Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ප්‍රංශ පාපැදි සවාරියේ ජය මහ බ්‍රිතාන්‍යයේ ෆෝම්ට

ප්‍රංශ පාපැදි සවාරියේ ජය මහ බ්‍රිතාන්‍යයේ ෆෝම්ට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිලෝ මීටර් 3540 ක දුරකින් සමන්විත වූ 104 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ සමස්ත ශූරතාව දිනාගැනීමට මහ බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත් විය. අදියර 21 කින් සමන්විත වූ මෙවර තරගාවලිය ජයගැනීම සඳහා ෆෝම්ට ගත වූ මුලු කාලය පැය 86 යි විනාඩි 20 යි තත්ත්පර 55 කි.

ෆෝම් නියෝජනය කළ ‘ස්කයි’ කණ්ඩායම සමස්ත තරගාවලියේ කණ්ඩායම් ශූරතාව දිනාගත් අතර පෝලන්තයේ මිචෙල් ක්වියාට්කොව්ස්කි, මහ බ්‍රිතාන්‍යයේ ලුක් රෝව් සහ ජර්මනියේ ක්‍රිස්ටියන් නීස් ‘ස්කයි’ කණ්ඩායම නියෝජනය කළ සෙසු සාමාජිකයෝ වූහ.

ෆෝම්ට වඩා තත්ත්පර 54 ක් පසුපසින් සිටි කොලෙම්බියාවේ රිගොබර්ටෝ ඌරන් සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව තරගයේ දෙවැනි ස්ථානයට හිමිකරගත් අතර ෆෝම්ට වඩා විනාඩි 2:20 ක් පසුපසින් සිටි ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් එහි තෙවැනි ස්ථායට පත් විය.

මෙවර පාපැදි සවාරියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියාවේ මයිකල් මැතිවුස් සම්මාන දිනාගත් අතර දක්ෂතම කඳු නගින්නා ලෙස ප්‍රංශයේ වැරෙන් බර්ගුයිල්ද, දක්ෂතම යොවුන් ක්‍රීඩකා ලෙස මහා බ්‍රිතාන්‍යයේ සයිමන් යේට්ස්ද සම්මාන ලැබූහ.

සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 86.20:55
2 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 86.21:49
3 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 86.22:15
4 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 86.22:16
5 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 86.24:00  
6 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - 86.25:37
7 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - 86.27:09
8 ලුවිස් මේයින්ට්ජෙස් (දකුණු අප්‍රිකාව) - 86.29:15
9 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඤ්ඤය) - 86.29:44
10 වැරෙන් බර්ගුයිල් (ප්‍රංශය) - පැය 86.30:20

 


 

- 036

 


අදහස් (0)

ප්‍රංශ පාපැදි සවාරියේ ජය මහ බ්‍රිතාන්‍යයේ ෆෝම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.