Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වැන්ගරෙයිහි කොභාම් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ සත්කාරක නවසීලන්ත කණ්ඩායම, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 249 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දු 24 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. පන්දු 76 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස්කළ රොස් ටේලර්, නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ඕවර 46 ක් අවසානයේ නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කොදෙව් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව හා සම වී තිබූ අතර ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ එක් ලකුණක් පමණි. ඒ වන විට ලකුණු 49 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙන අන්තයේ රැදී සිටි රොස් ටේලර්ට සිය 39 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වී තිබූණේද එක් ලකුණුක් පමණි.
කෙසේ වුවත් 27 වැනි ඕවරය යැවීම සඳහා පැමිණි රෝමන් පවෙල් එම ඕවරයේ පළමු පන්දුව වයිඞ් පන්දුවක් ලෙස යැවීම නිසා නවසීලන්ත කණ්ඩායමට තරගයේ ජය හිමිවුවද, රොස් ටේලර්ට අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි විය.
ජෝර්ජ් වෝකර් (57) සහ කොලින් මුන්රෝ (49) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 66 කදී වාර්තා වූ වෝකර්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 36 කදී වාර්තා වූ මුන්රෝගේ ඉනිමටද හතරේ පහර 8 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් එවින් ලුවිස් පන්දු 100 කදී ලකුණු 76 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. ඔහු සමග කොදෙව් ඉනිම ඇරඹූ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල්ට එහිදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි.
මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී පසුපෙළ පිතිකරුවන් සමග එක්ව කෙදෙව් ඉනිම ශක්තිමත් කළ රෝමන් පවෙල් පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩග් බ්‍රාස්වෙල් ඕවර 8 ක් යවමින් ලකුණු 55 කට කඩුලු 4 ක් දවාගනිම්න් කොදෙව් පිතිකරුවන් අසරණ කළේය. එහිදී ඔහුට අනගි සහායක් දුන් ටොඞ් ඇස්ටේල් ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගත්තේය.
බ.ඉ. කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 9 කට 248
(ක්‍රිස් ගේල් 22, එවින් ලුවිස් 76, ශිම්රන් හැට්මෙයර් 29, රෝමන් පවෙල් 59, කෙස්රික් විලියම් නොදැවී 16, ඩග් බ්‍රාස්වෙල් 55/4, ටොඞ් ඇස්ටේල් 33/3, ලොකී ෆර්ගියුසන් 49/2)
නවසීලන්ත පිල - ඕවර 46 කදී කඩුලු 5 කට 249
(ජෝර්ජ් වෝකර් 57, කොලින් මුන්රෝ 49, කේන් විලියම්සන් 38, රොස් ටේලර් නොදැවී 49, ටොම් ලේතම් 17, හෙන්රි නිකලස් 17, ටොඞ් ඇස්ටේල් නොදැවී 15, ජේසන් හෝල්ඩර් 52/2, ඈෂ්ලි නර්ස් 55/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.