Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආජන්ටිනා පූමාස්ලාගේ අනුකම්පා විරහිත පරීක්ෂාවට භාජනය වෙමින් මිනිත්තු 55 ක් පුරා කිසිදු උත්සාහක දිනුමක් රැස් කර ගැනීමට අසමත්වූ වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්’ කී‍්‍රඩකයන් ඊයේ ලන්ඩනයේ අතුරු සිදුරු නැතිව පිරී ගිය සුප‍්‍රකට වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේ පැවැති ‘සී‘ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 26-16 ක ජයක් අත්කර ගත්තේ අවසන් අඩ හෝරාවේ ඔවුන් දැක්වූ ‘මියෙම්වා රැකෙම්වා වර්ගයේ සංග‍්‍රාමය නිසාවෙනි.
එතෙක් මෙතෙක් රග්බි ලෝක කුසලාන තරග ඉතිහාසයේ මූලික වටයේ කිසිදු තරගයක් පරාජයට පත්නොවූ මේ නොම්මර එකේ කණ්ඩායමට ඊයේ තරගයේ අවසන් භාගය දක්වාම පීඩනයට පත්ව සිටියේය. පෙරේදා ජපානය හමුවේ දකුණු අප‍්‍රිකාවට සිදුවූ සන්තෑසිය ඔවුන්ගේ පීඩනය දෙගුණ කළේය.
ඒ තරමින්ම පෙරළිකාර එකක් නොවූවත් ඕල් බ්ලැක්ස්ලා පරාජය කිරීමට මීට පෙර අවස්ථා 22 ක්ම උත්සාහ කළ ආජන්ටිනාවට මේ තරගයේ ජයග‍්‍රහණය කළ හැකිවූයේ නම් එය තවත් එක් විපරීතයක් වීමේ අවස්ථාවක්ද තිබිණ.
කී‍්‍රඩාලෝලීන් 89,000 ක වාර්තාගත සංඛ්‍යාවක් අයාගත් මුවින් යුතුව බලා සිටිද්දී තරගයේ පළමු භාගයේදී ලකුණු 13-12 කින් පසුබෑමට ලක්වූ ඕල් බ්ලැක්ස්ලා තවත් ආගාධයට තල්ලූ කර හැරිය පූමාස් පිල දෙවැනි භාගයේ මිනිත්තු දෙකක් ගතවූ තැන ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නිකොලස් සැන්චෙස් කල් යල් බලා සාර්ථකව එල්ල කළ ඔහුගේ තුන්වැනි ද`ඩුවම් පහරින් ලකුණු 16- 12 ක් ලෙස තවත් ඉහළ ගියේය.
කෙසේවුවත් තරගයේ 56 වැනි මිනිත්තුවේදී කිසිදු බුරුලක් නැති පූමාස්ලාගේ ආරක්ෂක වළල්ල බිඳගෙන සීමා ඉර වෙත පිනූ ආරොන් ස්මිත් නවසීලන්තයේ උත්සාහක දිනුම් ඉඩෝරයට පොද වැස්සක් එකතු කිරීමට සමත්විය. එය සිදුවූයේ ප‍්‍රතිවාදී සීමාවට ඔබ්බෙන් එක පොදියට දෙපිලම පන්දුවට පොරකමින් සිටියදීය.
සිය අවසන් ලෝක කුසලානයට කී‍්‍රඩා කරන පළපුරුදු ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඩැන් කාටර් අපහසුවකින් තොරව එය ගෝලයක් බවට පත් කරමින් ඊට තවත් ලකුණු දෙකක් එකතු කරද්දී 19-16 ක් ලෙස ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පළමු වතාවට ඕල් බ්ලැක්ස්ලා සමත්වූහ. ඊට මිනිත්තු දහයකට පසුව දෙවැනි භාගයේ දී තරගයට එක්වූ සෙන්ටර් කී‍්‍රඩක සනී බිල් විලියම්ස්ගේ අනගි පන්දු පිරිනැමීමක් සුරැුකිව ප‍්‍රතිවාදීන්ගේ සීමාවට ඔබ්බෙන් තැබීමට සෑම් කේන් සමත්වනතුරු නවසීලන්ත කී‍්‍රඩකයන් ආපසු හැරී බැලූවේම නැත.
