Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානය හමුවේ ලද ලජ්ජාශීලී පරාජයේ වේදනාවෙන් තවමත් පීඩා විඳින හිටපු ලෝක ශූර දකුණු අපි‍්‍රකානුවන්ගේ බිඳුනු හදවත් අද (26) ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 9.15 ට සැමෝවා පිල සමග පැවැත්වෙන දෙවැනි තරගයේ දී නැවත පිළිසකර කරන බව ස්පි‍්‍රංග්බොක් පිලේ නායක ජීන් ඩිවිලියර්ස් පවසයි.
අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 3 ස්ථානයේ පසුවන කණ්ඩායම ලෙස මෙවර තරගමාලාවට එක්වූ ස්පි‍්‍රංග්බොක්ස්ලා අද වනවිට 6 වැනි තැනට ඇදවැටී සිටින්නේ ජපානයෙන් ලද පරාජය නිසාය. ඒ පරාජයෙන් පසුව ඩිවිලියර්ස් ඇතුලූ පිරිසට විඳින්නට වූ දුක් ගැහැටවල නිමක් නොතිබූ බැව් කවුරුත් දනිති.
ශ්‍රේණිගත කිරීම්වල පල්ලම් බැසීම කෙසේ වෙතත් ඔවුන් රැුඳී සිටින ‘බී‘ කාණ්ඩයේ සිවුවැනි තැන දක්වා ඇදවැටීම නම් මේ හිටපු ලෝක ශූරයන්ගේ දැඩි පසුතැවිල්ලට හේතුවනු නොඅනුමානය. එහෙත් දැනට දෙවැනි තැන සිටින සැමෝවා පිල සමග පැවැත්වෙන තරගයෙන් පසු සියල්ල අතීතයට එකතුවනු ඇතැයි දකුණු අප‍්‍රිකානු පිලේ නායකයාගේ විශ්වාසය වී තිබේ.
34 හැවිරිදි ඩිලියර්ස් මෙවර තරගමාලාවේ දුර්වල ආරම්භය නිසා අද තරගයෙන් ඉවත්වීමට කල්පනා කළත් පුහුණුකරු හේනික් මේයර් ඊට ඉඩ දුන්නේ නැත.
”අපේ රටේ නාමයෙන් සහ රග්බි කී‍්‍රඩාවේ නාමයෙන් අපි හැමෝම දන්නවා අද තරගය අපිට කොයිතරම් වැදගත් එකක් ද කියලා” බර්මින්හැම් හී පැවැත්වෙන මේ තරගය පිළිබඳ ඩිවිලියර්ස් එසේ කියයි.
”අපි හරි ආඩම්බරකාර ජාතියක්. මට තවමත් තියෙන දුක අපි ජපානය හමුවේ නොසිතූ පරාජයකට මුහුණපෑමයි. ඒක අපි හැමෝගෙම හිත්වල තවම වදදෙනවා. දැන් ඉතින් අපි නැගිටින්න ඕනා”
”රග්බි කියන්නේ කී‍්‍රඩාවක් තමයි. නමුත් දකුණු අපි‍්‍රකාවේ නම් ඒක කී‍්‍රඩාවට වැඩි දෙයක්. ඒක අපේ ජාතියේ ගෞරවය හා ගාම්භීරත්වය පිළිබිඹු කරවන්නක්. පසුගිය සතියේ අපි මුලූ ජාතියේම හිත් වේදනාවෙන් පිරෙව්වා. දැන් අපිට ඕන කරන්නේ ඒ ලක්ෂ සංඛ්‍යාත හදවත් ආපහු පිළිසකර කරන්නයි. මං දන්නවා අපිට අද තරගයේ දී එය කළ හැකියි” ඩිලියර්ස් කීවේය.
අද තරගයේ ස්පි‍්‍රංග්බොක්ස්ලාට කෙතරම් වැදගත් එකක් දැයි පැහැදිලි වන්නේ පුහුණුකරු මේයර් සිය කණ්ඩායමේ කී‍්‍රඩකයන් අටදෙනකුම වෙනස් කිරීමට පියවර ගැනීම නිසාය. මීට පෙර ලෝක කුසලාන රග්බි තරගවලදී සිවුවතාවක් සැමෝවා පිල හා තරග කළ දකුණු අප‍්‍රිකානුවන් ඒ සියලූ තරග ජයගත්හ. එහෙත් ජපානය හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමග අද තරගය ඔවුන්ට බරපතල එකක් බවට පත්වී තිබීම කණ්ඩායමේ ප‍්‍රතිසංස්කරණයට හේතුවී තිබේ.
හුකර් කී‍්‍රඩක ඒඩි‍්‍රයන් ස්ට‍්‍රාවුස්, හෙන්රි පොලාර්ඞ්, ෆෝරී ඩුපි‍්‍රස්, විලී ඩි රූක්ස්, ජේ.පී. පීටර්සන්, ඬේමියන් ඩි අලෙන්ඩි, එබෙන් ඊට්සබෙත් සහ ඩුවාන් වර්මියුලන් අද තරගයේ දී ජාතියේ ගෞරවය රැුකගැනීමේ අරමුණ ඇතිව දකුණු අපි‍්‍රකානු පිලට අලූතින් එක්වී සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.