Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පළමු ටෙස්ට් තරගය ගැන ඕස්ටේ‍්‍රලියාව වැට උඩ

පළමු ටෙස්ට් තරගය ගැන ඕස්ටේ‍්‍රලියාව වැට උඩ

ශනුක අරවින්ද - 2014 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පිලිප් හියුජ්ස්ගේ සංවේගදායක මරණය නිසා  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ලබන සතියේ බි‍්‍රස්බේන්හිදී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේද, නැද්ද යන්න පිළිබඳව මේ වන විට සැක මතුවී තිබේ. ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන විමසීම් හමුවේ ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය සිය මතය පළකිරීම කල් දමමින් සිටී.

මෙම කණගාටුදායක මරණය නිසා සංචාරක ඉන්දීය පිල සහ  ඕස්ටේ‍්‍රලියා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙදින තරගයද අත්හැර දැමූ අතර හියුස්ට ගෞරව දැක්වීම සඳහා පාකිස්තානය සහ නවසීලන්තය අතර සාජාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ කී‍්‍රඩාව සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලදි. මෙම තරගයේ දෙවැනි දිනය හෙට (28 වැනිදාට) පැවැත්වේ.

 ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු වැන්න දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මෙම ශෝක ජනක මරණය සිදුනොවූයේ නම් මේ වන විට ආබාධයකට ගොදුරුවී සිටින  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායෙම් නිත්‍ය නායක මයිකල් ක්ලාර්ක්ගේ හිදැස පිරවීම සඳහා හියුස් තෝරාගනු ඇතැයි බොහෝ දෙනාගේ අනුමානය වී තිබිණ.

පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේද, නැද්ද යන්න පිළිබඳව සිඞ්නි රෝහලේදී මාධ්‍ය වේදීන් අසා සිටි අවස්ථාවේ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාළක මණ්ඩලයේ සභාපති ජේම්ස් සදර්ලන්ඞ් මහතා පැවසුවේ තමන් තවමත් ඒ තරම් දුරට සිතා නැති බවයි.

”අවංකවම කියනවා නම්, මෙම වාතාවරණය මත ලබන සතියේදී එම තරගය පැවැත්වීම එතරම් සුදුසු නැහැ කියලයි අපි හිතන්නේ” යනුවෙන් හෙතෙම පිළිතුරු දුන්නේය.

”මේ වෙලාවේ මුළු  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ක්ෂේත‍්‍රයම හියුස් වෙනුවෙන් වැළපෙනවා. අපට අවශ්‍ය කරන්නේ හියුස්ගේ පවුලේ උදවියට අවශ්‍ය සියලූම උදව් උපකාර කිරීමයි” යැයිද සදර්ලන්ඞ් මහතා කියා සිටියේය.

නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ ෂෝන් ඇබට්ගේ කෙටි පන්දුවක් හමුවේ මෙම අනතුරකට මුහුණපාන විට හියුස්, දකුණු  ඕසටේ‍්‍රලියානු පිල වෙනුවෙන් ලකුණු 63 ක් රැස්කරගෙන සිටියේය.

ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර්, තුන් ඉරියව් කී‍්‍රඩක ෂේන් වොට්සන්, පිට දඟ පන්දු යවන කී‍්‍රඩක නේදන් ලයන් සහ කඩුලූ රකින කී‍්‍රඩක බ‍්‍රැඞ් හැඞ්න් යන කී‍්‍රඩකයෝද නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගයට කී‍්‍රඩා කළහ. මෙම කී‍්‍රඩකයෝ සිව්දෙනාම ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමට තෝරා ගන්නා ලද  ඕස්ටේ‍්‍රලියානු සංචිතයට ඇතුළත්ව සිටිති.

මෙම මාරක අනතුර හේතුවෙන් ෂෙෆීල්ඞ් පළිහ තරගාවලියේ මේ දින වල පැවැත්වෙමින් තිබූ අදියර අත්හිටුවීමටද එහි සංවිධායකයන් පියවර ගෙන තිබේ.

හියුස්ගේ මරණය පිළිබඳව වාර්තා වීමටත් පෙරම  ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් කණ්ඩායමේ හිටපු පිතිකරුවකු වන ඬේමියන් මාටින් කියා සිටියේ සංවිධායකයන් පළමු ටෙස්ට් තරගය කල් දැමිය යුතු බවයි. හිටපු වේගපන්දු යවන්නකු වන බ්‍රෙන්ඩන් ජූලියන් කියා සිටියේ පළමු ටෙස්ට් තරගය සහමුලින්ම අත්හැර දැමිය යුතු බවයි.

 ඕසටේ‍්‍රලියානු ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක ඇලන් බෝඩර් ඒ සම්බන්ධයෙන් කියා සිටියේ යම් හෙයකින් තරගය පැවැත්වුද, තේරීම් කමිටු නිලධාරීන් කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් අනුකම්පා සහගතව කටයතු කළ යුතු බවයි.

”විශේෂයෙන්ම මේ සිදුවීම වන අවස්ථාවේදී පිටියේ සිටි කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් තේරීම් කමිටුව වඩාත් සානුකම්පිත විය යුතුයි. බොහෝ විට මේ අවස්ථාවේදී කී‍්‍රඩා කිරීමට තරම් සුදුසු මානසිකත්වයක ඔවුන් නොසිටිනවා ඇති” යයිද ඇලන් බෝඩර් මහතා ‘ෆොක්ස් ස්පෝට්ස්’ සේවයට පැවසීය.

කෙසේ වුවත්  ඕසටේ‍්‍රලියානු ටෙස්ට් කණ්ඩායමේ තවත් හිටපු නායකයකු වන ඉයන් චැපල් කියා සිටියේ ටෙස්ට් තරගය පැවැත්වීමට හියුස් නම් කැමති ඇති වනු බවයි.

”සමහර විට මේ අවස්ථාවේදී කළ හැකි හොඳම දේත් පුහුණුවීම් කිරීම සහ තරගයට සහභාගි විය වියහැකියි. මොකද ඔබ පුහුණුවීම් කරත්, තරගයට කී‍්‍රඩා කළත් ඒ වෙලාවේදී ඔබට සිතන්න වෙනත් දෙයක් තියෙනවා”

”ෂෙෆීල්ඞ් පළිහ තරගාවලියේ මෙම අදියර අත්හිටුවීමට සංවිධායකයන් ගත් පියවර නිවැරදියි. ඒත් මා හිතනවා පළමු ටෙස්ට් තරගය පැවැත්වෙනවා නම් පිලිප් ඊට කැමති වනු ඇති කියා.” යැයිද චැපල් මහතා කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට පෙර, තදබද වූ තරග ලැයිස්තුවක් තිබියදීත් මෙම පළමු ටෙස්ට් තරගය කල් දැමීමට සිදුවුවහොත් එය සංවිධායකයන්ට දැඩි අභියෝගයක් වනු ඇත. දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය, පළමු වැන්න අවසන් වී දින 4 ක් ගෙවෙන විට එනම් දෙසැම්බර් 12 වැනිදා ඇඩිලේඞ්හිදී ආරම්භ වීමට නියමිතය.

තෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් මස 26 වැනිදා මෙල්බර්න්හිදීද, සිව්වැනි තරගය ජනවාරි මස 4 වැනිදා සිඞ්නිහිදීද පැවැත්වීමට නියමිතය.


අදහස් (1)

පළමු ටෙස්ට් තරගය ගැන ඕස්ටේ‍්‍රලියාව වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.