Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කොදෙව් - ද. අප‍්‍රිකා ටෙස්ට් තරගය විසදුම් නෑ

කොදෙව් - ද. අප‍්‍රිකා ටෙස්ට් තරගය විසදුම් නෑ

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර තරග තුනකින් සමන්විත ‘ශ්‍රීමත් විවියන් රිචඞ්ස්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි තරගය විසදුමකින් තොරව අවසන් විය.

දකුණු අප‍්‍රිකාව පළමු තරගය ජය ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැදී සිටියි.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද (30) වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි විය. සිවුවැනි දිනය වූ ඊයේ (29) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල පළමු ඉනිම සදහා කඩුලූ 9 ක් දැවී ලකුණු 275 ක් රැස්කර සිටියේය.

ආරම්භක පිතිකරු ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (106) සහ මාලන් සැමුවෙල්ස් (101) තෙවැනි කඩුල්ලට ලකුණු 176 ක සම්බන්ධතාවක් පැවැත්වුවද සෙසු පිතිකරුවන් අසාර්ථක වූහ.

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම  ඕවර 122 කදී කඩුලූ 8 ට 417
(ඞීන් එල්ගර් 121, ඇල්විරෝ පීටර්සන් 17, ෆෆ් ඩූ ප්ලීසිස් 103, හෂීම් අම්ලා 33, ස්ටේන් වැන්සිල් 29, වර්නන් පිලෙන්ඩර් නොදැවී 13, ඩෙයින් ස්ටෙයින් 58, ජෙරමි ටේලර් 114/2, ෂැනොන් ගේබ්රියල් 80/2, කෙන්රොයි පීටර්ස් 69/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 79 කදී කඩුලූ 9 ට 275
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 106, ඩෙවොන් ස්මිත් 22, මාලන් සැමුවෙල්ස් 101, දිනේෂ් රැම්ඩින් 20, මොනේ මොර්කල් 69/4, ඉම්රාන් තාහිර් 108/3)  

-048

 


අදහස් (0)

කොදෙව් - ද. අප‍්‍රිකා ටෙස්ට් තරගය විසදුම් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.