Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ටේ‍්‍රලියාව දිනුවත් ප‍්‍රසාද ලකුණ අහිමි වෙයි

ඕස්ටේ‍්‍රලියාව දිනුවත් ප‍්‍රසාද ලකුණ අහිමි වෙයි

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජවයත්, වේගයත් එකට කැටිවූ ශක්ති සම්පන්න සිරුරුවලට හිමිකම් කියන ෆිජී කී‍්‍රඩකයන් අභිබවා යමින් ලන්ඩන් නුවර කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති ‘ඒ‘ කාණ්ඩයේ සිය පළමු තරගයෙන් ලකුණු 28-13 ක සටන්කාමී ජයක් අත්කර ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා සමත්වූහ.


කෙසේ වෙතත් අන්තිම මිනිත්තු විස්සේ දී ෆිජී කී‍්‍රඩකයන් විස්මිත අයුරින් කී‍්‍රඩා කරන්නට වීමෙන් එතෙක් ලකුණු 25-3 ක් ලෙස සිය ආධිපත්‍ය පතුරුවමින් සිටි වොලබීස්ලාට සිදුවූයේ තරගය වැඩි පරතරයකින් ජයගෙන ප‍්‍රසාද ලකුණක් රැුස් කිරීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.


මරාගෙන මැරෙන්නට තරම් දැඩි සටනක නිරතවීමට සිදුවී තිබෙන මෙවර තරගමාලාවේ ප‍්‍රබලතම කාණ්ඩය වන ‘ඒ‘ කාණ්ඩයේ තරගවල දී ඊළග වටයට යාමේ තීරණාත්මක සාධකය වනු ඇත්තේ ප‍්‍රසාද ලකුණු බව වොලබීස්ලා හොඳින්ම දැන  සිටියහ.  එහෙත් ඒ අවස්ථාව ඔවුන්ට අහිමිවූයේ ඊයේ තරගයේ අවසන් මොහොත දක්වා ලකුණු 22 ක පරතරයක් රඳවා තබාගත් වොලබීස්ලාට එරෙහිව අවසන් විනාඩි 20 ඇතුළත ගෝලයක් සහ ද`ඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 10 කින් ලකුණු පරතරය අඩුකර ගත් බැවිනි.


තරගයේ 9 වැනි මිනිත්තුවේ දී ෆ්ලයි හාෆ් කී‍්‍රඩක බර්නාඞ් ෆොලේගේ දඩුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ  ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලාගෙන් 20 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් උදුරාගත් ෆිජී කී‍්‍රඩකයන් ලකුණු සංඛ්‍යාව 3-3 කින් සම කරගත්තත්, ඔවුන් අන්ද මන්ද කරවූ ඬේවිඞ් පොකොක් 25 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු පහක් තුළ තැබූ උත්සාහක දිනුම් ද්විත්වයෙන් තත්ත්වය එහෙම පිටින්ම වෙනස්වූ අතර වොලබීස්ලා 15-3 කින් ඉදිරියට ගියේය.


දෙපිලෙහිම කී‍්‍රඩකයන් ෆිජී සීමා ඉරට මඳක් එපිටින් එකපොදියට ගුලිවෙමින් හරි හරියට පන්දුවට පොර බඳිද්දී ඒ අතරින් රිංගා ගිය පොකොක් මේ උත්සාහක දිනුම් දෙකම වාර්තා කළේය.


ඉන් පළමුවැන්න ෆොලේ විසින් සාර්ථකව ගෝලයක් බවට පත්කරනු ලැබුවත් දෙවැන්න ඔහු අතින් මග හැරිණි. පොකොක් වාර්තා කළ දෙවැනි උත්සාහක දිනුමට මිනිත්තුවකට පෙර ෆිජී ප්‍රොප් කී‍්‍රඩක කැම්පිසී මාෆු නවසීලන්ත තරග තීරක ග්ලෙන් ජැක්සන්ගේ කහ කාඞ් දුටුවේ නීතිවිරෝධි අයුරින් ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ට බාධා කිරීම නිසාය.


