Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අසාර්ථකවීම හේතුවෙන් අළු බඳුන නැවතත් දිනාගැනීම පිළිබඳව එංගලන්තයේ සියලු සැලසුම් ව්‍යර්ථ වෙමින් යන තත්ත්වයක් ඇතිවී තිබේ. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නකු වන ස්ටුවර්ට් බ්‍රෝඞ්ට ඕස්ට්‍රේලියානු මුල් ඉනිමේදී එකම කඩුල්ලක් හෝ දවාගත නොහැකි වූ අතර ඇලිස්ටෙයාර් කුක්ගේ 150 වැනි ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 21 ක් පමණි.
![]() |
![]() |
ස්ටුවර්ට් බ්‍රෝඞ් මෙම තරගයේදී ඕවර 35 ක් යවමින් ලකුණු 142 ක් ලබාගැනීමට අවසර දුන් නමුත් කඩුල්ලක් දවා නොගැනීම ඔහුගේ දුර්වලතම ටෙස්ට පන්දු යැවීම ලෙස වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර, බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගයේ සිවුවැනි දිනය වන අද වර්ෂාව නිසා තරගය නතර කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. ඕස්ටේ්‍රලියානුවන් සිය දැවැන්ත පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලබාගත් ලකුණු 662 නිසා එංගලන්තය තවමත් ලකුණු 127 ක් පසුපසින් සිටී.
මේ වන විටත් 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින ඕස්ටේ්‍රලියානුවන් සතු භයංකාර වේග පන්දු යවන්නන් නිසා තරගයේ අවසන් දිනයේදී කඩුලු 6 ක් රැකගැනීමත් එංගලන්තයට අභියෝගයක් වී තිබේ.
ඇලිස්ටෙයාර් කුක්ගේ මෙවර අළු බඳුන තරගාවලිය ඉතාමත් අසාර්ථක වී තිබේ. එංගලන්ත පිලේ හිටපු නායකයාද වන ආරම්භක පිතිකරුවා මෙතෙක් පැවැති ටෙස්ට් තරග තුනේ ඉනිම 6 දීම ලබාගෙන ඇත්තේ ලකුණු 83 ක් පමණි. එහෙත් තරගයට පෙර එංගලන්ත පිලේ වත්මන් නායක ජෝ රූට් කියා සිටියේ තමන්ද ඇතුළුව, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්ව කණ්ඩායම ඔසවාගත යුතු බවයි. එසේ කීවද ජෝ රූට් මෙම තරගයේදී ලබාගත්තේත් ලකුණු 20 ක් සහ 14 ක් පමණි.
මේ වන විටත් කඩුල්ලේ රැඳී සිටින ඩේවිඩ් මාලන් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනාට එංගලන්ත පිල ගලවාගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. පළමු ඉනිමේදීත් එංගලන්ත පිල යන්තම් හිස ඔසවාගත්තේ මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 237 ක සම්බන්ධතාව නිසාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.