සිය 5 වැනි ශතකය (109) ලබාගත් අතර පන්දු 127 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.
ඒරන් ෆින්ච් සහ ඬේවිඞ් වෝනර් (53) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 118 ක සමබන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ‍්‍රලියානු පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
කණ්ඩායමේ 4 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 73 ක් රැුස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර තරගයේ වීරයා බවටද පත්විය.
ඕස්ටේ‍්‍රලියානු පිල - ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 329
(ඬේවිඞ් වෝනර් 53, ඒරන් ෆින්ච් 109, ෂේන් වොට්සන් 40, මැතිව් වේඞ් 35, ග්ලේන් මැක්ස්වෙල් 29, මිචෙල් මාෂ් 22, මෝර්නි මෝකල් 84/2)
දකුණු අපි‍්‍රකානු පිල - ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී 256
(හෂීම් අම්ලා 102, ක්වින්ටින් ඩි කොක් 47, ෆෆ් ඩුප්ලෙසි 17, ඒ. බී. ඩිවිලයර්ස් 52, මිචෙල් ස්ටාර්ක් 32/4, ජොෂ් හෙසල්වුඞ් 51/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.