Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ගලිවර්ලා මවිත කළ උත්සාහක දිනුමක්

ගලිවර්ලා මවිත කළ උත්සාහක දිනුමක්

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ නොම්මර එකේ කණ්ඩායම වන වත්මන් ලෝක ශූර නවසීලන්තයත්, 20 වැනි ස්ථානයේ පසුවන නැමීබියාවත් අතර ගලිවර් සහ ලිලිපුට්ටන්ගේ කතාව සිහිගන්වමින් ඊයේ (4 වැනිදා) ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේ පැවැති ‘සී‘ කාණ්ඩයේ තරගය ලකුණු 58-14 කින් ජයගැනීමට නවසීලන්ත  ඕල් බ්ලැක්ස්ලා සමත් වූහ. එහෙත් තරගයේ 50 වැනි මිනිත්තුවේ දී ජොහාන් ඬේසල් (කනිෂ්ඨ) ලෝක ශූරයන්ට එරෙහිව තැබූ උත්සාහක දිනුම තරගය නරඹන්නට පැමිණ සිටි 52,000 ක කී‍්‍රඩාලෝලීන්ගේ අමන්දානන්දය දෙගොඩ තලා යාමට තරම් සමත් එකක් විය. 


එය නැමීබියානු රග්බි ඉතිහාසයේ කිසිිදිනෙක අමතක නොවන උත්සාහක දිනුමක් බවට පත්වූ අතර කිසිදු ජයක් නොලැබූවත් ලෝක කුසලාන තරග 16 කට සහභාගි වී සිටි මේ ලිලිපුට්ටන්ට එය ඉහටත් උඩින්ය. 


කෝනර් පහරකින් පසුව ඉතා උද්වේගකාරී අයුරින් පන්දුව ඩැහැගත් නැමීබියානු හුකර් කී‍්‍රඩක ටෝර්සන් වැන් ජාස්වෙල්ඞ්ගෙන් නියම වේලාවේදී එය ලබාගත් ඬේසල් ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන් තිදෙනකුගේ මාට්ටුවලින් බේරී ඔවුන්ගේ සීමා ඉරෙන් ඔබ්බට පැනීමෙන් එම උත්සාහක දිනුම වාර්තා කළේය. ඒ වෙද්දී  ඕල් බ්ලැක්ස්ලා සිය උත්සාහක දිනුම් 9 න් හයවැන්න වාර්තා කොට ගතවී තිබුණේ මිනිත්තු දෙකක කාලයක් පමණි. 


දකුණු අප‍්‍රිකාවට ජපානය විසින් ගෙන දෙන ලද අනපේක්ෂිත පරාජයට සමාන පෙරළියක් කිසිසේත්ම සිදුවීමට ඉඩක් නොතිබුණත් ජැක් බර්ගර් විසින් මෙහෙයවනු ලැබූ නැමීබියාව කෝඩුකාරයන් අටදෙනකු සමග එක්ව මිනිත්තු 80 ක කාලය පුරා ලෝක ශූරයන්ව මහන්සි කළහ. 


වතාවක් ඔවුන් ජපනුන්ට කළාක් මෙන් (1995 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත - ජපාන තරගය නිමාවූයේ ලකුණු 145 - 17 කින් නවසීලන්තය ජයගනිමිනි) ලකුණු කෙළියේ යාමට නැමීබියානුවෝ නවසීලන්තයට ඉඩ නොතැබූහ. 


වරින් වර  ඕල් බ්ලැක්ස්ලාගේ ගමන්මග අහුරමින් කී‍්‍රඩාලෝලීන්ගේ ඝෝෂාව වැඩි කරවීමත් කැපී පෙනුණු සිදුවීම් විය. ඒ අතරින් කැපී පෙනෙන කී‍්‍රඩකයන් බවට පත්වූයේ නැමීබියා නායක බර්ගර් සහ ටිනස් ඩුප්ලෙසිස් ය. ඔවුන් දෙදෙනා  එක්ව 27 වතාවකදීම  ඕල්බ්ලැක්ස්ලා බිම ඇද දැමීමට සමත්වූහ. 


