Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 දකුණු අප‍්‍රිකාව කඩුලූ 2 ට 270 යි

දකුණු අප‍්‍රිකාව කඩුලූ 2 ට 270 යි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර තරග තුනකින් සමන්විත ‘ශ්‍රීමත් විවියන් රිචඞ්ස්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පෝර්ට් එළිසබෙත්හිදී අද (26) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 270 ක් රැස්කර සිටියේය.

පළමු දිනය අවසන් වන විට ෆෆ් ඩූ ප්ලෙසි (නොදැවී 99) සහ නායක හෂීම් අම්ලා (නොදැවී 17) පන්දුවට පහර දෙමින් සිටියහ.

ප‍්‍රවේගකාරී පිතිකරු ෆෆ් ඩූ ප්ලෙසි පන්දු 228 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

ආරම්භක පිතිකරු ඞීන් එල්ගා පන්දු 239 කදී හතරේ පහර 18 ක් සමගින් ලකුණු 121 ක් රැස්කරමින් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. මෙය 27 හැවිරිදි එල්ගර්ගේ තෙවැනි ටෙස්ට් ශතකයයි.     

ඞීන් එල්ගා සහ ෆෆ් ඩූ ප්ලෙසි දෙවැනි කඩුල්ලට ලකුණු 179 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වූහ. ආරම්භක පිතිකරු ඇල්විරෝ පීටර්සන් පන්දු 35 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 17 ක් ලබා සිටියදී ෂැනොන් ගේබ්රියල්ගේ පන්දුවකට දැවී ගියේය.

කොදෙව් නායක දිනේෂ් රැම්ඞීන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට දකුණු අප‍්‍රිකාවට ආරාධනා කළේය.

 

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම  ඕවර 88 කදී කඩුලූ 2 ට 270
(ඞීන් එල්ගා121, ඇල්විරෝ පීටර්සන් 17, ෆෆ් ඩූ ප්ලෙසි නොදැවී 99, හෂීම් අම්ලා නොදැවී 17)


- 048


අදහස් (0)

දකුණු අප‍්‍රිකාව කඩුලූ 2 ට 270 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.