Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ නැමීබියාව අතර ඊයේ පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්’ පිලට නායකත්වය දුන්නේ 23 හැවිරිදි සෑම් කෙන්ය. බියවීමට කිසිදු කරුණක් නොමැති වූ හෙයින් මෙම තරගයේ දී විවේකයක් ගැනීමේ අභිලාෂයෙන් සිටි නිත්‍ය නායක රිචී මැකෝ කී‍්‍රඩා කළේ අතිරේක කී‍්‍රඩකයා ලෙසිනි.
සෑම් කේන්ට ඊයේ තරගය මෙහෙයවීමේ ආරාධනාව ලැබුණේ පුහුණුකරු ස්ටීව් හැන්සෙන්ගෙනි.
”මම කොණ්ඬේ කපන්න යන්න හෝටලයෙන් පල්ලෙහාට බහිමිනුයි හිටියේ. ස්ටීව් මාව මගදී මුණගැහිලා මේ වැඬේ මට පංගාර්තු කළා.... ඒක මට අදහාගන්නත් බැරිවුණා” යයි කේන් පසුව කීවේය.
නවසීලන්තය තමන්ගේ රග්බි කී‍්‍රඩාවේ අනාගතය පිළිබඳ සිතන්නේ කුමන ආකාරයෙන්ද යන්න වටහා ගැනීමට සෑම් කේන්ගේ හදිසි උසස්වීම කදිම ආදර්ශයක් සපයයි. මේ වනවිටත් අන්තර්ජාතික රග්බි පිටියේ නොමැකෙන නමක් සටහන් කර ඇති නායකයකු වන රිචී මැකෝට පසුව නවසීලන්ත පිලේ නායකයා වන්නේ සෑම් කේන් නොවේ.
මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවෙන් පසුව කී‍්‍රඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින 34 හැවිරිදි මැකෝගෙන් පසුව නවසීලන්ත නායකත්වය බාරගැනීමට සුදුස්සා යයි දැනටමත් වැඩිදෙනාගේ කැමැත්ත හිමිවී ඇත්තේ කිරන් රීඞ්ටය.
එහෙත් රීඞ්ගෙන් පසුව නවසීලන්ත නායකත්වය සඳහා සෑම් කේන් සූදානම් කළ යුතු යයි නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හැන්සන් මහතාගේ අදහසයි. එහි තේරුම අනාගතය සම්බන්ධයෙන් දිගින් දිගටම සැලසුම් කළ යුතුය යන්නයි.
රිචී මැකෝ |
නවසීලන්ත රග්බි පිලේ නායකත්වය යනු නවසීලන්ත අගමැති ධූරය හැරුණු විට සෑම නවසීලන්ත ජාතිකයකුගේම සිහිනයයි. රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1 කණ්ඩායම වන නවසීලන්තය රග්බි කී‍්‍රඩාවේ උමතුවකින් පෙළෙන ජාතියකි.
වසර 120 ක කාලයක් තිස්සේ රග්බි ටෙස්ට් තරග 532 කට සහභාගි වෙමින් එයින් 76% ක ප‍්‍රතිශතයක් ජයග‍්‍රහණය කර ඇති නවසීලන්ත පිලේ ජයග‍්‍රාහී වාර්තාව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාම නවසීලන්ත රග්බි නායකයාගේ පරම වගකීම ලෙසින් සැලකේ.
කෙසේ වෙතත් නැමීබියාවට එරෙහිව පැවති තරගයේදී සෑම් කේන් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පුහුණුකරුවාට ඇත්තේ වඩාත් දීර්ඝ සැලසුමකි.
”නිකම් බලන්න..කණ්ඩායමේ මීළ`ග නිත්‍ය නායකයා වන්නේ කිරන් රීඞ්. ඒත් ඊට පස්සේ එතැනට එන්න ඉන්නේ කවුද?”
”ඔහු (සෑම් කේන්* මේ වෙනකොටත් ලෝකයේ හොඳම රග්බි නායකයන් දෙදෙනකු වන මැකෝ සහ රීඞ්ව දැකලා තියෙනවා. ඔහු (සෑම් කේන්* හොඳ ආධුනිකයෙක් විතරක් නෙමේ ඔහුට නිවැරදි දැක්මක් වගේම යහපත් ආකල්පයකුත් තිබෙනවා” යයි පුහුණුකරු ස්ටීව් හැන්සන් කියයි.
2011 තරගාවලියේදී නවසීලන්තය ලෝක කුසලාන දිනාගත් නමුත් එවර ඔවුන්ට ෆ්ලයිහාෆ් කී‍්‍රඩකයන් තිදෙනකුම අහිමි විය. යම් හෙයකින් මෙවර තරගාවලියේදී නායකා ආබාධයකට ලක්වුහොත් කිරන් රීඞ් පමණක් නොව සෑම් කේන්ද නවසීලන්ත පිල මෙහෙයවීමට සූදානමින් සිටී. ඒ ස්ටීව් හැන්සෙන්ගේ සැලසුමයි.
කේන් තවමත් කී‍්‍රඩා කර ඇත්තේ ටෙස්ට් තරග 25 කට පමණි. එහෙත් ඔහුගේ නායකත්ව ගුණ වටහාගැනීමට නවසීලන්ත රග්බි පුහුණුකරුවාට එය හොඳටම ප‍්‍රමාණවත්ය.
”තරගයේ වඩාත් උණුසුම් කොටසේදී ඔහු ඉතාමත් පැහැදිළි මනසක් සහිතව කී‍්‍රඩා කරන තරුණ හාදයෙක්. මට පේන විදිහට නම් තමා වටා සියල්ලම කඩාහැළෙද්දී ඔහු තමන්ගේ අරමුණ එල්ලයේම යනවා”
”පීඩනය යටතේ කණ්ඩායම මෙහෙයවන්නට බැරිනම් කිසිවකු නායකත්වයට සුදුසු වන්නේ නෑ..මා බලාපොරොත්තු වන්නේ එයයි” යයිද පුහුණුකරු ස්ටීව් හැන්සන් මහතා කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.