Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලයේදී දැන් පැවැත්වෙන 31 වැනි රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් (7) පැවැති පිහිනුම් තරගාවලියේ මීටර 100 පසුපස ආර කාන්තා ඉසව්වේ මුලික වටයේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා කිමිකෝ රහීම් සිවුවැනි ස්ථානයට පත්වුවාය.
කිමිකෝ තරගය විනාඩි 1 තත්පර 04.21 ක කාලයකින් අවසන් කළ නමුත් ඇයට තවදුරටත් තරගාවලියේ ඉදිරියට යාමට එය ප්‍රමාණවත් නොවීය.
මීටර 100 පසුපස ආර කාන්තා ඉසව්වේ මුලික වටයේ තරග පහක් පැවැති අතර එම තරග පහේදී ක්‍රීඩිකාවන් ලබාගත් කාලය අනුව කිමිකෝට හිමිව ඇත්තේ 28 වැනි ස්ථානයයි. කිමිකෝ සහභාගි වු මුලික වටයේ දෙවැනි තරගය ජය ගත්තේ හොංකොං ක්‍රීඩිකා යෙන් යැන් ක්ලෝඩියා (වි.1.තත්01.27) විසිනි.
මෙම ඉසව්වේ පෙර අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 16 දෙනාගෙන් ඇමරිකාවේ කැත්ලීන් බෙකර් (තත්පර 58. 84 ) හොඳම කාලය වාර්තා කිරීමට සමත්වුවාය.
කිමිකෝ, ඉන්දියාවේදී පැවැති ඇසෑම් සාග් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේදී රන් පදක්කම් පහක් සහ රිදී පදක්කමක් දිනා ගනිමින් වැඩිම පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වුවාය. මෙම රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව කිමිකෝ, උදාකර ගත්තේ සුදුසුකම් නොලත් නාම ලේඛණය (වයිල්ඞ් කාඞ්) මගිනි.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.