Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 දකුණු අප‍්‍රිකාව ලකුණු 148 කින් ජයගනී

දකුණු අප‍්‍රිකාව ලකුණු 148 කින් ජයගනී

ශනුක අරවින්ද - 2015 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බග්හිදී අද (18) පැවැති දෙවැනි එක්දින තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 148 ක ජයක් ලැබීමට සමත් විය.

ලකුණු 440 ක දැවැන්ත ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට  ඕවර 50 යේදී කඩුලූ 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 291 ක් පමණි. 

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 50 යේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 439 ක් රැස්කිරීමට සමත් විය.

මෙම ලකුණු 439 ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායම් ඉනිමකදී රැස්කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වන අතර තවත් ලකු-ණු 5 ක් රැස්කළේ නම් ලෝක වාර්තාව ඉක්මවා යෑමේ අවස්ථාව ද තිබුණි.

ශ්‍රී ලංකා පිල 2006 වසරේ නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 443 ක් රැුස්කරමින් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියයි. 

එහිදී හෂීම් අම්ලා (නොදැවී 153), ඒ. බී. ඩිවිලියස් (149) සහ රිලී රොසොව් (128) ශතක රැස්කිරීම කැපී පෙනුණි. 

එක්දින ජාත්‍යන්තර තරගයක එක ඉනිමකදී පිතිකරුවන් තිදෙනකු ශතක රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ. 

නායක ඒ. බී. ඩිවිලියස් පන්දු 16 කදී ලකුණු 50 සහ පන්දු 31 කදී ලකුණු 100 සම්පූර්ණ කරමින් ලෝක වාර්තා දෙකක් පිහිටුවීය. ඩිවිලියස් පන්දු 59 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 16 ක් සමගින් ලකුණු 149 ක් රැුස් කිරීමට සමත් විය.
 
හෂීම් අම්ලා පන්දු 142 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 153 රැස් කළේය.

රිලී රොසොව් පන්දු 115 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 128 ක් ලබා ගත්තේය.  

දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 50 යේදී කඩුලූ 2 ට 439 
(හෂීම් අම්ලා නොදැවී 153, ඒ. බී. ඩිවිලියස් 149, රිලී රොසොව් 128)
 
බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 291 
(ඩෙවොන් ස්මිත් 64, මාලන් සැමුවෙල්ස් 40, දිනේෂ් රැම්ඩින් 57, ජෙනතන් කාටර් 40, ඩැරන් සැමී නොදැවී 25, ජේසන් හෝල්ඩර් නොදැවී 21, මොනේ මොර්කල් 43/2, වර්නන් පිලෙන්ඩර් 69/2) 

048

 


අදහස් (0)

දකුණු අප‍්‍රිකාව ලකුණු 148 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.