විරාමයට පෙර ෆිජී කී‍්‍රඩකයන්ගේ නීතිවිරෝධී තරග රටාව හමුවේ තවත් දඩුවම් පහරක් සාර්ථක  කරගත් ෆොලේ සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 18-3 කින් ඉහළට ඔසවා තැබුවේය.


පෙනුණු හැටියට බරපතල පරාජයක් හමුවේ සිටි ෆිජී කී‍්‍රඩකයන්ට තරගය තවත් අසීරු වූයේ දෙවැනි භාගයේ ආරම්භයේදීම සිකොප් කැපූ තැබූ අලංකාර උත්සාහක දිනුමෙනි. එය වොලබීස්ලාගේ ජයග‍්‍රහණය තහවුරු කළ එකක් වූවත් ඊළ`ග මොහොතේ සිට  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ මනස අවුල් කරවන්නට මේ පැසිෆික් කලාපයේ දූපත්වාසීන් සමත්වූ අතර වොලබීස්ලාගේ දුර්වල ස්ක‍්‍රම් පොදියෙන් නිසි ඵල නෙලා ගත්තේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක බෙන් වොලවෝලෝ ය.


ඉතා අලස ස්වරූපයක් ගත්  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ස්ක‍්‍රම් කී‍්‍රඩකයන් සිය ප‍්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමට කොහෙත්ම අසමත්වූ අතර ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවන වොලබීස්ලාට ස්ථාන 6 ක් ඔබ්බෙන,් 9 වැනි තැන රැුඳී සිටින ෆිජී කී‍්‍රඩකයන්ගේ මේ අනපේක්ෂිත ප‍්‍රහාරය ඊයේ මිලේනියම් කී‍්‍රඩාංගණයට රැුස්ව සිටි 67,000 කට අධික කී‍්‍රඩාලෝලීන් පිරිසකට වැඩි සතුටක් ගෙන දුන්නේය. ඔවුන්ගෙන් බහුතරය ඊයේ මුල සිටම ෆිජී කී‍්‍රඩකයන්ට සහය පළකිරීමද කැපී පෙනුණි.


කෙසේවෙතත් 69 වැනි මිනිත්තුවේදී තවත් දඩුවම් පහරක් සාර්ථක කරගනිමින්  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ  ලකුණු සංඛ්‍යාව 28-13 කින් ඉහළ දැමීමට ෆෝලේ සමත්විය. එහෙත් ඒ වනවිටත් පැසිෆික් ¥පත්වාසීන්ගේ අනපේක්ෂිත ප‍්‍රහාරයෙන් අන්දමන්දව සිටි වොලබීස්ලා ඉතිරි මිනිත්තු කිහිපය කී‍්‍රඩා කළේ ඉතා පරිස්සමිනි.


තරගය නිමාවීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදි  ඕස්ටේ‍්‍රලියාවේ ටෙවිටා කුරිද්‍රානීටත් කහ කාඞ්පත පෙන්වීමෙන් දඩුවමට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වීම ඔවුන්ගේ චකිතය ඉහළයාමට කරුණක් වූවත් ලකුණු සංඛ්‍යාවට ඉන් බලපෑමක් එල්ල වූයේ නැත.


හොඳම කී‍්‍රඩකයන් දමා සිය පළමු තරගය ජයගෙන මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ සාර්ථක ආරම්භයක් ලැබූ  ඕස්ටේ‍්‍රලියාව ලබන ඉරිදා (27) බර්මින්හැම් හී උරුගුවේ පිල සමග තරගයේදී කණ්ඩායම එහෙම පිටින්ම වෙනස් කරන බවට වොලබීස් පුහුණුකරු මයිකල් චීකා තරගයෙන් පසුව යම් ඉගියක් පළ කළේය. පෙනෙන හැටියට ඔහු නම් ප‍්‍රසාද ලකුණ අහිමිවීමෙන් එතරම් කණගාටුවට පත්වී නැති හැඩය.

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව දිනුවත් ප‍්‍රසාද ලකුණ අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.