Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කඳුරට අවසන් උත්සාහයත් අසාර්ථකයි

කඳුරට අවසන් උත්සාහයත් අසාර්ථකයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත නොහැකි වූ නමුත් චැම්පියන්ස් ලීග් වි:20 සුදුසුකම් තේරීමේ තරගාවලියේ එකම ජය තම පිලට හිමිකර දීමට විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ෆයිස්ලාබාද් වුල්ව්ස් පිලේ නායක මිස්බා උල් හක් සමත් විය.

මොහාලි කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති තරගයේදී ෆයිස්ලාබාස් වුල්ව්ස් පිල ලකණු 10 ක ජයග‍්‍රහණයක් අත්කර ගත්තේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වූ කඳුරට මෙරූන්ස් පිලේ අවසන් උත්සාහයත් අසාර්ථක කරමිනි.

චාමර සිල්වා පන්දු 24 කදී ලකුණු 25 ක් ලබගත් අතර පන්දු 36 කදී ලකුණු 44 ක් ලබාගත් කුමාර් සංගක්කාර සහ පන්දු 9 කදී ලකුණු 19 ක් ලබාගත් මිලින්ද සිරිවර්ධන දෙදෙනා කඳුරට පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත් ෆයිස්ලාබාද් පන්දු යවන්නන්ගේ සැලසුම් සහගත පන්දු යැවීම සහ නායක මිස්බා උල් හක්ගේ උපායශීලිත්වය නිසා කඳුරට පිලට පරාජය අත්විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ෆයිස්ලාබාද් වුල්ව්ස් පිල ලකුණු 146 කට සීමා කිරීමට කඳුරට මෙරූන්ස් පන්දු යවන්නෝ සමත් වූ නමුත් සුදුසුකම් ලැබීමේ තරග තුනෙන් දෙකකදීම නොදැවී සිටි මිස්බා උල් හක් අද පැවැති තරගයේදීත් පන්දු 60 කින් ලකුණු 93 ක් ලබාගත්තේ තරගයේ ජය මාවත තම පිලට විවර කර දෙමිනි.

තරගයේ පළමු  ඕවර 10 නිමා වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 58 ක් පමණක් ලබාසිටි ෆයිස්ලාබාද් වුල්ව්ස් පිල වෙනුවෙන් නායක මිස්බා උල් හක් සහ මොහොමඞ් සල්මාන් (21) දෙදෙනා එක්ව නිසා අවසන්  ඕවර 10 දී ලකුණු 85 ක් එක් කළහ.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන්ම පන්දු යැවීම තෝරා ගත් කඳුරට මෙරූන්ස් පන්දු යවන්නෝ සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් පළමු  ඕවර 10 ඇතුළත ලකුණු 56 කට කඩුලූ 4 ක් බිම දැමූහ. එහෙත් මිස්බා පිටියට පිවිසීමත් සමගම තත්ත්වය වෙනස් විය.

මිස්බාට අනගි සහයෝගයක් දුන් මොහොමඞ් සල්මාන් පන්දු 21 කදී ලකුණු 21 ක් ලබාගත්තේ පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාව මිස්බාට පවරමිනි. ඉන් අනගි ප‍්‍රයෝජන ගත් වුල්ව්ස් නායකයා හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක්  සමගින් ලකුණු 93 ක් ලබාගනිමින් ඉනිම අවසන් වන තුරුම කඩුල්ලේ රැඳී සිටියේය.

සිය ඕවර 4 දී ලකුණු 21 ක් පමණක් ලබාගැනීමට අවසර දුන් දිල්හාර ලොකුහෙට්ටිගේ කඩුලූ 3 ක් දවාගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරත විය.

 

 

ලකුණු පුවරුව


අදහස් (1)

කඳුරට අවසන් උත්සාහයත් අසාර්ථකයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.