Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ටේ‍්‍රලියානු - නවසීලන්ත එදිරිවාදීකම

ඕස්ටේ‍්‍රලියානු - නවසීලන්ත එදිරිවාදීකම

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ ලෝක කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ සාම්ප‍්‍රදායික ප‍්‍රතිවාදීන් දෙපළක් වන  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයයි. කී‍්‍රඩා පිටියේදී මෙම රටවල් අතර පවතින  එදිරිවාදීකම වැඩි වන්නට බලපෑ හේතු පහකි.


චැපල්ගේ අත යටින් පන්දු යැවීම


ඉන් පළමුවැන්න ලෙස සැළකෙන්නේ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ හිටපු ප‍්‍රබල කී‍්‍රඩකයකු හා නායකයකු වූ ග්‍රෙග් චැපල්ගේ අත යටින් පන්දු යැවීමේ ආන්දෝලනාත්මක සිදුවීමයි. වසර 1981 දී මේ සිදුවීමට මුල් වූයේ දෙපිල අතර පැවැති එක්දින තරගයක් සමකර ගැනීම සඳහා නවසීලන්තයට අවසන් පන්දුවට ලකුණු හයක් අවශ්‍යවී තිබීමය.


නවසීලන්ත ඉනිමේ අවසන්  ඕවරය යවමින් සිටි සිය බාල සොයුරු ටෙ‍්‍රවර් චැපල් ඇමතූ එවකට  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයා ලෙස කටයුතු කළ ග්‍රෙග් චැපල් ඔහුට අත යටින් පන්දුව යවන ලෙස උපදෙස් දුන්නේය. ලෝක කි‍්‍රකට් පිටිය කැළඹූ මේ සිදුවීමෙන් පසුව පරාජිත නවසීලන්ත පිල දැඩි කෝපයටත්,  ඕස්ටේ‍්‍රලියානු පිල දැඩි අපකීර්තියටත් පත්විය.


කි‍්‍රකට් කී‍්‍රඩාව ආරම්භ වූයේ අත යටින් පන්දු යැවීමෙනි. එහෙත් ඒ වන විටත් අත යටින් පන්දු යැවීම තහනම් කොට නොතිබූ අතර චැපල් සොයුරන්ගේ මේ ලැජ්ජාසහගත කි‍්‍රයාවෙන් පසුව එම පන්දු යැවීමේ ඉරියව්ව කි‍්‍රකට් පිටියෙන් මුළුමනින්ම අතුගා දැමීමට ජාත්‍යන්තර කි‍්‍රකට් බලධාරීහූ තීරණය කළහ. මේ සිදුවීම අදටත් නවසීලන්ත ජාතිකයන්ගේ මනසේ හොල්මන් කරන සිදුවීමක් බවට පත්වී තිබේ.

 

බ්ලෙඩිස්ලෝ කුසලාන හටන


ලෝක කුසලාන රග්බි තරගමාලාවට පමණක් දෙවැනි වන ආකාරයේ උණුසුමකින් යුතුව  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන රග්බි තරගයකි බ්ලෙඩිස්ලෝ කුසලාන හටන. මුල දී දෙවසරකට වරක් පැවැති බ්ලෙඩිස්ලෝ කුසලාන රග්බි තරගාවලිය දැන් වාර්ෂිකව පැවැත්වේ.


වසර 2002 වනතුරු බ්ලෙඩිස්ලෝ කුසලානය අත්පත් කරගත්  ඕස්ටේ‍්‍රලියාවට ඉන් අනතුරුව අද වනතුරු ඊට අත තැබීමට නවසීලන්තය ඉඩ දී නොමැත. වසර 1931 දී එවකට නවසීලන්තයේ හිටපු ආණ්ඩුකාර බ්ලෙඩිස්ලෝ සාමිවරයාගේ නමින් ආරම්භ කළ මේ ඓතිහාසික තරගාවලියේ වසර 13 ක්ම පරාජයට පත්වෙමින් සිටින  ඕස්ටේ‍්‍රලියානුවන් එහි වාඩුව ගැනීමේ සටනක් ලෙසත් සෙනසුරාදා පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය නම් කළ හැකිය.


