Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දැළ රකින්නාගේ දුර්වල මොහොතක් සොයාගත් රුසියානු පිලේ අතිරේක ක්‍රීඩක අලෙක්සැන්ඩර් කෙර්ෂකොව් දකුණු කොරියානුවන්ගේ ජයග්‍රහණයක් බවට පත්වෙමින් තිබූ තරගය ජයපරාජයෙන් තොර එකක් බවට හැරවීමට සමත් විය. ‘එච්ʼ කාණ්ඩය යටතේ පැවැති මේ තරගය නිමාවට පත්වූයේ ගෝල 1-1ක් ලෙසිනි.
පළමු භාගයේ දෙපිලටම ගෝල රැස් කිරීමේ අවස්ථා දෙක බැගින් මඟ හැරී ගිය අතර පළමු අර්ධය නිමාවට පත්වූයේ 0-0 ක් ලෙසිනි. පළමු අර්ධයේදී දෙපිලම කරට කර සටනක නිරතව සිටිනු දක්නට ලැබිණි.
තරගයේ 68 වැනි මිනිත්තුවේ දී දකුණු කොරියාවේ අතිරේක ක්‍රීඩක ලී කූං හෝ යාර 25ක සීමාවේ සිට ගැසූ පහර රුසියාවේ දැල් රකින්නා වන ඉගෝර් අකින්ෆීව් ඉතා අලසව රැක ගැනීමට උත්සාහ කිරීමේ දි එය ගෝලයක් බවට පත්වීමෙන් තරගයේ වාසිය දකුණු කොරියාව දෙසට හැරිණි. ක්‍රීඩාලෝලීන්ගේ විමතියට ලක්වූ එම ගෝලය ආරක්ෂා කරගැනීමට නොහැකිවීමෙන් අකීන්ෆීව් සිය කණ්ඩායම දැඩි අපහසුතාවයකට මෙන්ම පීඩනයකට ද පත් කළේය.
එහෙත් තරගය නිමාවීමට මිනිත්තු 16ක් ඉතිරිව තිබියදී (74 වැනි මිනිත්තුවේ) රුසියාවේ අතිරේක ක්‍රීඩක කෙර්ෂකොව් විශිෂ්ට ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගත්තේය. ඔහු පිටියට පිවිස ඒ වනවිට ගතවී තිබුණේ මිනිත්තු තුනක් පමණි. මේ ගෝලයත් සමග කෙර්ෂකොව් රුසියාවේ වීරයකු බවට පත්වූවා පමණක් නොව රුසියාව වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ව්ලැදිමිර් බෙස්චස්නික් හා සම වාර්තාවට හිමිකම් කීමට ද සමත්විය. මේ දෙදෙනාම ගෝල 26 බැගින් වාර්තා කිරීමට සමත්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.