තරගය පුරා ලකුණු 16 ක්ම රැුස්කොට නවසීලන්ත පිලේ ජයග‍්‍රහණයට පාර කැපූ ඩැන් කාටර් එම උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත්කරමින් පූමාස් භීතිකාවෙන් සිය කණ්ඩායම ඉවතට ඇද දැමුවේය. අනතුරුව ලකුණු 26-16 කින් පෙරමුණ ගත් ඕල් බ්ලැක්ස්ලා තරගය නිමාවනතුරු සිය අන්තය ආරක්ෂා කරගත් අතර ඉදිරිපෙළ කී‍්‍රඩකයන් ප‍්‍රතිවාදීන්ට පැත්ත පළාතකවත් එන්නට දුන්නේ නැත.
පිට පිට දෙවැනි වරටත් ලෝක රග්බි කිරුළ දිනාගනිමින් අසමසම වාර්තාවක් තැබීමට බලා සිටින ඕල් බ්ලැක්ස්ලාගේ මානසිකත්වය එහෙම පිටින්ම අවුල්වී ගියේ පළමු භාගයේ දී ඔවුන්ගේ නායක රිචී මැකෝ සහ සෙන්ටර් කී‍්‍රඩක කොන්රඞ් ස්මිත් නීතිවිරෝධී කී‍්‍රඩා රටාව හේතුවෙන් කහ කාඞ් පතෙන් සංග‍්‍රහ ලබා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත තරග තීරක වේන් බාර්න්ස් පියවර ගත් නිසාය.
තරගයේ 29 වැනි මිනිත්තුවේදී සිය නායකයාත්, 36 වැනි මිනිත්තුවේදී සෙසු සගයාත් පිටියෙන් ඉවත්වීමෙන් පසුව ඕල් බ්ලැක්ස්ලාට සිදුවූයේ පළමු භාගය නිමාවනතුරු කී‍්‍රඩකයන් 13 කගෙන් තරගය ඇදගෙන යන්නටය.
නවසීලන්ත බල කඳවුරේ විරෝධයට හේතුවූයේ හුදෙක් මේ සිදුවීම ද්විත්වය පමණක් නොවේ. තරග තීරකවරයා හා නවසීලන්තය අතර කාලයක් පුරා පැවැති ආරෝවත් ඊට අඩුවැඩිය සැපයීය.
වසර 2007 ප‍්‍රංශයේ සත්කාරකත්වයෙන් පැවැති තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ලකුණු 20-18 කින් ප‍්‍රංශය ජයගනිද්දී තරග තීරකවරයා ලෙස කටයුතු කළේ ද වේන් බාර්න්ස්ය. එහිදී ඕල් බ්ලැක්ස්ලාගේ අවාසියට හිටි ඇතැම් තීරණ මතභේදයට තුඩුදුන්නේය.
ඊයේ තරගයේදී එය නැවත අලූත් වූයේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් දෙදෙනකුට කහ කාඞ් පතේ අමිහිරි අත්දැකීම විඳ ගැනීමට ඔහු ඉඩ සැලසූ නිසාය. එහෙත් ඔහු ‘ ඕෆ් සයිඞ්‘ සිටීම නිසා ආජන්ටිනාවේ පැබ්ලෝ මටේරාට කහ කාඞ් පත දී පිටියෙන් ඉවතට දැමුවේ ඊටත් පෙර 9 වැනි මිනිත්තුවේදීය.
තරගයේ විසිවැනි මිනිත්තුවේදී පෙටී පගඩිසවාල්ගේ විශිෂ්ඨ උත්සාහක දිනුමෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ පූමාස් පිල පළමු භාගයේ අණසක පැතිරුවේ ඕල් බ්ලැක්ස් පිලේ නායකයා ඇතුලූ කී‍්‍රඩක යුගලයට කහ කාඞ් පත් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමෙන් ඔවුන්ට ලැබුණ් දඩුවම් පහර ද්විත්වයේ පිහිටෙනි.
තරගයේ ප‍්‍රතිඵලය අවසන් මොහොතේ දී ඕල් බ්ලැක්ස්ලාගේ වාසියට හිටියත් ඔවුන් අනභිබවනීය කණ්ඩායමක් නොවන බව ඊයේ ඉඳුරාම පැහැදිලි විය.
- 077
නවසීලන්ත - ආර්ජන්ටිනා රග්බි තරගයේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ඒ. එෆ්. පී. අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.