Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ්රලියානු පිලේ ආරම්භක පිතිකරුවකු වූ පිලිප් හියුස් ෂෙෆීල්ඞ් පළිහ කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා රෝහල්ගත කරන ලදුව, අද දහවල් අවසන් හුස්ම හෙළීය. සිඞ්නි නුවර ශාන්ත වින්සන්ට් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය අවසන් සුසුම් පොද වා තලයට මුදා හරින විට පිලිප් හියුස් 25 හැවිරිදි වියේ පසුවිය.
”25 හැවිරිදි වියේ සිටියදීම පිලිප් හියුස් තම ජීවිතයෙන් සමුගත් බව අපි ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු” යයි කි‍්‍රකට් ඕස්ටේ්රලියා ආයතනයේ නිල ට්විටර් පණිවුඩයක සටහන් විය.
”මේ දුක්බර අවස්ථාවේදී පිලිප් වෙනුවන්, කි‍්‍රකට් පවුලේ අප සියලූ දෙනාම හදවතින් වැළපෙනවා වගේම පිලිප්ගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් සියලූ දෙනා සමග ශෝකය බෙදාහදා ගැනීමට අපත් සිටිනවා” යයි කි‍්‍රකට් ඕස්ටේ්රලියා මාධ්‍ය නිවේදනයේ සටහන් වී තිබිණ.
පිලිප් හියුස් ප්‍රතිකාර ලද සිඞ්නි ශාන්ත වින්සන්ට් රෝහලේදී අද සවස මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.
ෂෙෆීල්ඞ් පළිහ තරගාවලියේදී දකුණු ඕස්ටේ්රලියානු පිල නියෝජනය කරන පිලිප් හියුස් වික්ටෝරියා ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන්නේය.
කෙටි පන්දු වලට මුහුණ දීමේදී තරමක් අසීරුතාවට පත්වන පිලිප් හියුස් වෙත ෂෝන් ඇබට් විසින් එවන ලද පන්දුවකට පහරක් ගැසීමට යාමේදී පහර වැරදී යාමෙන් පන්දුව පිලිප්ගේ වම් කණට පසුපසින් හිසේ වැදිණ.
අනතුරින් පසුව සිහිසුන්ව සිටි පිලිප්ට විනාඩි 30 ක පමණ කාලයක් කෘතිම ස්වසනය සහ ඔක්සිජන් සැපයූ අතර සිඞ්නි කි‍්‍රකට් කී්රඩාංගණයටම ගෙන්වා ගත් හෙලිකොප්ටර් යානයකින් ඔහුව රෝහලට යැවිණ. රෝහලේදී මොළයේ සැත්කමකට මුහුණ දුන් පිලිප් රාතී‍්‍ර දෙකක්ම රෝහලේදී ගෙවා දැමූ අතර නැවත සිහි නොලබාම මෙලොව හැර ගියේය.
විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ පිලිප් හියුස් මුහුණ දුන් සිදුවීම දරුණු මෝටර් රථ අනතුරකට මුහණ දීම හා සමාන තත්ත්වයක් ගන්නා බවයි.
ඕස්ටේ්රලියානු පිල වෙනුවෙන් ටෙස්ට් තරග 26 කට සහ එක්දින තරග 25 කට කී‍්‍රඩා කළ හියුස්ගේ අනපේක්ෂිත සමුගැනීම ලෝකය පුරා කි‍්‍රකට් ප්‍රජාවගේ මහත් ශෝකයටත් විමතියටත් හේතු වී තිබේ.
ලබන වසරේදී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වීමට සූදානම් වන ඕස්ටේ්රලියාවට මෙම ප්‍රවෘත්තිය අදහා ගැනීමට බැරි ශෝකාන්තයක් වී තිබේ.
”අපේ ජාතික කී්රඩාට අවතීර්ණ වූ තරුණයකුට අත්වූ මේ ඉරණම අදහාගැනීමටත් බැරි කතාවක්” යයි ඕස්ටේ්රලියානු පිලේ හිටපු කඩුලූ රකින්නා මෙන්ම පිලිප්ගේ කණ්ඩායම් සගයකු වූ ඇඩම් ගිල්කි‍්‍රස්ට් පැවසීය.
මේ අතර සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට ගිලන් රථයක් යැවීමට ගතවූ කාලය සම්බන්ධයෙන්ද දිගින් දිගටම ප්‍රශ්න මතුකෙරෙමින් පවතී.
මෙම අනතුර සිදුවීමෙන් පසුව ගිලන් රථයක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් වීම නිසා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගිලන් රථ සේවාවේ ප්‍රධානියා අද (බ්‍රහස්පතින්දා) ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිවරයා හමුවට පැමිණවීමට නියමිතය.
පළමු ගිලන් රථය සිඞ්නි කී‍්‍රඩාංගණයට පැමිණියේ විනාඩි 15 කට පසුව බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගිලන් රථ සේවාව පසුව නිවේදනයක් නිකුත් කළේය.
එහෙත් ඕස්ටේ්රලියාවේ පවතින නීති රීති සහ නිල වාර්තා අනුව ‘ජීවිතයට අනතුරක් ඇති’ අතිශය අවදානම් අවස්ථාවකදී විනාඩි 8 ක් ඇතුළත අදාළ ස්ථානයට ගිලන් රථයක් සැපයිය යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.