Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් තරගයේදී දින තු-නකුත් වරුවක් ඉතා සන්සුන්ව හා මන්දගාමීව ගෙවී ගියද සිවුවැනි දිනයේ අවසන් භාගයේ එය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. ආක්‍රමණශීලී පිතිහරඹයක නිරතවූ ඕස්ටේ්රලියානු පිතිකරුවන් අද දිනය නිමාවනවිට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 251 ක් ලබා සිටින අතර පළමු ඉනිමේ ඉතිරිවූ ලකුණු 97 ත් සමග දැන් ඉන්දියාවට වඩා ලකුණු 348 කින් ඉදිරියෙන් පසුවෙයි.
ඕස්ටේ්රලියානුවන්ගේ එකම අරමුණ වී ඇත්තේ ප්‍රතිවාදී ඉන්දීය පිල පමණක් නොව කාලගුණයද පරාජය කිරීමය.
අවසන් දිනයේ වර්ෂාව බලාපොරොත්තු විය හැකි බැවින් සහ සිඞ්නි තණතීරුවේ පන්දුව වැඩිපුර දෝලනය වීමට ඉඩ ඇති බැවින් එක්දින තරග මුහුණුවරකින් සිය දෙවැනි ඉනිම වර්ණවත් කිරීමට ඔස්ටේ්රලියානු නායකයා ගත් තීරණය නිසා සත්කාරක කණ්ඩායම මේ ලකුණු 251 රැස් කිරීමට වැය කළේ ඕවර 40 ක් පමණි. කෙසේ වෙතත් ඕස්ටේ්රලියානු දෙවැනි ඉනිමේදී පන්දු යැවීම ආරම්භ කළ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලූ 4 ක් දවාගැනීම නිසා අවසන් දිනයේදී නේතන් ලයන්ට වාසිදායක තත්ත්වයක් නිරිමාණය වූවහොත් එයද පුදුමයට කාරණාවක් නොවේ.
විශේෂයෙන්ම සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයක අවසන් දිනයේ දග පන්දු යවන්නන් පෙරමුණ ගැනීම සාමාන්‍ය තත්ත්වයකි.
ඔස්ටේ්රලියානු නායක ස්ටීවන් ස්මිත් දිනය නිමාවනවිට ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන්ගේ වාර්තාවක් බිඳ දමා තිබුණ අතර ක්‍රිස් රොජර්ස් පිට පිටම හයවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගනිමින්ද, ජෝ බර්න්ස් පන්දු 33 කදී අර්ධ ශතකයක් වාර්තා කරමින් ද සිය කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
ඕස්ටේ්රලියානු දෙවැනි ඉනිමේ දෙවැනි ඕවරය යැවීමට කැඳවූ රවිචන්ද්‍රන් අශ්වින් සිය තුන්වැනි පන්දුවෙන්ම ප්‍රබල පිතිකරු ඬේවිඞ් වෝනර් ලකුණු 4 කට දවාගත් අතර ලකුණු අතරේ සිටින ෂේන් වොට්සන් 7 වැනි ඕවරයේදී ලකුණු 16 කට පිටියෙන් ඉවත් කළේය.
අනතුරුව ක්‍රිස් රොජර්ස් සමග එක්වූ නායක ස්ටීවන් ස්මිත් පන්දු 70 කදී ලකුණු 71 ක් රැස් කරමින් සිඞ්නි ක්‍රීඩාංගණයේ රැුස්ව සිටි ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත්කළේය.
ඕස්ටේ්රලියානු නායකයා මොහොමඞ් සාමිගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන විට හතරේ පහර 8 කුත්, හයේ පහරකුත් සිය ඉනිමට එකතු කර තිබිණි. ඉන් හතරේ පහර 4 ක්ම එල්ල වූයේ උමේෂ් යාදෙව්ගේ ඕවරයකදීය. ස්මිත්ට නොදෙවැනි පිතිහරඹයක යෙදුණු ජෝ බර්න්ස් ලකුණු 66 ක් රැස් කළේ පන්දු 39 කදීය. උමේෂ් යාදෙව් ඔහුගෙන්ද පිට පිට හතරේ පහර 4 කින් සංග්‍රහ ලැබීම කැපී පෙනුණි. ජෝ බර්න්ස්ගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක්ම ඇතුළත් විය.
