Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඉරිදා (29) පැවැත්වෙන පිරිමි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත්ව සිටිති.
පළමු අවසන් පූර්ව තරගයේ දී සිය රටේහිම ප්‍රතිවාදී ක්‍රීඩක ස්ටැන් වර්වින්කා පරදවා අවසන් තරගයේ දොරටු විවර කරගැනීමට ෆෙඩරර් සමත්වූ අතර නඩාල් අවසන් තරගයට එක්වූයේ බල්ගේරියාවේ ග්‍රෙගරි ඩිමිට්රොව් පරාජය කරමිනි.
මීට වසර කිහිපයකට පෙර ලෝක ටෙනිස් පිටියේ ඉදිරියෙන්ම පසුවූ ෆෙඩර්ර්ට සහ නඩාල්ට මෙවර ඕස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් කඩඉමට සේන්දු වීමේ වාසනාව අත්වූයේ වර්තමානයේ අන්තර්ජාතික පිරිමි ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සහ දෙවැන තැන සිටින සර්බියාවේ නොවැක් ජොකෝවික් දෙදෙනාම තරගාවලිය මැද දී ඉවතට විසීවීමෙනි.
මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන පසුවන නඩාල් මෙන්ම 17 වැනි තැන රැඳී සිටින ෆෙඩරර් ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයකදී මුණගැසෙන්නේ වසර 5 කට පසුවය. පැරැණි ප්‍රතිවාදීන්ගේ අලුත් හමුව සිදුවන්නේ සෑහෙන කාලයක් විවිධ ආබාධවලටත්, ශ්‍රේණිගත කිරීම්වලින් පහළටත් ඇද වැටීමෙන් පසුවය.
ෆෙඩරර් මේ බලා සිටින්නේ සිය 18 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ අත්පත් කරගැනීමටය. 2012 විම්බල්ඩන් කිරුළ දිනුවාට පසු ඔහු මේ දක්වා ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලානයක් දිනා නොමැත. අනිත් අතට ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 14 ක් දිනා සිටින නඩාල් අවසන් වතාවට ජයගත්තේ 2014 ප්‍රංශ විවෘත තරගාවලියයි.
මීට පෙර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාව 4 වරක් දිනා ඇති ෆෙඩරර්ගේ අවසන් ජයග්‍රහණය වාර්තා වූයේ 2010 දීය. වසර 2009 දී ෆෙඩරර් පරදවා ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ දිනාගැනීමෙන් පසුව නඩාල් මේ මාන බලන්නේ දෙවැනි ශූරතාව දිනාගැනීමටයි.
ටෙනිස් ක්‍රීඩාවේ දැවැන්තයන් ලෙස දශකයකට වැඩි කාලයක් සිය ආධිපත්‍යය පතුරුවාලමින් සිටි 35 හැවිරිදි ෆෙඩරර් සහ 30 හැවිරිදි නඩාල් අවසන් වරට ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයකට එක්වූයේ 2011 ප්‍රංශ විවෘත තරගාවලියේ දීය. නඩාල් එහි දී ජය ගත්තේය.
වසර 2006 ප්‍රංශ විවෘත තරගාවලියේ දී පළමු වරට අවසන් තරගයකදී එකිනෙකා හා තරග කළ ටෙනිස් පිටියේ පැරැණි පසමිතුරන් දෙදෙනා මේ දක්වා ග්‍රෑන්ඞ් ස්ලැම් අවසන් තරග 8 කදී එකිනෙකා හා ගැටුණු අතර ඉන් තරග 6 ක්ම ජයගැනීමට සමත්වූයේ නඩාල්ය. ෆෙඩරර් ජයගත්තේ තරග 2 ක් පමණි.
එසේ වුවත් දීර්ඝ කාලයකට පසුව එකිනෙකා හා තරග වැදීමට බලා සිටින දෙදෙනාම දස්කම් අතින් ඔවුන්නොවුන් පරාජය කිරීමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වනු ඇත
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.