Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කේප් ටවුන්හි නිව්ලෑන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය නිමා වීමට තවත් දිනයක් ඉතිරිව තිබියදීම ඉන් ලකුණු 72 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (8 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 135 කට සීමා කිරීමට වර්නන් පිලැන්ඩර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ පිලැන්ඩර් ලකුණු 42 කට කඩුලු 6 ක් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.
තරගයේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගත් පිලැන්ඩර්, පළමු ඉනිමේදී ලකුණු 33 කට දවාගත් කඩුලු 3 ත් සමගින් මෙම තරගයේදී ලකුණු 75 කට දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 9 කි. ඉන්දීය දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පිලැන්ඩර්ට අනගි සහායක් දුන් මෝනි මෝකල් සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් දවාගත්හ.
ඉන්දීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රවිචන්ද්‍රන් අෂ්වින් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර නායක විරාට් කෝලි ලකුණු 28 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
තෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා අද දිනයේදී අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු තවත් ලකුණු 65 ක් පමණි. එහිදී ඒ.බී. ඩිවිලියස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළේය.
ජස්ප්‍රීට් බුම්රා සහ මොහොමඞ් සාමි කඩුලු 3 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අසරණ කළ අතර බුවනේෂ්වර් කුමාර් සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දකුණු අප්‍රිකාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 286
(ඒ.බී. ඩිවිලියර්ස් 65, ෆෆ් ඩුප්ලෙසීස් 62, ක්වින්ටන් ඩි’කොක් 43, වර්නන් ෆිලැන්ඩර් 23, කේෂව් මහරාජ් 35, කගීසෝ රබාඩා 26, බුවනේෂ්වර් කුමාර් 87/4, රවිචන්ද්‍රන් අශ්වින් 21/2)
ඉන්දියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 209
(චෙටේෂ්වර් පුජාරා 26, හර්දික් පාණ්ඩ්‍යා 93, බුවනේෂ්වර් කුමාර් 25, වර්නන් ෆිලැන්ඩර් 33/3, කගිසෝ රබාඩා 34/3, ඬේල් ස්ටේන් 51/2, මෝනි මෝකල් 57/2)
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 130
(ඒඞ්න් මාක්‍රම් 34, ඩීන් එල්ගා 25, ඒ.බී. ඩිවිලියස් 35, මොහොමඞ් සාමි 28/3, ජස්ප්‍රීට් බුම්රා 39/3, හර්දික් පාණ්ඩ්‍යා 27/2, බුවනේෂ්වර් කුමාර් 33/2)
ඉන්දියාව දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 135
(ශිකර් ධවාන් 16, විරාට් කෝලි 28, රවිචන්ද්‍රන් අෂ්වින් 37, වර්නන් ෆිලැන්ඩර් 42/6, කගිසෝ රබාඩා 41/2, මෝනි මෝකල් 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.