Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ත‍්‍රිත්ව විදුහල ඞී. එස්. පරදවයි

ත‍්‍රිත්ව විදුහල ඞී. එස්. පරදවයි

ශනුක අරවින්ද - 2015 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (29) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මහනුවර ත‍්‍රිත්ව විදුහල ලකුණු 41-14 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කිරීමට සමත් විය.
 
ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර අවසන් පූර්ව තරගය මේ මස 5 වැනිදා කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.

ත‍්‍රිත්ව විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-7 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහල ගෝල 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ඞී. එස්. සේනානායක විදුහල ගෝල 2 කින් ලකුණු ලැබීය.


අදහස් (0)

ත‍්‍රිත්ව විදුහල ඞී. එස්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.