Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විරාට් කෝලි (169) සහ අජින්ක්‍යා රහනේ (147) ලබාගත් ශතක වලින් සවිමත් වූ ඉන්දීය පිල, මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (28 වැනිදා) සවස තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිලට සිය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 530 ට ලකුණු 68 කින් ආසන්න වී සිටියේය. දිනයේ කී‍්‍රඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලූ 8 ක් දැවී ලකුණු 462 ක් ලබා සිටි නමුත් ඒ වන විට ඉන්දීය පිලේ පිළිගත් පිතිකරුවන් සියලූ දෙනාම පාහේ ආපසු කී‍්‍රඩාගාරයට ගොස් සිටියහ.
ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් මෙන්ම මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින විරාට් කෝලි අද දිනයේ ලබාගත්තේ මෙවර ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ තුන්වැනි ශතකයයි. අජින්ක්‍යා රහනේ සිය ටෙස්ට් දිවියේ හොඳම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය.
මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනකු අතර පැවැති හොඳම සම්බන්ධතාව ලකුණු 262 ක් ලෙසින් වාර්තා පොතට එක්කළ කෝලි සහ රහනේ දෙදෙනා, වසර දෙකකට ඉහතදී මයිකල් ක්ලාක් සහ ෂේන් වොට්සන් එක්ව ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 194 සම්බන්ධතාව වාර්තා පොතේ පහළට දැමූහ.
අද දිනයේ යැවුනු අවසන් ඕවරයේදී කෝලි දැවී ගියේ බ‍්‍රැඞ් හැඩින්ගේ අති විශිෂ්ට උඩපන්දුවකිනි. පැය 6 කුත් විනාඩි 20 ක් පිටියේ රැඳුනු කෝලි, පන්දු 272 කට මුහුණ දෙමින් ඒවායින් 18 ක් හතරේ සීමාවට යැවීය. නේතන් ලයන්ගේ පන්දුවක් පා ආවරණයෙන් මුවා කිරීමේ වරදට හසුවීමට පෙර, පැය හතරක පමණ කාලයක් පිටියේ සිටි අජින්ක්‍යා රහනේ, පන්දු 171 කට මුහුණ දෙමින් හතරේ පහර 21 කින් සිය ඉනිම සැරසීය.
මෙම පිතිකරුවෝ දෙදෙනාම මිචෙල් ජොන්සන්ව දැඩි ප‍්‍රහරයකට ලක් කළහ. මේ දක්වා ලකුණු 133 කට කඩුල්ලක් පමණක් දවාගත් ජොන්සන්ගේ එක ඕවරයකදී විරාට් කෝලි පිට පිටම හතරේ පහර 3 ක් ගැසූ අතර ඊළග ඕවරයේදී අජින්ක්‍යා රහනේගෙන් එම සංග‍්‍රහයම ජොන්සන්ට ලැබිණ. ජොන්සන් මෙවැනි ප‍්‍රහාරකයට ලක්වූයේ වසර 4 කට පසුවය.
”අප අද දිනයේ කී‍්‍රඩා කළ ආකාරය සම්බන්ධයෙන් මා ඉතාමත් ආඩම්බර වෙනවා. දවස පුරාම අපි අප කෙරේ විශ්වාසවන්තව සිටියා. ඒ නිසා මා කිසිම ආකාරයකින් මගේ දැවී යාම ගැන කණගාටු වන්නේ නෑ” යයි දිනයේ අවසන් ඕවරයේදී දැවී යාම ගැන කළ විමසීමකදී කෝලි පැවසීය.
මේ අතර ඔස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නා වන රයාන් හැරිස් පවසන්නේ හෙට (සිවැවැනි දිනයේ) පෙරවරුවේදීම ලබාගන්නා කඩුලූ දෙක ඉතා වැදගත් වන බවයි.
”දැනටමත අපි කඩුලූ 8 ක් දවාගෙන ඉන්නේ. ඉතිරි කඩුලූ දෙක උදේම ගත්තොත් අපට නැවතත් පන්දුවට පහර දීල, ප‍්‍රමාණවත් වාසියක් අරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්” යයි රයාන් හැරිස් පැවසීය.
මීට පෙර අවස්ථාවකදී ඉන්දීය පිතිකරුවන් දෙදෙනකු ලකුණු 250 ඉක්මවූ සම්බන්ධතවක් ගෙඩනගා ඇත්තේ වසර 2004 දී සිඞ්නි ටෙස්ට් තරගයේදීය. ඒ සචින් තෙන්ඩුල්කාර් සහ වී. වී. එස්. ලක්‍ෂමන් දෙදෙනා විසිනි.
ඊයේ සවස ලකුණු 63 ක් ලබා සිටි මුරලි විජේ අද දිනය ආරම්භයේදීම මිචෙල් ජොන්සන්ගේ පන්දුවකින් ගැලවීමට උත්සාහ කිරීමේදී ඔහුගේ හිසේ පැත්තකට පන්දුව වැදිණ. එය දුටුවන් භීතියට පත්කරවූ දසුනක් වූ නමුත් දිගටම පන්දුවට පහර දුන් මුරලි විජේ එයින් ලකුණු 5 කට පසුව, පළමු ස්ලිප් හි සිටි ෂෝන් මාෂ්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
තවත් අවස්ථාවකදී ජොන්සන් දමාගැසූ පන්දුවක් කෝලිගේ පිටකොන්ද ප‍්‍රදේශයේ වැදීම නිසා ඉන්දීය පිතිකරුවා බිම ඇද වැටිණ. ජොන්සන් සැණෙකින් සමාව ඉල්ලා සිටි නමුත් දෙදෙනා අතර ඇතිවීමට ගිය උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා විනිසුරුවරුන් වූ කුමාර් ධර්මසේන සහ රිචඞ් කෙට්ල්බරර් යන මහත්වරුන්ට මැදිහත් වීමට සිදුවිය.
මෙම තරගයේ තීරකවරයා වන්නේ ශී‍්‍ර ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන රොෂාන් මහානාම මහතාය.
ඉන්දිය පිල වසර 33 කින් මෙපිට මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයගෙන නැත.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 530
ඉන්දියාව - පළමු ඉනිම කඩුලූ 8 ට 462
(මුරලි විජේ 68, ෂිකාර් ධාවන් 28, චෙටේස්වාර් පුජාරා 25, විරාට් කෝලි 169, අජින්ක්‍යා රහනේ 147, මහේන්ද්‍ර සිං දෝනි 11, රයාන් හැරිස් 69/4, නේතන් ලයන් 108/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.