Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අද (11) පැවැති ‘පී’ කාණ්ඩයේ මුලික වටයේ තරගයේදී චීනයේ ප‍්‍රබල ක‍්‍රීඩක චෙන් ලොන්ග් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න තරග වට 2-0 ක පරාජයක් ලැබීය. පළමු වටය 21/7 ක් ලෙස ජයගත් චෙන් ලොන්ග්, දෙවැනි වටය ජය ගත්තේ ලකුණු 21/10 ක් ලෙසිනි.
නිලූකගේ පළමු ප‍්‍රතිවාදියා වු 27 හැවිරිදි චෙන් ලොන්ග්, වත්මන් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (පිරිමි) දෙවැනි ස්ථානයේ සිටින ප‍්‍රබලතම ක‍්‍රීඩකයෙක් විය. දෙවතාවක්ම ලෝක බැඞ්මින්ටන් ශූරතාව දිනා ඇති ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත් ක‍්‍රීඩකයාද වේ.
නිලූක, ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පළමු ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණෙමින් දස්කම් දැක්වීය.
ඊයේ පැවැති තරගයේ දෙවැනි වටය ආරම්භයේදී ලකුණු 4-2 ක් ලෙස නිලූක පෙරමුණ ගත් නමුත් ප‍්‍රතිවාදියාගේ දුර්වල තැන් හදුනාගත් චීන ක‍්‍රීඩකයා ලකුණු 21 ඉක්මනින් හඹා ගියේය. රියෝ ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක, ‘පී’ කාණ්ඩයෙන් තවත් මුලික වටයේ තරග දෙකකට සහභාගිවීමට නියමිතය.
ලෝක ශ්‍රේණිගත කිරීමේ 58 වැනි ස්ථානයේ පසුවන පෝලන්තයේ අද්රියන් දිසෙල්කෝ සමඟ මේ මස 15 වැනිදා ද, ලෝක ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයේ සිටින ගෝතමාලාවේ කෙවින් කොර්ඩන් සමඟ මෙම 13 වැනිදා ද නිලූක තරග වැදීමට නියමිතය.
ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පිරිමි කේවල ඉසව්වේ නිලූක, දැන් සිටින්නේ 93 වැනි ස්ථානයේය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.