Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ටේ‍්‍රලියාව 530 යි, ඉන්දියාව 1/108 යි

ඕස්ටේ‍්‍රලියාව 530 යි, ඉන්දියාව 1/108 යි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී තුන්වැනි ශතකයත් ලබාගත් ස්ටීවන් ස්මිත් (192) මෙල්බර්න් නුවර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) ලකුණු 530 ක් කරා  ඕස්ටේ‍්‍රලියානු පිල කැඳවාගෙන ගියේය. එහෙත්  ඕස්ටේ‍්‍රලියානුවන්ට නොදෙවනි පිතිහරඹයකට පිළිපන් ඉන්දියානුවෝ දෙවැනි දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 108 ක් ලබා සිටියහ.

ආරම්භක පිතිකරු මුරලි විජේ නොදැවී ලකුණු 55 ක් ලබා සිටි අතර චෙටේස්වාර් පුජාරා ලකුණු 25 ක් ලබා පිටියේ රැඳී සිටියේය.

අද දිවා ආහාරය වන විට පිතිකරුවන් දවාගැනීම සම්බන්ධයෙන් ඉන්දියානුවන්ගේ අදහස් අහවර කරමින් සිටි  ඕස්ටේ‍්‍රලියානු නායකයා මොහොමඞ් සාමිගේ පන්දුවක් ෆයින් ලෙග් කලාපය හරහා හතරේ සීමාවට යවමින් මේ වසර තුළදී සිය පස්වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. එහෙත් තමන් විසින් ලබාගත යුතුව තිබූ අගනා ද්විත්ව ශතකයක් පෙනි පෙනී සිටියදී දැවී ගියේය.

තේ පානයට මඳ වේලාවකට කලින්  ඕස්ටේ‍්‍රලියානු ඉනිම නිමා වන විට ලකුණු 530 ක් ලකුණු පුවරුවට එක්වී තිබිණ. අවසන් පිතිකරුවා ලෙසින් දැවී ගිය ස්මිත්ගේ විනාඩි 423 ඉනිමට හතරේ පහර 15 ක් සහ හයේ පහර 2 ක් එක්ව තිබූ අතර ඔහු පන්දු 305 කට මුහුණ දී තිබිණ. මෙම තරගාවලියේ තරග තුනේදී ලකුණු 567 ක් ලබා සිටින ස්මිත් ඉනිම 5 කදී දැවී ගොස් ඇත්තේ තුන් වතාවක් පමණි.
 
ඉනිම 15 කට පසුව, අද පෙරවරුවේදී, නැවතත් ලකුණු අතරට පැමිණි බ‍්‍රැඞ් හැඩින් සිය 18 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අතර ස්මිත් සමග එක්වෙමින් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 110 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීය.  ඕස්ටේ‍්‍රලියානු ඉනිම ස්මිත්ගේ ශතකයෙන් සහ අර්ධ ශතක 4 කින් සවිමත් වූ අතර මිචෙල් ජොන්සන් පන්දු 37 කදී ලකුණු 28 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක්ද ඊට ඇතුළත් කරමිනි.

ස්මිත් සමග එක්වූ රයාන් හැරිස් ලකුණු 74 ක් ලබාගනිමින් 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 106 ක් එක්කළ අතර මෙම සම්බන්ධතාව නිසාම ලකුණු 500 සීමාව ආසන්නයට පැමිණීමට  ඕස්ටේ‍්‍රලියානුවෝ සමත් වූහ.

ඕස්ටේ‍්‍රලියානුවන් සිත්සේ ලකුණු සොයා යද්දී ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අද පෙරවරුවේදී කටයුතු කළේ අන්දමන්ද වූ තැනැත්තකු පරිද්දෙනි.

දෙවැනි දිනයේ තරගය ආරම්භ වීමත් සමගම පළමු විනාඩි 40 දී ලකුණු 47 ක්  ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වූ නමුත් ඉන්දීය නායකයා තම වේග පන්දු යවන්නන් එහා මෙහා කරමින් සිටියේය. දිවා ආහාරයට විනාඩි 30 කට පමණ පෙර සිය ප‍්‍රධානතම දග පන්දු යවන්නා වූ රවිචන්ද්‍රන් අශ්වින්ගේ සේවය ලබාගැනීමට තීරණය කිරීමත් සමගම මිචෙල් ජොන්සන්ගේ ඉනිම නිමා විය.

ඉන්දීය පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නා වන ඉෂාන්ත් ෂර්මාගේ  ඕවර 32 න්  ඕස්ටේ‍්‍රලියානුවන් ලකුණු 104 ක් උදුරාගත් අතර මොහොමඞ් සාමි (138/4), උමේෂ් යාදව් (130/3) සහ රවිචන්ද්‍රන් අශ්වින් (134/3)  ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ කඩුලූ 10 බෙදාහදා ගත්හ.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 530
(කි‍්‍රස් රොජර්ස් 57, ෂේන් වොට්සන් 52, ස්ටීවන් ස්මිත් 192, ෂෝන් මාෂ් 32, ජෝ බර්න්ස් 13, බ‍්‍රැඞ් හැඩින් 55, මිචෙල් ජොන්සන් 28, රයාන් හැරිස් 74, නේතන් ලයන් 11, උමේෂ් යාදව් 130/3, මොහොමඞ් සාමී 138/4, රවිචන්ද්‍රන් අශ්වින් 134/3)

ඉන්දියාව - පළමු ඉනිම කඩුලූ 1 ක් දැවී 108
(මුරලි විජේ නොදැවී 55, ෂිකාර් ධවාන් 28, චෙටේස්වාර් පුජාරා නොදැවී 25)

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව 530 යි, ඉන්දියාව 1/108 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.