Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 නේවස්ගේ විශිෂ්ට දස්කම් කොස්ටාරිකා පිල දිනවයි

නේවස්ගේ විශිෂ්ට දස්කම් කොස්ටාරිකා පිල දිනවයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කෙරුණු කොස්ටාරිකා සහ ග්‍රීසිය අතර තරගයෙන් 3-2ක ජයක් වාර්තා කළ කොස්ටාරිකා පිල ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ පළමු වතාවට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එම වාර්තාගත මොහොත කොස්ටාරිකා පිලට උදාකර දුන්නේ ඔවුන්ගේ දැළ රකින ක්‍රීඩක කේලර් නේවස්ය. ඔහු තීරණාත්මක අවස්ථාවේ විස්මිත හැකියාවන් පෙන්නුම් කරමින් සිය රටේ පාපන්දු ලෝලීන්ගේ වීරයා බවට නේවස් පත්විය.

ඔහු ප්‍රතිවාදී දඬුවම් පහර වැළැක්වීමත් සමග 2-2 ක් ලෙස ලකුණු තත්ත්වය සටහන් වූ අතර අවසන් දඬුවම් පහර ලබාගත් නායක මයිකල් උමානා ගැසූ ගෝලයෙන් කොස්ටාරිකා ජයග්‍රහණය තහවුරු විය. මීට පෙර තරගය අතරතුර දීත් දැල් රැකීමේ වගකීම ඉහළින්ම ඉටු කළ නේවස් තරගය පුරා ග්‍රීසියේ ක්‍රීඩකයන් ගැසූ වේගවත් පහර 6ක් දැළ තුළට යා නොදී රැක ගත්තේය.

රෙසිෆි පිටියේ පැවැති මේ තරගය දඬුවම් පහර මගින් ජයග්‍රාකයා තේරීම දක්වා දුරදිග ගියේ නියමිත කාලය අවසන් වෙද්දී දෙපිලම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ සිටි බැවිනි.

තරගයේ පළමු භාගය ගෝල රහිතව නිමාවට පත්වූ අතර දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 7කදී බ්‍රයන් රූස් ග්‍රීසියේ දැල රකින ඔරේටිස් කානීසිස් පසුකර යන පරිදි ගැසූ පහරෙන් කොස්ටාරිකා පිලේ ගෝලය වාර්තා විය. එහෙත්අවසන් මිනිත්තුවේ දී ග්‍රීසියේ තියොෆානිස් ගෙකාස් ගැසූ විශිෂ්ට ගෝලයත් සමග 1-1 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙද්දී තරගය නිමාවට පත්විය.

66 වැනි මිනිත්තුවේ දී කොස්ටා රිකා පිලේ ඔස්කාර් ඩුවර්ටේගේ නීතිවිරෝධි ක්‍රියා කලාපය හේතුවෙන් රතු කාඩ් පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වූ අතර තරගයේ ඉතිරි කාලය ක්‍රීඩා කිරීමට කොස්ටා රිකා පිලට සිදුවූයේ ක්‍රීඩකයන් 10ක් සමගිනි. ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ රතුකාඩ් පතකින් දඬුවම් ලැබූ පළමු කොස්ටාරිකා ක්‍රීඩකයා ද ඔහුය.


අදහස් (0)

නේවස්ගේ විශිෂ්ට දස්කම් කොස්ටාරිකා පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.