Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේ ක්වීන් එලිසබෙත් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී ආජන්ටිනාවේ පූමාස්ලාට එරෙහිව අද (30 වැනිදා) පැවැත්වෙන තරගයේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කිහිපදෙනකුම ස්පි‍්‍රංබොක්ස්ලාගේ ජර්සිය ඇඳගන්නේ අවසන් වතාවටය. සැනසිලි ත්‍යාගයක් වුණත් තුන්වැනි ස්ථානයේ ලෝකඩ පදක්කම දිනාගනිමින් ඔවුන්ට සාඩම්බර සමුගැනීමක් අත්කරදීම කණ්ඩායමේ සිටින තමා ඇතළු තරුණ ස්පි‍්‍රංබොක්ස්ලාගේ එකම අදිටන බව ජෙසී ක‍්‍රයිල් කියයි.
”අපේ ඇතැම් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගේ අන්තිම තරගය මෙයයි”
”අපි කිහිපදෙනෙක් එකතුවෙලා මේ ගැන කතා කළා. ඔවුන්ට කරන ගෞරවයක් හැටියට අද තරගය කොහොමහරි දිනන්නයි අපි බලන්නේ. ඔවුන්ට පෙන්වන්න ඕනා දකුණු අපි‍්‍රකාවට ඔවුන් කොයිතරම් වැදගත් පිරිසක් ද කියලා.” යයි ජෙසී ක‍්‍රයිල් පැවසීය.
වසර 2007 ලෝක කුසලාන තරගමාලාවට කී‍්‍රඩා කළ ස්පි‍්‍රංබොක්ස් කී‍්‍රඩකයෝ 8 දෙනෙක්ම මෙවර තරගමාලාවටද එක්වී සිටිති. එබැවින් නිසැකවම ඉන් කිහිපදෙනකුට අද තරගය ඔවුන්ගේ සමුගැනීමේ මොහොත උදාකරදෙනු ඇත. ඒ අතර සිටින වික්ටර් මැට්ෆීල්ඞ්ට නම් ඉහළම ගරුත්වය ලබා දෙමින් අද තරගයේ දී නායකත්වය පිරිනමා තිබේ.
පුහුණුකරු හේනික් මේයර් මේ තීරණය ගත්තේ ඔවුන්ගේ නිත්‍ය නායක ෆෝරි ඩුපී‍්‍රස්ගේ ආබාධය තවමත් සුවඅතට පත්වී නොමැති නිසාය. ඔහු ඒ ආබාධයට ගොදුරුවූයේ නවසීලන්තය සමග පැවැති තරගය අතරතුරදීය. ඔහු වෙනුවට ස්ක‍්‍රම් පොදිය ශක්තිමත් කිරීමට රුආන් පීනාර් එක්වී සිටී.
ආජන්ටිනාවේ පුමාස්ලාගේ නිත්‍ය නායක ඔගස්ටින් කී‍්‍රවිත් අද තරගයට නැත. ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති අවසන් පූර්ව තරගය අතරතුර ආබාධයට ලක්වූ කී‍්‍රවි වෙනුවට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ ලෝක කුසලාන රග්බි තරගමාලාවේ මෙතෙක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින නිකොලස් සැන්චේස්ටය.
මේ වනවිට ලකුණු 89 ක්ම රැස් කොට සිටින මේ තරුණ කී‍්‍රඩකයා පූමාස්ලා මෙහෙයවන්නේ පළමුවතාවටය. ඒත් එක්කම කණ්්ඩායමේ වෙනස්කම් 9 ක්ම කර ඇත්තේ තිබෙන්නේ ස්පි‍්‍රංග්බොක්ස්ලාට එරෙහිව දැඩි සටනක් දීමේ අදහසිනි.
දෙපිල අතර රග්බි තරග ඉතිහාසයේ ඉදිරියෙන් පසුවන දකුණු අපි‍්‍රකාවට අද තරගයෙන් ජයගැනිම එතරම් අපහසු නැතැයි විචාරකයෝ කියති. ඔවුහු මේ වෙද්දී පූමාස්ලා සමග පැවැති තරග 21 න් 19 ක්ම ජයගෙන සිටිති. පූමාස්ලා ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. අනික් තරගය කෙළවර වූයේ ජයපරාජයෙන් තොරවය.
අද තරගය ලෝක කුසලාන තරගමාලාවේ අවසන් තරගය නොවුණත් ජයග‍්‍රහණය හැර වෙනත් යමක් බලාපොරොත්තු නොවන බව ස්පි‍්‍රංබොක්ස්ලාගේ සහය පුහුණුකරු ජෝන් මැක්ෆාර්ලන්ඞ් කියයි.
”මේ අවුරුද්දේ අපි ගහන අන්තිම රග්බි ටෙස්ට් තරගය මෙයයි”
”අපි මේ තරගමාලාවට සූදානම් වුණේ මාස 6 ක පමණ කාලයේ ඉඳලයි. අපි හැමෝම එදා ඉඳලා හරියට මහන්සි වුණා. කොල්ලෝ ටික ඔවුන්ගේ උපරිම සහය දුන්නා. ඒ නිසා අපට ඔවුන්ගෙන් මිට වඩා යමක් ඉල්ලන්න බෑ”
”තුන්වැනි තැන දැන් ඉතින් කමක් නෑ. අපිට සතුටු වෙන්න පුලූවනි” යයි මැක්ෆාර්ලන්ඞ් කීවත් ප‍්‍රධාන පුහුණුකරු හේනික් මේයර් නම් තුන්වැනි තැන තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැත. ඔහු ස්පි‍්‍රංග්බොක්ස්ලා තුන්වැනි තැන දිනාගැනීම ගැන කියන හැම කතාවක්ම එහෙම පිටින්ම හෙලා දකියි.
”ඔබ දකුණු අපි‍්‍රකානුවෙක් නම්, ඔබ ස්පි‍්‍රංබොක් කෙනෙකු නම්, ඉලක්කය ඉහළ එකක් වෙන්න ඕනා”
”තරගයකට හරි නිකමට හරි බොක්ස්ලාගේ ජර්සියක් ඇඳගත්තා නම් ඒකේ ගෞරවය තියන්න ඕනා. ඒ ජර්සිය ඇඳගත්තා කියන්නේ රටේ නම රකින්න වගකීමක් කරට ගත්තා කියන එකයි”
”අනිත් අතින් ගත්තම ස්පි‍්‍රංබොක්ස්ලාගේ පුහුණුකරුවීම ගැන කියන්න මට වචන නෑ. ඒ තරම් මම ඒ ගැන හිතනවා ආඩම්බර වෙනවා. අපි ලන්ඩනයට ආවේ වෙබ් එලිස් කුසලානය ගෙදර ගෙනියන්නයි. නැතුව වෙන එකකට නෙවෙයි.‘ මේයර් එසේ කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.