Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ නවසීලන්තය අතර ඩුබායි අන්තර් ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
තරගයේ අවසන් දිනය වූ අද (21 වැනිදා) ලකුණු 261 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියදී ජයග‍්‍රහණය කරා යන ගමන අතහැර දැමීමට තීරණය කළේය.
තේ පානය වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටි පාකිස්තානු පිලට ජයග‍්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 145 ක් අවශ්‍යව තිබූ අතර එම ලකුණු 145 ලබාගැනීම සඳහා ඉතිරිව තිබුණේ පැය දෙකක් පමණ කාලයකදී යැවෙන ඕවර 30 ක් පමණි. එහෙත් ලකුණු 149 දී යුනිස් ඛාන් දැවී යාමෙන් පාකිස්තානු පිල පසුපාදයට වැටුණේ ඉතිරි ඕවර කිහිපයේදී කඩුලූ 5 ක් අහිමි කරගැනීම යනු නවසීලන්ත පිලට තරගාවලිය සම කිරීමට අවස්ථාවක් ලැබෙන බැවිනි.
එබැවින් මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීම මගින් මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටීමේ වාසිය පාකිස්තානුවෝ රැකගත්හ.
ලකුණු 10 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත පිල, කඩුලූ 9 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට නවසීලන්ත පිලට ආරාධනා කර සිටියේය. එහිදී හතරේ පහර 12 ක් සමගින් තම 12 වැනි ටෙස්ට් ශතකය ලබාගත් රොස් ටේලර්, තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පාකිස්තාන පිලේ දඟපන්දු යවන්නන් සුසංයෝගය වන යසර් ශා ලකුණු 79 කට කඩුලූ 5 ක්ද, සුල්ෆිකර් බාබර් ලකුණු 96 කට කඩුලූ 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
නවසීලන්තය - පළමු ඉනිම - සියලූ දෙනා දැවී 403
(ටොම් ලේතම් 137, බ්‍රෙන්ඩන් මැකලම් 43, කේන් විලියම්සන් 32, රොස් ටේලර් 23, ජේම්ස් නීෂම් 17, බෙන් වෙට්ලින් 39, මාර්ක් කේ‍්‍රග් 43, ටිම් සවුති 17, ඉෂ් සෝධි නොදැවී 32, සුල්ෆිකර් බාබර් 137/4, ඒසන් අදිල් 73/2, යසර් ශා 92/2)
පාකිස්තානය - පළමු ඉනිම - සියලූ දෙනා දැවී 393
(තව්ෆීක් උමාර් 16, අසාර් අලී 75, යුනිස් ඛාන් 72, මිස්බා උල් හක් 28, අසාද් ශෆීක් 44, සෆ්රාස් අහමඞ් 112, රාහට් අලී නොදැවී 16, ටිම් සවුති 67/3, ටේරන්ට් බෝල්ට් 69/2, ඉෂ් සෝධි 92/2)
නවසීලන්තය - දෙවැනි ඉනිම - කඩුලූ 9 දැවී 250
(බ්‍රෙන්ඩන් මැකලම් 45, රොස් ටේලර් 104, මාර්ක් කේ‍්‍රග් 34, ටිම් සව්ති 20, සුල්ෆිකර් බාබර් 96/4, යසර් ශා 79/5)
පාකිස්තානය - දෙවැනි ඉනිම - කඩුලූ 5 දැවී 196
(ශාන් මසූද් 40, අසාර් අලී 24, යුනිස් ඛාන් 44, අසාඞ් ශෆීක් නොදැවී 41, සෆ්රාස් අහමඞ් නොදැවී 24, ටේරන්ට් බෝල්ට් 12/2, මාක් ක්‍රෙග් 66/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.