Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැරලිම්පික් තරගාවලියකදී ශ්‍රී ලංකාව හිමිකරගත් දෙවැනි පදක්කමට දිනාගැනීමට දිනේශ් ප්‍රියන්ත හේරත් සමත් විය. බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේ දී ඊයේ (අඟහරුවාදා) පැවැති එෆ්-46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයට සහභාගී වෙමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.
මීටර 58.23 ක් දුර හෙල්ල විසිකර තෙවැනි තැනට පත්වූ දිනේෂ් රියෝ පැරලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දුන් ක්‍රීඩකයා විය.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අඟහරුවාදා සවස 6.00 ට පමණ ආරම්භ වූ මෙම තරගයට ශ්‍රී ලංකාවෙන් දිනේශ් ප්‍රියන්ත හා ගාමිණී ඒකනායක යන ක්‍රීඩකයන් දෙදෙනාම සහභාගී වූවත් වඩාත් විශ්වාසයෙන් තරග කළ දිනේශ් ප්‍රියන්ත තම දෙවන උත්සාහයෙන්ම මීටර 58.00 ඉක්මවන්නට සමත් විය.
ඉන්දියාවේ දේවේන්ද්‍ර මීටර 63.97 ක් දුර හෙල්ලය විසිකරමින් රන් පදක්කම දිනාගත්තේ ලෝක වාර්තාවක්ද පිහිටුවමිනි. මීටර් 59.93 ක් දුර හෙල්ලය විසිකළ චීනයේ ග්වා චන්ලියෑං රිදී පදක්කම දිනාගත්තේය.
ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටින දිනේශ් ප්‍රියන්ත 2009 වසරේ කිළිනොච්චි ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයකට හසුව ඔහුගේ වම් අත අප්‍රාණික විය. සුවය ලැබීමෙන් පසුව වම් අත නිසි පරිදි ක්‍රියාත්මක නොවූවද යුද හමුදා ක්‍රීඩා අංශයට සම්බන්ධ වූ දිනේෂ් ප්‍රියන්ත සුවිශේෂී දක්‍ෂතා ඇති ක්‍රීඩකයන් අතරට එක්විය.
අඟහරුවාදා (13) පැවති මලල ක්‍රීඩා තරග වලදී ශ්‍රී ලංකාවේ අමරා ඉන්දුමතී ටී-47 කාණ්ඩයේ මීටර් 400 මූලික තරගයකට සහභාගී වී එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය. එම තරගය අද (14) බ්‍රසීල වේලාවෙන් පස්වරු 6.33 ට පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ සම්පත් බණ්ඩාර අඟහරුවාදා පැවති දුන්නෙන් විදීමේ තරගයේ මූලික වටයේදීම පරාජය විය.
බදාදා පැවැත්වීමට නියමිත පිරිමි මීටර් 100 ටී-42 කාණ්ඩයේ මූලික තරගයකටත් ටී-44 මීටර් 400 මූලික තරගවලටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහභාගී වෙති.
මෙවර පැරලිම්පික් තරගාවලියේ දැනටමත් පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබේ. චීනය රන් පදක්කම් 63 ක් දිනා සිටී.
දිනේෂ් සහභාගී වූ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ විශේෂ අවස්ථා ...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.