තරගයේ සිවුවැනි මිනිත්තුවේ දී ෆ්ලයි හාෆ් කී‍්‍රඩක බියුඩන් බැරට්ගේ ද`ඩුවම් පහරෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ  ඕල් බ්ලැක්ස්ලා සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ඊළ`ග මිනිත්තුවේදීය. වික්ටර් විටෝ තැබූ එම උත්සාහක දිනුමෙන් පසුව සෑම මිනිත්තු දහයකට වතාවක්ම පාහේ ඔවුහු සිය උත්සාහක දිනුම් සංඛ්‍යාව අලූත් කර ගත්හ. 


 ඕල් බ්ලැක්ස්ලා ඊයේ තැබූ උත්සාහක දිනුම් 9 න් 4ක්ම උත්සාහක දිනුම් දෙක බැගින් ඔවුන්ගේ වින්ග් කී‍්‍රඩකයන් අතර බෙදී ගොස් තිබිණි. පසුව තරගයේ වීරයා බවට පත්වූ මිල්නර් ස්කඩර් 9 වැනි මිනිත්තුවේ සහ 40 වැනි මිනිත්තුවේ දිත්, ජුලියන් සවීයා 46 වැනි මිනිත්තුවේ සහ 74 වැනි මිනිත්තුවේදීත් ඔවුනොවුන්ගේ දස්කම් උරගා බැලූහ. සෙන්ටර් කී‍්‍රඩක මලකායි ෆෙකිටෝවා (20 වැනි මිනිත්තුවේ), බියුඩන් බැරට් (30 වැනි මිනිත්තුවේ), බෙන් ස්මිත් (60 වැනි මිනිත්තුවේ) සහ කොඞී ටේලර් (79 වැනි මිනිත්තුවේ) සෙසු උත්සාහක දිනුම් තැබූහ. 


කෙසේවෙතත් නවසීලන්තයට ලකුණු 34-6 කින් පෙරමුණ දෙමින් තරගයේ පළමු භාගය නිමාවෙද්දී ද`ඩුවම් පහර 2 කින් සිය ලකුණු සංඛ්‍යාව ඉහළ දමා සිටි නැමීබියාව සිය ඓතිහාසික උත්සාහක දිනුමට මිනිත්තු 7 කට පෙර තවත් ද`ඩුවම් පහරකින් ලකුණු සංඛ්‍යාව 9 දක්වා ඉහළට ඔසවා තිබිණි. 


 ඕල් බ්ලැක්ස්ලාගේ ජයග‍්‍රහණයත්, නැමීබියාවේ අමතක නොවන උත්සාහ දිනුමත් නිසා තරමක් යටපත්වූවත් ඊයේ තරගයේ නවසීලන්තයට ලකුණු වැඩි හරියක් ගෙන ආවේ බියුඩන් බැරට්ය. ඔහු  ඕල් බ්ලැක්ස්ලාට ලැබුණු එකම ද`ඩුවම් පහර සාර්ථක කරගත් අතර උත්සාහක දිනුම් 4 ක් ගෝල බවට පත්කරවා දැමීය. ඉන් නොනැවතී 30 වැනි මිනිත්තුවේ දී අනගි උත්සාහක දිනුමක් වාර්තා කරමින් රිසිසේ සතුට භුක්ති වින්ඳේය. 


ඊයේ තරගයේ දී  ඕල් බ්ලැක්ස්ලා කී‍්‍රඩා කළේ ලකුණු 50 පැන්නීමේ බලාපොරොත්තුවෙන්මය. ඉන්  ලැබෙන ප‍්‍රසාද ලකුණේ වැදගත්කම දැනෙන්නේ ඉදිරියේදීය. 

 


අදහස් (0)

ගලිවර්ලා මවිත කළ උත්සාහක දිනුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.