Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් පහර මගින් ජය පරාජය විසදීමට සිදු වූ නෙදර්ලන්ත - කොස්ටාරිකා තරගයේ දී ටිම් ක්රූල්ගේ අති විශිෂ්ට දැල් රැකීම මත ගෝල 4-3 ක ජයක් අත්කර ගත් නෙදර්ලන්තය පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් පූර්ව වටයට පැන ගත්තේය.
නෝවාහිල සැල්වදෝර් ක්රීඩාංගණයේදී පැවැති මේ තරගය දඬුවම් පහර මගින් ජයග්රාහකයා තේරීම දක්වා දුරදිග ගියේ නියමිත කාලයෙත්ල ඉන් අනතුරුව ලබාදුන් අතිරේක කාලයේත් ගෝල වාර්තා කිරීමට දෙපිලම අසමත්වීම හේතුවෙනි.
අතිරේක දැල් රකින්නා ලෙස කටයුතු කළ ක්රූල් අතිරේක කාලයේ අවසන් තත්පර කිහිපයේ දී බංකුවේ සිට පිටියට ගෙන්වීමට නෙදර්ලන්ත පුහුණුකරු ගත් ක්ෂණික තීරණය ඉතා සාර්ථක එකක් විය. ඒ අනුව දඬුවම් පහර ගැසීමේ අවස්ථාවේ දැල රැකීම සඳහා ඔහු යොදාගැනීමට ඔවුන්ට ඉඩ ලැබිණි.
අවසානයේ ක්රූල් නෙදර්ලන්තයේ වීරයා බවට පත්විය. ඔහු කොස්ටරිකා පිලේ ප්රබල ක්රීඩකයන් වන බ්රයන් රුයිස්ගේ හා මයිකල් උමානාගේ වේගවත් පහර වළකාලමින් නෙදර්ලන්තයේ ජයග්රහණයට පාර කැපුවේය.
ගෝල රහිතව නිමාවූවත් තරගය පුරා එවැනි අවස්ථා ගණනාවක් නෙදර්ලන්තයට අහිමිව ගියේ කොස්ටරිකාවේ දැල රකින කෝලෝර් නේවස්ගේ දස්කම් මතය. ඔහු මෙවර තරගමාලාවේ වඩාත්ම කැපී පෙනෙන දැල් රකින්නා ද විය.
තරගයේ 21 වැනි මිනිත්තුවේ දී මෙම්පිස් ඩිපේ ලබා දුන් පන්දුවට රොබින් වැන් පර්සි ගැසූ පහරත්ල 29 වැනි මිනිත්තුවේ දී ඩිපේ ගැසූ වේගවත් පහරත්ල 39 වැනි මිනිත්තුවේ දී යාර 35ක දුරකින් සිට වෙස්ලි ස්නයිජර් ගැසූ සුපිරි පහරත් විස්මිත අයුරින් වැළැක්වූ නේවස්, ඉන් නොනැවතී දෙවැනි භාගයේදිත්, අතිරේක කාලයේ දිත් කාර්යබහුල ක්රීඩකයකු බවට පත්ව සිටියේය. ඒ අතරතුර කාලයේ නෙදර්ලන්තයට ගෝලයක් වාර්තා කිරීමට තිබූ අවස්ථා මඟ හරවා දැමීමට ඔහු සමත්විය. නොඑසේ නම් නෙදර්ලන්තයට වේලාසනින්ම ජයග්රහණය සැමරීමට ඉඩ තිබිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.