Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 දකුණු අපි‍්‍රකානු තේරීම් කමිටුව දෙලොවක් අතර

දකුණු අපි‍්‍රකානු තේරීම් කමිටුව දෙලොවක් අතර

ශනුක අරවින්ද - 2014 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අපි‍්‍රකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ලබන සෙනසුරාදා නිව්ලන්ඞ්හි ඇරැඹෙන තීරණාත්මක තුන්වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා කණ්ඩායම තේරීමේදී නව මුහුණු කිහිපයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දකුණු අපි‍්‍රකානුවෝ දෙගිඩියාවට පත්ව සිටිති.

මෙම තරගය සඳහා අඩුතරම්න් කණ්ඩායම තුළ වෙනස්කම් දෙකක් හෝ වීමට හැකි නමුත් අවසන් කී‍්‍රඩකයින් 11 දෙනා තෝරා ගැනීමට පිළිබඳව තේරීම් කමිටු නිලධාරීන්ගේ අවිනිශ්චිතබව සනාථ කරමින් තුන්වැනි ටෙස්ට් තරගය සඳහා කී‍්‍රඩකයන් 16 දෙනකු නම් කර තිබේ.

වමතින් මදවේග පන්දු යවන ක‍්‍රීඩක වේන් පානෙල් ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයට තෝරාගත යුත්තේ පන්දු යවන්නකුද නැතහොත් තුන් ඉරියව් කී‍්‍රඩකයකුද යන්න පිළිබඳ ගැටළුවට දකුණු අපි‍්‍රකානු තේරීම් කමිටු නිලධාරීහු මැදිවී සිටිති.

දකුණු අපි‍්‍රකානු සංචිතය
ගේ‍්‍රඒම් ස්මිත් (නායක), ඇලිවිරෝ පීටර්සන්, හෂීම් අම්ලා, ෆෆ් ඩු ප්ලෙසි, ඇබ් ඩි විලර්ස් (කඩුලූ රකින්නා), ජේ පී දුමිනි, ඞීන් එල්ගර්, රයන් මැක්ලර්න්, රොබින් පීටර්සන්, වර්නන් පිලැන්ඩර්, ඬේල් ස්ටෙයින්, මෝන් මෝකල්, ක්වින්ටන් ඩි කොක්, රෝරි ක්ලින්වෙල්ට්, කයිල් ඇබොට්, තාමි සොලෙකිලි.

 


 


අදහස් (0)

දකුණු අපි‍්‍රකානු තේරීම් කමිටුව දෙලොවක් අතර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.