Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රාහී හතරේ පහර ගැසූ ජේම්ස් ෆෝක්නර් දකුණු අපි‍්‍රකාවට එරෙහිව සිඞ්නි නුවරදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදීත් කඩුලූ 2 ක ජයක් ඕස්ටේ‍්‍රලියානු පිලට අත්කර දුන්නේය. මෙම තරගාවලියේදී ලබාගත් 4-1 ක ජයත් සමගින් ඕස්ටේ‍්‍රලියානු පිල අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින ශ්‍රේණිගතකිරීම් අතරේ පළමු ස්ථානය නැවතත් ලබාගත්තේය.
ලකුණු 281 ක ඉලක්කයක් කරා යමින් සිටි ඕස්ටේ‍්‍රලියානු පිිලේ ඉලක්කය වර්ෂාවෙන් හේතුවෙන් ලකුණු 275 ක් දක්වා සංශෝධනන කෙරුණු නමුත් ලකුණු 32 කට කඩුලූ 4 ක් දවාගත් රොබින් පීටර්සන්ගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 3 ක් ඇතුළත කඩුලූ 4 ක් බිඳ වැටීම නිසා දකුණු අපි‍්‍රකානු පිල වෙතට තරගයේ වාසිය දෝලනය විය. එහෙත් අවසන් ඕවරයේ පළමු පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවූ ෆෝක්නර් තරගයෙන් කඩුලූ 2 ක ජයක් ඔස්ටේ‍්‍රලියානු පිලට අත්කර දුන්නේය.
”අන්තිම හරියේදී අපි තරමක් අමාරුවේ වැටුණා. ඒත් ජිමී (ජේම්ස් ෆෝක්නර්) අපිව ගොඩගත්තා” යයි ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් ලකුණු 67 ක් ලබාගත් ස්ටීවන් ස්මිත් පැවසීය.
සිය හයවැනි එක්දින ශතකය ලබාගත් ක්වින්ටින් ඩි කොක්ගේ පිතිහරඹය නිසා ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී නියමිත ඕවර 50 නිමා වීමට පෙර කඩුලූ 6 ක් දැවී ලකුණු 280 ක් ලබාගැනීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ.
දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් මෙම තරගයට කී‍්‍රඩා නොකරන අතර හසිම් අම්ලා දකුණු අපි‍්‍රකානු පිලේ නායකත්වය දරයි. ඩිවිලියර්ස්ගේ ස්ථානය රිලී රොසව්ට හිමිවී තිබේ.
ලකුණු 54 ක් ව තිබියදී නායක අම්ලා පිටියෙන් ඉවත්වූ නමුත් රිලී රොසව් (51) සහ ක්වින්ටින් ඩි කොක් (නොදැවී 107) දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් එක්කරමින් ලකුණු වේගය ඕවරයකට 5.00 ඉක්මවා රඳවා ගත්හ.
එසේ වුවත් 40 වැනි ඕවරය නිමා වනවිට දකුණු අපි‍්‍රකානු ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 200 ක් පමණි. ඉනිමේ අවසන් කොටසේදී ෆර්හාන් බෙහාර්ඞීන් ප‍්‍රවේගකාරී පිතිහරඹයක යෙදෙමින් පන්දු 41 කදී ලකුණු 63 ක් ලබාගත් අතර එම පිතිහරඹය නිසා අවසන් ඕවර 10 දී ලකුණු 80 ක් උදුරා ගැනීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ.
මේ වන විටත් 3-1 ක් ලෙසින් තරගාවලිය පරාජය වී සිටින දකුණු අපි‍්‍රකානු පිල මෙම තරගයට පිවිසියේ තම ගෞරවය රැකගැනීමේ අටියෙනි.
කෙසේ වෙතත් මෙම තරගය ජයගතහොත් ඕස්ටේ‍්‍රලියානු පිලට අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය නැවතත් හිමිකරගත හැකිය.
දකුණු අපි‍්‍රකාව ඕවර 50 කදි කඩුලූ 6 ක් දැවී 280
(හසිම් අම්ලා 18, ක්වින්ටින් ඩි කොක් 107, රිලී රොසව් 51, ෆර්හාන් බෙහාර්ඞීන් 63, වේන් පාර්නෙල් නොදැවී 18, පැටි කමින්ස් 54/3)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 47.1 කඩුලූ 8 ක් දැවී 275
(ඬේවිඞ් වෝනර් 21, ඒරන් ෆින්ච් 76, ෂේන් වොට්සන් 82, ස්ටීවන් ස්මිත් 67, මෝනි මෝකල් 69/2, රොබින් පීටර්සන් 32/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.