තරගාවලියේ අවසන් වරට දැවී යාමට පෙර ලකුණු 769 ක් සිය නමට එකතුකරගත් ස්ටීවන් ස්මිත්, ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගමාලාවක වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ලෙස ලකුණු 715 ක් රැස් කරමින් ශ්‍රිමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් 1947 දී තැබූ වාර්තාව බිඳ දැමීමට සමත්විය.
අද දිවා ආහාරයට තරගය නතර කරන විට සිය පළමු ඉනිමට කඩුලූ 7 ක් දැවී ලකුණු 407ක් රැස් කළ ඉන්දිය පිල ඊට මොහොතකට පසුව ලකුණු 475 කට දැවී ගියේය. ඉන්දීය පිලේ මුලූ ලකුණු සංඛ්‍යාවට ඉතා වැදගත් ලකුණු 123 ක්ම රැස් වූයේ අවසන් කඩුලූ හතරෙනි.
ඉන්දීය පිලේ පසුපෙළ කඩුලූ ඉක්මනින් දවාලීමේ ඕස්ටේ්රලියානු බලාපොරොත්තුව බිඳ වැටුණේ නේදන් ලයන්ගේ පන්දුවකට බුවනේෂ්වර් කුමාර් දුන් උඩපන්දුව ෂෝර්ට් ලෙග් හී සිටි ජෝ බර්න්ස්ට රැක ගැනීමට නොහැකිවීම නිසාය. අනතුරුව රවිචන්ද්‍රන් අශ්වින් (50) සහ බුවනේෂ්වර් කුමාර් (30) එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 65 ක වටිනා සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
ලකුණු 342 කට කඩුලූ 5ක් බිඳ වැටී තිබියදී අද පිතිහරඹයට පිවිසි ඉන්දීය පිලට 6 වැනි කඩුල්ල අහිමිවූයේ පස්වැනි ඕවරයේදීමය. ඊයේ දිනයේ ලකුණු 88 ක් ලබා සිටියදී ස්ටීවන් ස්මිත් උඩපන්දුවක් අතහැරීමෙන් ජීවය ලැබූ ඉන්දීය නායකයා, වාර්තාගත පිතිහරඹයක නිරතවූවත් සිය ඉනිමට අද දිනයේ එකතු කරගැනීමට හැකිවූයේ ලකුණු 7ක් පමණි. ඔහු රයන් හැරිස්ගේ පන්දුවකට ක්‍රිස් රොජර්ස් අතට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු 147 ක් ලබා සිටියදීය.
ආබාධයකට ලක්ව සිටීම නිසා ඊයේ තරගයේ තුන්වැනි දිනයේ වැඩි කාලයක් ක්‍රීඩාගාරයට වී සිටි රොජර්ස් අද උදෑසන මිනිත්තු 315 ක් කඩුල්ලේ රැඳී සිටි කෝලි දවාලූයේ මිඞ්විකට් කලාපයේ සිට ඉතා පහතින් ඇදී ආ උඩපන්දුවක් රැුකගැනීමෙනි.
ඕස්ටේ්රලියාව පළමු ඉනිම කඩුලූ 7 ට 572
ඉන්දියාව පළමු ඉනිම 475
(ලෝකේෂ් රාහුල් 110, රෝහිත් ෂර්මා 53, විරාට් කෝලි 147, රි්දිමන් සහා 35, රවිචන්ද්‍රන් අශ්වින් 50, බුවනේෂ්වර් කුමාර් 30, මොහොමඞ් සාමි නොදැවී 16, මිචෙල් ස්ටාක් 106/3, රයාන් හැරිස් 96/2, නේතන් ලයන් 123/2, ෂේන් වොට්සන් 58/2)
ඕස්ටේ්රලියාව දෙවැනි ඉනිම කඩුලූ 6 ට 251 යි
(ක්‍රිස් රොජර්ස් 56, ෂේන් වොට්සන් 16, ස්ටීවන් ස්මිත් 71, ජෝ බර්න්ස් 66, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 31, රවිචන්ද්‍රන් අශ්වින් 105/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.