Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 නවසීලන්තයෙන් එකම වෙනසක් පමණයි

නවසීලන්තයෙන් එකම වෙනසක් පමණයි

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පිට පිට දෙවැනි වතාවටත් රග්බි ලෝක කුසලානය අත්කරගන්නා එකම කණ්ඩායම බවට පත්වීමේ නොතිත් ආසාවෙන් පසුවන ලෝකයේ නොම්මර එකේ කණ්ඩායම වන නවසීලන්තයේ  ඕල් බ්ලැක්ස්ලා හෙට (24 වැනිදා) ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී දකුණු අප‍්‍රිකාව හමුවේ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයට පිවිසෙයි. ඕල් බ්ලැක්ස්ලා මෙම තරගයට එන්නේ එකම වෙනස්කමක් පමණක් කරමිනි.

නවසීලන්ත පිල ඒ වෙනස්කම කරන්නේද ඔවුන්ගේ ඉදිරිපෙළ සිටි ව්යාට් ක්‍රොකෙට් ඉකිලි ප‍්‍රදේශයේ ආබාධයකට ගොදුරුවීම නිසාය. ඒ අනුව මේ තීරණාත්මක තරගයේ කොටස්කරුවකුවීමේ භාග්‍යය ජෝ මූඩිට උදාවී තිබේ. ඒ කාරණාවත් සමග බෙන් ෆ‍්‍රෑන්ක්ස්ට අංක 17 ජර්සිය දක්වා උසස්වීමක් ලැබී තිබීමත් විශේෂ්ත්වයකි.

එය මෙවර ලෝක කුසලාන තරගමාලාවේදී ඔවුන්ගේ ආරම්භක පෙළ ගැස්මේ කළ එකම වෙනස්කමයි. ඒ හැරුණුවිට පුහුණුකරු ස්ටීව් හැන්සේන්ට වද වෙන්නට වෙනත් කාරණයක් නම් තිබුණේ නැත. කොහොමටත් ඕල්බ්ලැක්ස්ලා ප‍්‍රකටවී ඇත්තේ ආවාට ගියාට කී‍්‍රඩකයන් වෙනස් කරන ජාතියේ කණ්ඩායම් ලෙස නොවේ.

වසර 2011 දී අවසන් වතාවට පැවැති ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් පුර්ව තරගයෙන් ඔවුන්  ඕස්ටේ‍්‍රලියාව පරාජය කළේ එවැනි වෙනස්කමක් නොකරමය. ඉන් නොනැවතී ප‍්‍රංශය සමග පැවැති අවසන් මහා තරගයේදිත් කිසිදු වෙනස්කමක් නොකර තරග කරමින් ලෝක කුසලානයේ ජයපැන් බීමට නවසීලන්ත කණ්ඩායමේ සියලූම සගයන්ට අවස්ථාව උදාවී තිබිණි.

කෙසේ වෙතත් නායක රිචී මැකෝ තරම් ස්පි‍්‍රංබොක්ස්ලා හමුවේ ජයපැන් පානය කළ වෙනත් කිසිදු කී‍්‍රඩකයකු නැති තරම්ය.  ඕල්බ්ලැක්ස්ලා හමුවේ ස්පි‍්‍රංබොක්ස්ලා පරාජයට පත්වූ අවස්ථා 19 කදීම මැකෝ එහි සිටියේය.

මෙවර තරගමාලාවේ කැපී පෙනෙන තරුව බවට පත්වී සිටින නවසීලන්තයේ යොවුන් කී‍්‍රඩක ජුලියන් සවීවාට වැඩි අවධානයක් යොමුවන හෙට තරගයේදී සිය සුපුරුදු දස්කම්වලින් පිරිපුන් ජෝ මූඩි, ඩැන් කෝල්ස් සහ ඕවන් ෆ‍්‍රෑන්ක්ස් ආරම්භක පෙළගැස්මට එක්වී සිටින අතර ජුලියන් සවීවා සහ මිල්නර් ස්කඩර්ගේ ආරක්ෂාව යටතේ ෆුල් බෑක් කී‍්‍රඩක බෙන් ස්මිත් ගෝල් කණුව සීමාවේ රැුකවල්ලා සිටිති.

බංකුවේ වාඩිකොට තැබුවත් සොනී බිල් විලියම්ස්, වික්ටර් විටෝ, සෑම් කේන් සහ බෙන් ෆ‍්‍රෑන්ක්ස් අවශ්‍ය වේලාවට පාවිච්ච් කරන අන්දම පුහුණුකරු හැන්සෙන් හොඳින්ම දනී.  


- 077


අදහස් (0)

නවසීලන්තයෙන් එකම වෙනසක් පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.