කි‍්‍රකට් ලෝක කුසලානය


වසර 1975 දී ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගමාලාව ආරම්භ  කළ දිනයේ සිට අද වනතුරු එය වැඩි හරියක් දිනාගත්තේ ලා කොළ පාට ඇඳුමින් සැරසුණු  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ය. ඔවුන් වාර 5 කදී ලෝක එක්දින කි‍්‍රකට් කිරුළ දිනාගත් අතර තම අසල්වාසී කලූ තොප්පිකාර නවසීලන්තයට කිසිදිනෙක ඒ අවස්ථාව ලැබී නැත.


මේ වසරේ මුල් භාගයේ පැවැති කි‍්‍රකට් ලෝක කුෂලාන තරගාවලියේ ෂත්කාරය දැරුවේත්  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය ඒකාබද්ධවය. අවසන් මහ තරගයට පෙර  ඕස්ටේ‍්‍රලියානුවන් ලෝක කුසලාන සිවු වතාවක් දිනා සිටියද පසුගිය මාර්තු මාසයේදී නවසීලන්ත කණ්ඩායම කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට අවස්ථාව උදාකරගත්තේ පළමු වැනි වතාවටය. එහෙත් අවසන් මහා තරගයේ දී  ඕස්ටේ‍්‍රලියාව පස්වැනි වරටත් කි‍්‍රකට් කිරුළ දිනාගත්තේ ද නවසීලන්තය පරාජයට පත් කරමිනි.

 

කිවි - කැන්ගරු ඇන්සාක් හටන


පළමුවැනි ලෝක මහා යුධ සමයේ දී ඔටෝමාන් අධිරාජයාට එරෙහිව සටන් කළ  ඕස්ටේ‍්‍රලියා හා නවසීලන්ත ඒකාබද්ධ හමුදාවේ දිවි පි¥ රණවිරුවන්  සිහිවීම පිණිස සෑම වසරකදීම අපේ‍්‍රල් මස 25 වැනිදා ඇන්සාක් දිනය සැමරේ. ඒ නිමිත්තෙන්  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර 1997 වසරේ දී ආරම්භ කළ ඇන්සාක් රග්බි තරගයට දැන් වසර 19 කි.


මේ දීර්ඝ කාලය තුල නවසීලන්තයට එය දිනාගැනීමට හැකිවී ඇත්තේ දෙවතාවක් පමණි. 2001 සිට 2003 දක්වා නොපැවැත්වූවත් ඇන්සාක් කිරුළ 14 වතාවක්ම දිනා ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවයි. ඒ වාඩුව  ඕස්ටේ‍්‍රලියාව වෙතින් නවසීලන්තය කවදත් පිරිමසා ගන්නේ රග්බි ලෝක කුසලාන තරගමාලාවේදීය.


දැල්පන්දු පිටියේ එදිරිවාදීකම


දශක ගණනාවක් පුරා දෙරටක් අතර දෝලනය වන ලෝක කුසලානයක් ඇත්නම් එය දැල්පන්ද ලෝක කුෂලානයයි. වසර 1963 දී ආරම්භ වී සිවුවසරකට වතාවක් පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගමාලාවේ අද වනතුරු ස්වකීය ආධිපත්‍ය පතුරුවාලමින් සිටින දෙරට වන්නේ ද  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයයි.


එතෙක් මෙතෙක් පැවැති දැල්පන්දු ලෝක කුසලාන තරගමාලා 14 දී ඩයමන්ඞ්ස්ලා නමින් හැඳින්වන  ඕස්ටේ‍්‍රලියානු දැල්පන්දු පිල වාර 10 කදී ශූරතාව දිනා ඇති අතර ‘සිල්වර් ෆර්න්ස්’ නමින් හැඳින්වන නවසීලන්ත දැල්පන්දු කණ්ඩායම තරගමාලා තුනක් ජයගත්තේය. එක වතාවකදී දෙපිලම සම ශුරියෝ වූහ.


මෙහි විශේෂත්වය වන්නේ  අවසන් මහා තරග 10 කදීම එකිනෙකාගේ ප‍්‍රතිවාදීන් බවට පත්වී ඇත්තේ මේ දෙරටවීමය. ඒ අතින් බැලූවිට මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගයේ උණුසුම වැඩිවීමේ අරුමයක් ද නැත.

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානු - නවසීලන්ත එදිරිවාදීකම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.