Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ද. අප‍්‍රිකා - කොදෙව් තරගයේ දෙවැනි දිනය ඕවර 6 යි

ද. අප‍්‍රිකා - කොදෙව් තරගයේ දෙවැනි දිනය ඕවර 6 යි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර තරග තුනකින් සමන්විත ‘ශ්‍රීමත් විවියන් රිචඞ්ස්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (27) වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීම නිසා දිනයේ ක‍්‍රීඩාව  ඕවර 6 කට සීමා විය.
 
දෙවැනි දිනයට ක‍්‍රීඩාව අවසන් කරන විට දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 289 ක් රැස්කර සිටියේය.

දිවා විවේකයට පෙර වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවූ අතර ඊට පෙර යැවිය හැකි වූයේ  ඕවර 6 ක් පමණි.

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවන විට නායක හෂීම් අම්ලා (නොදැවී 23) සහ ඒ. බී. ඩිවිලියස් (නොදැවී 09) පන්දුවට පහර දෙමින් සිටියහ.

ෆෆ් ඩූ ප්ලීසිස් දිනයේ පළමු පන්දුවට ගැසූ හතරේ පහරින් ශතකය සම්පූර්ණ කළ අතර දෙවැනි පන්දුවේදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 230 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 103 ක් රැස් කළ අතර එය ප්ලීසිස්ගේ සිවුවැනි ටෙස්ට් ශතකයයි. 

ෂැනොන් ගේබ්රියල්, ජෙරමි ටේලර් සහ කෙන්රොයි පීටර්ස් කඩුල්ල බැගින් දවා ගෙන සිටිති.  

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම  ඕවර 94 කදී කඩුලූ 3 ට 289 
(ඞීන් එල්ගර් 121, ඇල්විරෝ පීටර්සන් 17, ෆෆ් ඩූ ප්ලීසිස් 103, හෂීම් අම්ලා නොදැවී 23)

 

-048


අදහස් (0)

ද. අප‍්‍රිකා - කොදෙව් තරගයේ දෙවැනි දිනය ඕවර 6 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.