Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තෝමස් මුලර්ගේ තනි ගෝලය මත ජර්මනිය විසින් 1-0 කින් අමෙරිකාව පරාජය කරන ලදි. රෙසිෆිහිදී පැවැති ‘ජී‘ කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ ප්‍රතිඵලය රටවල් දෙකටම අවසන් 16 ට යාමට බාධාවක් නොවීය.
මුලර්ගේ ගෝලය වාර්තා වූයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 10කින් පසුවය. ඔහුගේ නැවැත්විය නොහැකි වේගවත් පහර අමෙරිකානු දැල් රකින ටිම් හොවාර්ඩ් අසරණ කර දැමුවේය. ඒ වනවිට ඔහු ක්ලෝස්ගේ අති දක්ෂ පන්දු යොමුකිරීමකින් ෂූවින්ස්ටීගර් ගැසූ ප්‍රබල පහර වළක්වා මිනිත්තු 3ක්වත් ගතවී තිබුණේ නැත.
කොහොමටත් ආරම්භයේ සිටම මෙය හොවාර්ඩ්ට වැඩ අධික තරගයක් විය. මුල් භාගයේ දී අවස්ථා දෙකකදිත් ඔහු ජර්මානුවන්ගේ වේගවත් පහර කිහිපයක්ම ඉතා අසීරුවෙන් රැකගත්තේය. එසේ නොවන්නට මේ තරගයේ දී ජර්මනිය වෙතින් ගෝල කිහිපයක්ම වාර්තාවීමට ඉඩ තිබිණි.
කෙසේවූවත් නියමිත කාලයෙන් පසුව එළැඹුණු අතිරේක මිනිත්තු කිහිපයේ අවසන් මොහොතේදී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කර ගැනීමට අමෙරිකාවට තිබූ ඉතා කදිම අවස්ථාවක් මඟ හැරී ගියේය. එය මඟ හැරුණේ ඔවුන්ගේ අතිරේක ක්‍රීඩක අලෙජැන්ඩ්‍රෝ බිඩෝයා යොමු කළ පන්දුවට ක්ලින්ට් ඩෙම්ප්සි හිසෙන් ගැසූ වේගවත් පහර දැළේ හරස් ලීයට ඉහළින් ඇදී යාම නිසාය.
මුලර් ලබාගත් ගෝලයත් සමග ලෝක කුසලාන තරග 9 කදී ඔහු වාර්තා කළ ගෝල සංඛ්‍යාව 9 ක් විය. ශ්‍රේෂ්ඨ ක්‍රීඩක පේලේ ද ලෝක කුසලාන තරගබිමේ ඔහුගේ පළමු තරග 9 දී ලබාගත් ගෝල සංඛ්‍යාව 9කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.